Pages

Showing posts with label භාරත සවාරි... Show all posts
Showing posts with label භාරත සවාරි... Show all posts

Tuesday, November 20, 2018

බංගලාදේශයේ සුවිසල් බුදුපිලිමය සොයා ගියෙමි....


ගොඩ දෙනෙක් දන්නව මම නදුන් උයනේ වැඩිපුර ලියන්නේ චාරිකා සටහන් කියල. ලඟ ලඟම දෙවෙනි පෝස්ටුවත් එක් කරන්නයි කල්පනාව.

පසුගිය මාසයේ සති දෙකක රාජකාරිමය අවශ්‍යතාවක් නිසා මම බංගලාදේශයේ සංචාරයක් නිරත උනා. හැමදාමත් වගේ මෙවරත්, යන්න ඉස්සෙල්ලම බැලුවේ ඇවිදින්න යන්න පුලුවන් කොහෙද කියල තමා. ගොඩක් තැන් ගැන විස්තර හොයා ගත්තත්, මගේ ගමනේ මූලික අරමුණ උනේ රාජකාරි කටයුත්තක් නිසා, සංචරණයට හිමි උනේ දෙවෙනි තැන.

නමුත් මගේ වාසනාවට, මට එහිදී හමුවුනා මිතුරෙක් - මම වගේම සංචරණයට කැමති, ඒ වාගේම බ්ලොග් ලියන්නත් කැමති මිතුරෙක්. ඔහුගේ මුසුව මගේ සංචාරක අත්දැකීම් වැඩි දියුනු කලා කියුවොත් නිවැරදියි.

මම බංගලාදේශ සංචාරක සටහන් වලින් පලමුව ලියන්න යන්නේ , බංගලාදේශයේ ඇති විශාලතම බෞද්ධ සිද්ධස්ථානයක් වන ධර්මරාජිකා බෞද්ධ ආශ්‍රමය ගැනයි,

ධකා නගර සීමාව තුලම පිහිටා ඇති, ධර්මරාජිකා බෞද්ධ ආශ්‍රමය වෙත මම ගියේ සවස් වරුවක. ඌබර් ටැක්සියක සහයෙන් ගිය මේ ගමන මම තනියෙන්ම කළ සංචාරයක්. කොහොමහරි අදාල තැනට එද්දි ඈත තියාම මෙම පන්සල හදුනාගන්නට පුලුවන් උනේ වෙහෙරක අනුරුවක් සහිතව ඉදි කර ඇති මේ තුන් මහල ගොඩනැගිල්ල නිසයි. නමුත් මේ ගොඩනැගිල්ල අයත් වෙන්නේ පන්සලේ කොටසක් ලෙස නොව, පන්සලට සමගාමීව පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයේ කොටසක් ලෙසයි.



විහාරස්ථානය ඉදිරිපිට පොලිස් මුරපොලක්ද දක්නට ලැබෙන අතර එවැන්නක් පවතින්නේ ඇයිදැයි පැහැදිලි නෑ. අනිත් කාරනය තමා මෙහි කිසිවෙකුටත්, ඉංග්‍රීසි භාශාව තේරුම් ගැනීමට හෝ  කතා කිරීමට හැකියාවක් නෑ.

මම පංසල් බිමේ තවත් ඉදිරියට යන විට හමු වුනේ රන්වන් ලෝහමය බුද්ධ ප්‍රතිමාවක්. සමාධි සුවයෙන් වැඩ සිටින බුදු පිලිම වහන්සේ, ලංකාවේදී අපි දකින බුදුපිලිම තරමින්ම සියුම් නිමාවක් දකින්නට ලැබුනේ නෑ. නමුත් මාගේ වඩාත්ම හිත ගියේ බුදු පිලිමයට පිටු පසින් ටෙරාකොටා ක්‍රමයට අඹා  ඇති බුද්ධ ප්‍රතිමා 4 වෙතයි. එකිනෙකට වෙනස් මුද්‍රා 4 කින් යුත් මේ නිර්මාණ අතරින් දකුණු පසින් ඇති රූපය දුටු විට මාහට මතකයට නැගුනේ ඉන්දියාවේ සාරානාත් බුදු පිලිමයයි.

මෙම කුඩා බුදුපිලිමය පසු කර ඉදිරියට යන විට දකුනු පසින් ඇති විශාල පොකුණත්, එය අවසානයේ ඇති විශාල හිටි බුද්ධ ප්‍රතිමාවත් දැකගන්න පුලුවන්. අන්තර්ජාලයහරහා දැනගත් විදිහට, මෙම හිටි පිලිමය බංගලාදේශයේ ඇති විශාලතම බුද්ධ ප්‍රතිමාවයි. කලක් බෞද්ධ සංස්කෘතිය පැතිරී තිබූ භූමියක, මෝගල් අධිරාජ්‍යයේ බලපෑම නිසා ඉපැරණි බෞද්ධ නටඹුන් සියල්ලම විනාශවී ඇති බවක් තමයි මට හැඟී ගියේ.



