Pages

Showing posts with label පුද්ගලික. Show all posts
Showing posts with label පුද්ගලික. Show all posts

Monday, April 9, 2012

මායාකාරී කෙන්යාවේ සිට අලුත්වන ශ්‍රී ලංකාව දක්වා.. (From Magical Kenya to Refreshingly Sri Lanka )


පෙර ලිපිය ලියල මාස 2 කටත් වැඩියි. ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් බොහෝ හේතු නිසා ලිපියක් ලියන්න බැරි උනා. ඒ බොහෝ හේතු අතර ආසන්නතම හේතුව උනේ මගේ පහුගිය කාලයේ ලිපි රැසකටම පාදක වෙලා තිබුනු කෙන්යාවේ ජීවිතයට සමුදී යලිත් මවු රට පැමිනීම. සමහර විට නදුන් උයනේ බ්ලොග් රසිකයෝ ටික ඒ ගැන කණගාටුවෙනවත් ඇති. නමුත් ලංකාවේ ඉඳලත් ලියන්න තව ගොඩක් විස්තර තියනව. අඩුම තරමේ තව ලිපි 5 ක් වත් කෙන්යාව ගැන ලියන්න තමයි අදහස. 

කෙන්යාවේ රාජකාරි කටයුතු අවසන් කලයුතුව තිබූ නිසා, යම් තරමක් දුරට කාර්යබහුල වීමත්, මවු රටට පැමිනි විගසින් නදුන් උයනේ සැරි සරන්නට අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති වීමත්, නිවාඩු පාඩු ලැබුන සෑම විටකම විවිධාකාර අමතර කටයුතු වල නිරතවීමත් කියන හේතුත් මේ කෙටි නිහැඬියාවට යම් තරමක් හෝ හේතු කාරක උනා.    

මාස 8 කට පමන පස්සේ ලංකාවට ගොඩ බැස්සහම ඇතිවෙන සතුට නම් කියල නිම කරන්න බැරි තරම්. කොච්චර දුක් කරදර විඳින්න උනත්, අපේ රටේ හමන සුලඟත් මට නම් සැපයි... සනීපයි... පැය 12 ක විතර සම්පූර්ණ ගමනකින් පස්සේ පෙබරවාරි 12 වෙනිදා හිමිදිරි පාන්දර මේ පින්බිමේ පය තියල, අපේ හුලං පොදක් වැදුනහම හිතට දැනෙන හැඟීම නම් කියල නිම කරන්න බැරි තරම්. ඒ වගේම තමයි ඒ වගේ කාලයකට පස්සේ දෙමවුපියො - අක්ක වගේම ආදරය කරන අනිත් හැමෝමත් දකිනකොට - එයාල එක්ක කතා කරනකොට ඇත්වෙන්නෙත් පුදුමාකාර සතුටක්. 

ඔය අතරේ අපේ සරසවියේ යාලුවෝ සෙට් එක මම එනකන්ම බලා සිටියා මිතුරු හමුවීමක් වෙනුවෙනුත්. ඒ අයටත් ගොඩක් ස්තූතියි මම ආපහු එනකන්ම බලාහිටියට - ඒ වගේ මිතුරු හමුවක් පවත්වන්නට. දැන් ඉතින් කට්ට්ටියට තේරෙනවනේ පහුගිය ටිකේ නදුන් උයනේ වැඩියසැරි සැරුවේ නැත්තේ, සිය රට පැමිනීමේ ප්‍රීතිය උපරිම ලෙස විඳිමින් හිටපු නිසා බව. 

මේ අතර කිවයුතු තවත් දෙයක් තමයි නඳුන් උයනේ කාටත් හොරා සැරි සරන කුරුලු- කිරිල්ලියන් රැසක් දැන ගන්නට ලැබීම. පසුගිය දිනවලදී විවිද මිතුරු හමුවීම් වලදී ගොඩ දෙනෙක් නදුන් උයනේ කෙන්යා චාරිකා ගැන කතා කලා.. ඒ ගැන නම් හරිම සතුටුයි. සමහරුමිනිසුන් පන පිටින් පිලිස්සුන හැටි ගැන විස්තර ඇහුව... සමහරු මම තණකොල පෙත්තො කාපුහැටි ගැනත් විස්තර කතා කලා. හෙල්ස් ගේට් ගිනිකන්දේ විස්තර අහපු අය, සිංහයෝ දකින්න නකුරු ගිය හැටි ගැනත් ඒ අය මගෙන් විස්තර ඇහුව.. ඇත්තටම ඒ ලැබුනු ප්‍රතිචාර ගැන ඒ මිතුරු මිතුරියන්ට ස්තූතියි.

