මීට වසර ගණනාවකට ඉහතදී පරිගණකය හැඳින්වූයේ සමාජයේ ඉහල පෙලේ පුද්ගලයින් භාවිත කරන සුඛෝපභෝගී - ඉහල පැලැන්තියේ තාක්ෂණික මෙවලමක් ලෙසයි. නමුත් අද වන විට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පරිගණකය සාමාන්යල ජනතාව අතරට ගිහින් අවසානයි. තවත් නොබෝ කලකින්ම සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට පරිගණකය සඳහන් වීම අපි කාටත් වැලැක්විය නොහැකියි. පරිගණකයේ උපත ඇමෙරිකාවේදී සිදු වුවත් මුළු ලෝකයේම විද්‍යාඥයින්, තාක්ෂණිකඥයින් , උගතුන් පරිගණක තාක්ෂණයේ දියුණුවට කර ඇති මෙහෙය අති විශාලයි. මුල් කාලයේදී පරිගණකය හැසිරවූයේත්, අපගේ අවශ්‍යතා ඉටු කරගත්තේත් ඊටම ආවේණික භාෂා වලින්. පසුකාලයේදී පරිගණකය හැසිරවීම මෙන්ම අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අප එදිනෙදා භාවිත කරන භාෂාවන් යොදා ගැනීම ඇරඹුණා. නමුත් මුල්වරට බොහෝ පරිගණක පරිශීලකයන් අතර ජනප්‍රිය වූයේ ඉංග්‍රීසි බසයි.
ඒ සියල්ල පරිගණකය හා බැඳුණු අතීත කතා. අද වන විට පරිගණක තාක්ෂණය මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී අවසානයි. ඒ කෙසේ වෙතත් ලෝකය පුරා පරිගණකය හා තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත වෙද්දී යම් යම් ගැටළු ද පැණ නැගුණා. ඉන් එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ මුළු ලෝකයේ ජනගහණයෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ වැඩ කිරීමට නොහැකි වීම. ඒ නිසාවෙන්ම පරිගණක භාවිතය අත හරින්නට තරම් ජනතාව පසුබට වූයේ නෑ. ඒ වෙනුවෙන් විසඳුම් සොයා ගියා. “ දේශීය කරණය” නම් වූ සංකල්පය පරිගණකය වෙතටත් ළඟාවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටයි.
මෙසේ තාක්ෂණය ඉදිරියට යද්දී අපේ රටේ අපේ බස - සිංහල භාෂාවත් මග නැවතුනේ නෑ. විවිධ ක්‍රම හරහා සිංහල බසින් පරිගණකය මගින් වැඩ කරගැනීම ඇරඹුණා. තමුන්ගෙ මවු භාෂාවෙන් තමුන්ගෙ වැඩ කරගන්නව කියන්නෙ සැබැවින්ම වාසනාවක්. මෙහිදී
සිංහල යුනිකේත ක්‍රමයේ හඳුන්වා දීම ඉතා වැදගත් සංධිස්ථානයක් කියලයි මට හිතෙන්නේ. ඊට පසු විවිධ මෘදුකාංග සිංහලෙන් දේශීයකරණය වෙලා එළියට ආවා.
ෆයර්ෆොක්ස් මෙන්ම තන්ඩබර්ඩ් මෘදුකාංග 2 සිංහල බසින් පැමිණීම මෙම සිංහල-දේශීයකරණයේ මීළඟ සංධිස්ථානයයි.
අද වන විට මෙම මාවතේ යෝධ පියවරක් තබන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකිවෙලා තියනවා. ඒ විස්ටා මෙහෙයුම් පද්ධතියත්, ඔෆිස් මෘදුකාංගයත් සඳහා භාෂා අතුරු මුහුණත් හෙවත් Langauge Interface Pack (LIP)හඳුන්වා දීමත් සමඟ. සිංහල බසින් පරිගණක භාවිත කරන්නන් වෙනුවෙන් එළි දැක්වුණු මෙම විස්ටා - ඔෆිස් සිංහල භාෂා අතුරු මුහුණත සැබැවින් ම අපව මවිත කරවනවා කිව්වොත් නිවැරදියි.
“භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් (Language Interface Pack -LIP) යනු, වින්ඩෝස් විස්ටා වැනි යම් මෙහෙයුම් පද්ධතියක හෝ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි පරිගණක වැඩසටහනක මුහුණත, භාවිත කරන්නාගේ දේශීය භාෂාවෙන් හැඩ කිරීමට සමත්වන මෘදුකාංගයකි. යම් මූලික භාෂාවක් (සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බස) පදනම් කරගෙන පරිගණකය තුල මෙහෙයුම් පද්ධතියක් හෝ පරිගණක වැඩසටහනක් ස්ථාපනය කළ පසු ඒ මත මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමෙන් මුල් මෙහෙයුම් පද්ධතියේ හෝ පරිගණක වැඩසටහනේ වදන් සහ හැඩතල සැලකිය යුතු ලෙස අදාල දේශීය භාෂාව වෙත පරිවර්තනය වීම සිදුවේ. මේ වන විට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලය සඳහා සිංහල භාෂාව වෙනුවෙන් වූ මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් හඳුන්වා දී තිබේ. මෙය ස්ථාපනය කළ විට ඔබේ පරිගණකයේ සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ මූලික මෙනු, බොත්තම්, උපදෙස් සහ විස්තර සැලකිය යුතු ලෙස සිංහල මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී සිදුවනුයේ මෙම මෘදුකාංග වලදී භාවිත වූ ඉංග්‍රීසි වචන සඳහා සිංහල වදන් පෙලක් මුසු කිරීමයි.” (උපුටනය: මයික්‍රොසොෆ්ට් මූලික හඳුන්වා දීමේ ගොනුවෙනි)"පළමු වරට මෙවැනි අත්දැකීමක් ලද විට මා පුදුමයට පත්වූයේ මෙහෙයුම් පද්ධතියේ බොහෝ ස්ථාන වල සිංහල වදන් පමණක් ම දුටු නිසාවෙන්. මේ අත්දැකීම කිහිපයක් ඔබත් සමඟ බෙදා ගන්න කැමතියි. මෙන්න විස්ටා පාලක පුවරුව හෙවත් control panel එක:

සැබැවින්ම පුදුමාකාරයි නේද?. මෙහිදී මූලික මෙහෙයුම් පද්ධතිය පමණක් නොව ඒ සමඟ සබැඳි මෘදුකාංග සඳහා ද අදාළ පරිවර්තනය සක්‍රීයයි. උදාහරණයක් ලෙස අපිට හුරුපුරුදු Media Player එක දැන් හැඳින්වෙන්නේ “මාධ්‍ය ධාවකය” යන නමින්. Calendar එක දින දසුන වෙලා. Movie Maker සළරූ නිමැවුම් කරු වෙළා. මෙම මෘදුකාංග අභ්‍යන්තරයේදීද මෙනු, බොත්තම්, විස්තර, උපදෙස් බොහෝ දුරට සිංහල බසින් පෙන්නුම් කරනවා.

හැබැයි ඉතින් මෙහි අඩුපාඩු බොහෝ ඇති. නමුත් අඩුපාඩු ගැන කතා කරනවාට වඩා කරල තියන මහා කාර්යය ගැන කතා කරන එක වටිනවා කියල හිතෙන හින්ද මම අඩුපාඩු ගැන මෙතන කතා කරන්න යන්නෙ නෑ. මේ යෝධ කාර්යයට
මයික්‍රොසොෆ්ට් සමඟ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ දේශීය භාෂා විශාරදයින් එකතු වෙලා ලබා දීල තියෙන්නේ හොඳ සහයෝගයක්. (අනේ තව කවුරු හරි මීට අමතරව උදව් කළා නම් ඒ අයටත් ස්තුතියි. නැත්නම් ෆයර්ෆොක්ස් පිටවුණු වෙලාවෙ වගේ දැන් මගේ දිහාවට අවි අමෝරාගෙන එයි, මමයි මේක කළේ කියලා.) මේ හැමෝටම ස්තූතියි.
ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම ගැන මීළඟ සටහනේ ලියන්නම්.
මේ අත්දැකීම වියදමකින් තොරවම ලබන්න. මෙන්න සබැඳුම:
වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspxමයික්රොwසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx පරිගණකයට ස්ථාපනය කරල බලල අදහසකුත් දක්වන්නකෝ....