විතර්ක මුද්‍රාවෙන් වැඩසිටින හිටිපිලිම වහන්සේ රෝස පැහැති විශාල පියුමක් මතින් නැගී සිටින ආකාරයක් ඉතා අලංකාරව මෙහි නිමවා තිබෙනවා. රන් වන් පැහැයෙන් දිදුලන බුදු පිලිම වහන්සේ මුහුණපා සිටින්නේ ඊට ඉදිරියෙන් ඇති, විශාල පොකුණ දෙසයි. ලංකාවේද ආරක්ෂිත වැටකදී යොදාගන්නා ඇත් රුව, යුගල ඇති රූ ආකාරයෙන් මෙහිදී යොදගෙන තිබෙන බවත් පෙනී ගියා.



මෙම සුවිශාල බුදු පිලිමයට අමතරව, බුද්ධ මන්දිරය තුල විශාල සැතපෙන පිලිමයක්ද දැකිය හැකියි. එය කිරිගරුඬ පිලිමයක් ලෙස පෙනී ගියත්, එය නිමවා ඇත්තේ කෙලෙසදැයි හරියටම පැහැදිලි නෑ. නමුත් බුදු මන්දිරයේ සම්පූර්ණ දිගම භාවිතවෙන ආකාරයෙන් මෙම අලංකාර පිලිමය නිමවා තිබෙනවා. 

මීට අමතරව මෙම ස්ථානයේ අපගේ ආකර්ශනය ලබා ගන්නා අනෙක් නිර්මාණය වන්නේ  වර්ණ වීදුරු කැබලි යොදාගෙන කර ඇති බුද්ධ රූපයයි. මෙහි මුස්ලිම් පල්ලි ආශ්‍රිතව බහුල මෙම ශිල්ප ක්‍රමය යොදා ගෙන ඉතා අලංකාර ලෙස මෙම බුදු රුවත් සකසා ඇති බව කිව යුතුයි. 



ඉතා කෙටි චාරිකාවක් උනත්, විදෙස් රටකදී - විශේෂයෙන්ම මුස්ලිම් ආගමික රටකදී දුටු බෞද්ධ සලකුණු දැකීමෙන් මාගේ සති අන්ත හවස් වරුව සතුටින් ගත කරන්නට හැකියාවක් ලැබුණා. 

මීලගට සංචාරක සටහන් ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට යන්නේ මෝගල් අධිරාජ්‍යයේ රජ මැදුරක් වූ, ධකා වල පිහිටි ටජ් මහල වැනි ස්මාරකයක් ගැනයි. 

කලකින් පසු ලියූ ලිපිය ගැන ඔබේ අදහස් පහතින් දක්වා යන්න. 

Sunday, July 31, 2011

කේවල් කිරීම මුල සිට සරලව... අදම ඉගෙන ගන්න...

අදත් මම කියන්න යන්නේ මගේ චාරිකා සටහනක් තමයි...
හැබැයි විශේෂ තැනක් ගැන නම් නොවෙයි. මගෙ අත්දැකීමක් ගැන.
දැන් කියන්න බලන්න මෙතනින් ත්‍රී වීල් එකක ගමනක් ගියපු නැති එක්කෙනෙක් ඉන්නවනම්.... ? මම හිතන්නේ නැතුව ඇති... අපි හැමොම ත්‍රී වීල් වල ගමන් බිමන් යනවනේ...

ඔන්න මම කියන්න යන්නේ මම ඉන්දියාවේ චෙන්නායි වලදි ත්‍රී වීල් වල ගියපු හැටි තමයි...

හැබැයි ඉතින් මුලින්ම කියුව මේව ලන්කාවේ ක්‍රියාවේ යොදවල එහෙම මාස ගානක් තෙල් සාත්තු කරන්න උනොත් මට බනින්න එපා...
මම මේක මේ ලියල තියන්නේ කට්ටිය චෙන්නායි වල ගියොත් විතරක් කරල බලන්න .. හොඳේ....

ඔන්න ඉතින් ගමනක් යන්න පාරට බැස්ස කියමුකෝ.. දැන් ත්‍රීවීල් එකක් අල්ලගන්නයි මට ඔනේ.. පාරේ අය්නට වෙල ඉන්නකොට ඔනේතරම් ත්‍රීවීල් එනව. ඔන්න මම එකකට අත දාල නැවැත්තුව කියමුකෝ..

ඔන්න මම යන්න ඕන තැන කියල අහනව "හවු මච් ?" කියල..
මෙන්න බුවා කියනව 250 යි කියල...
කියපු හැටියම මම අතකුත් ගසල දාල ආපහු හැරෙනව....
මෙන්න බලද්දි පිටිපස්සෙන් ත්‍රී වීල් 3ක් විතර නවත්තගෙන බලන් ඉනන්වා...
ඔන්න මම පිටිපසෙ එක ලඟට යනකොටම අර ඉස්සෙල්ල 250 කියුව මැන් කියනව මෙහෙම...

" බොස් .. බොස්... කම් " කියල.....

එතකොට මැන් කියනව... "ගිවු මී 220" කියල...
මෙන්න මම අඩු කරන්න කියන්නත් ඉස්සෙල්ල 30ක් අඩු කරල... ඒ කියන්නේ

ලන්කාවෙ ගානෙන් නම් 75ක් අඩු කරල.. :)

එතකොට මම කියනව "ටෙල් මී යුවර් බෙස්ට් ප්‍රයිස්" කියල... මෙන්න මූ කියපි 200 යි කියල...

එතකොට මම කියනව "විල් ගිව් 100... " කියල....

මෙන්න මූට මල පනින වෙලාව....

ඇයි යකඩෝ 250 හයර් එකක් 100 ට යන්න... ඔන්න බුවා කියනව...
"දෙන් ගිවු 180 කියල... "

මම කියන්ව "එවුරිඩේ ගොයින්ග් 100" කියල... ඒ කියන්නේ හැමදාම යන්නේ 100 ට කියන එකනේ... [එහේ ගිහින් කඩ්ඩ කොටන්න ඔනේ එහෙ කට්ටියගෙ කඩ්ඩෙන්ම තමයි.. :පී]

දැන් පිටිපස්ස හැරිල බැලුවහම ත්‍රීවිල් 5-6 ක් නවත්තල.... වෙලාවකට බයත් හිතෙනව මුන් ඔක්කොම එකතු වෙලා දීල අදීද කියලත්...ඇයි මේ කෙවල් කරන විදිහට....

ඔන්න දැන් මම කියනව මම 120ක් දෙන්නම් යමුද කියල...
බුවා ඉන්නෙ 180 නෙ...
ඔන්න දැන් 160 කියනව...

මම කියනව..

මැක්සිමම් 140 කියල....

මෑන් කියන්ව ටෙන් රුපීස් මෝර් ...කියල....

ඔන්න එතකොට මම අයෙත් ආපහු හැරිල යන්න හදනව පස්සේ ත්‍රී වීල් එකට...

මෙන්න බුවා කියනව... ඕකේ ඕකේ.. කියල...

ඔන්න ඉතින් 250 කියුව ත්‍රීවීල් ගාස්තුව 140 ට අඩු කරගන්න අන්න එහෙමයි...
ඒ කියන්නේ මුලින් කියුව ගානෙන් බාගයක් වගේම අඩු කරල...

ඔන්න ඉතින් ගාන 110කින් අඩු කරගන්නව කියන්නේ ලන්කාවේ ගානින් 250 කටත් වඩ අඩු කරගන්නව කියන එකනේ...

මට නම් ඔය වැඩේ අල්ලල ගියා නියමෙටම... ඔන්න මුල් දවස් වල අපි ගමන් බිමන් යන්නේ එහේ ඉන්න ඉන්දියානුවෙක් එක්ක තමයි,... මැන් තමයි අපිට ඔය ක්‍රමේ කියල දුන්නේ....
අන්තිමට මම එහේ හිටපු කෙටි කාලෙට.... මෑන්ස් ටත් වඩා හොඳට මට ඔය වැඩේ පුරුදු උනා...
එක දවසක් බුවා මාව එක්ක ගියේ 120 කට... පස්සෙ දවසක මම 80 ට ගියා එකම දුර,.... මෑන්ස් ටත් පුදුමයි වැඩේට....

හැබැයි මේ වැඩේ ලන්කාවෙනම් අත් හදාබලන්න එපා... අනිවා කන්න වෙනව ත්‍රී වීල් බුවාගෙන් අම්බානට...

චෙන්නයි වල ත්‍රී වීල් ගැන් කියුව හන්ද මේ විස්තර ටිකත් කියන්නම් කෝ..
හැම ත්‍රී වීල් එකකම මීටරයක් සවි කරල තිබ්බට කිසිම එකක් වැඩ කරන්නේ නැ. ඒක හන්ද ගාන කතා කරගෙනම තමයි නගින්න ඔනේ...

අනික ලංකාවේ වගේ හොඳ සෙට් අප් එකක් එහෙම සවි කරපු ත්‍රී වීල් එකක් නම් ජීවිතේට අල්ලගන්න වෙන්නේ නැ...

හැබැයි ඉතින් අපි නම් ඒ දවස් වල එක දෙයක් ගැන නම් බොහොම කට පරිස්සම් කරගත්ත... ඒ කියන්නේ අපි ආවෙ ලන්කාවෙන් කියල කියන්න.. මොකෝ ඒ වෙද්දි ප්‍රභා මල්ලි මරල අවුරුද්දක් වත් ගෙවිල තිබුනෙ නෑ...

මොකෝ අපි ඒ දාපු සද්ද වලට මේ යක්කු අපි ලන්කාවෙ කියල දැන ගත්තනම්.... අම්මෝ..... මතක් වෙනකොටත්... හිරිගඩු පිපෙනව... හික්ස්....