ඔය අතරේ කියන්නම ඕනේ වසරක් පුරාවට නයිරෝබි වලදි මගෙත් එක්ක තනි- නොතනියට හිටපු අපේ යාලුවො හැමෝටමත්, කෙන්යා ජාතික මිතුරු - මිතුරියන් හැමෝටමත් හදවතින්ම ස්තූති වන්ත වෙනව. දුර රටකදි තමුන්ගේ මිනිස්සුන්ගේ අඩුව දැනෙද්දි ඔබ සියලු දෙනා ඒ පාලුව - අඩුව මකන්න ලොකු හය්යක් උනා... 

මම මීට පෙර ලිපියෙන් කියුව වගේම මගේ මීළඟ ලිපිය, නයිරෝබි ජාතික කෞතුකාගාරය පිලිබඳව. බලා පොරොත්තුවෙන් ඉන්නට ආරාධනා කරනවා..   

Tuesday, January 17, 2012

සය වසක් තිස්සේ මගෙ තනියට සිටි මගේ උයන ... නඳුන් උයන ....


අද නදුන් උයනට සුවිශේෂී දවසක්. ඒ වගේම නදුන්ටත් සුවිශේෂී දවසක්... 
ඒකට හේතුව මොකක්ද කියල දන්නවද? මෙන්න මේක තමයි හේතුව.... 


කට්ටිය හොයාගත්තද හේතුව... ?  

හේතුව තමයි මම හා හා පුරා කියල බ්ලොග් සටහනක් ලියල අද වෙද්දි අවුරුදු 6 ක්. 

මේ බ්ලොග් සටහන ඇත්තටම දැක්කහම අද නම් ලැජ්ජයිත් එක්ක..ලියල තියන වචන තුන හතරවත්  හරියට ලියල නෑ. ව්‍යාකරණ සහ භාෂා භාවිතයත් වැරදියි. ඒත් එදා වැරදියට හරි ආරම්භකරපු දේ ගැන අද ආඩම්බරයි. 

මම මේ සබැඳිය මීට ටික කාලෙකට ඉස්සෙල්ලත් නදුන් උයනේ දැම්ම.. ඒ මාව සිංහල බ්ලොග් කියවනයෙන් ගලවා තැබූ කාලයේ. දැන් නැවතත් සිංහල බ්ලොග් කියවනයට නදුන් උයන එක්වෙලා. මගේ බ්ලොග් කෙරුවාව ගැන විස්තර ටිකක් , ඔය ඉහලින්කියල තියන ලිපියෙත් තියෙනව. 

සිංහල බ්ලොග් අවකාශයේ මහා දැවැන්තයෙක් නොවුනත්, මේ අවුරුදු 6 ටම ලිපි මහා ගොඩක් ලියල නැති උනත් අදටත් මම සංතෝෂ වෙනව මගේම කියල බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න පුලුවන් වීම ගැන.
මගේ පෙර ලිපියේ ලියල තියනව වගේම මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ බ්ලොගර් අඩවියෙන් නෙවෙයි. ඒ කාලේ සමාජ ජාලකරණ අඩවි ප්‍රචලිත වුනු මුල් යුගය. මූණු පොතත් වැඩිය ජනප්‍රිය නෑ. ඒ කාලේ තිබ්බේ හායි 5 තමයි හැම තැනම.. ඔය අතරේ මම හා හා පුරා කියල සෙට් උනේ මල්ටිප්ලයි (www.multiply.com) කියන ජාලයට. ඒකෙන් බ්ලොග් ලියන්න, පොටෝ ඇල්බම් හදන්න, සින්දු, වීඩියෝ අප්ලෝඩ් කරන්න ඔය හැම දේම තිබුන. ඉතින් මම හා හා පුරාම මගේ අඩවියට දාපු නම තමයි "නදුන් උයන". ඒ දවස් වල සරසවියේ පරිගණක වල සිංහලත් නෑ. සිංහල යුනිකෝඩ් උනත් වැඩිය ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ. ඒ මේ සියලු කාරණා නිසාවෙන් තමයි මමත් නදුන් උයන සුද්දගේ බාසාවෙන්ම කොරගෙන ගියේ. 
ඔය අතරෙ මම සිංහලෙන් පලකරපු පලවෙනි ලිපිය තමයි මෙ...

" සටන් විරාමය සමඟ ගිය ගමනක අවසානය ".. මේක ඇවිල්ල ලියුවෙ නම් මම නෙවේ.

මම නදුන් උයනට එක් කරපු පලවෙනි සිංහල ලිපිය තමයි මේ.

( http://somarathne.multiply.com/journal/item/83/83 )

ඊ මේල් තුලදී මවු බස භාවිතය ජනප්‍රිය කරවන්න තමයි ඒ ලිපිය ලියුවේ. ඔන්න ඔහොම පටන් ගත්ත නදුන් උයන බොහෝ හැල හැප්පීම් මැද්දේ මේ ඔයාල කියවන තැන දක්වා ආව.. ඔය අතරේ පහලින් තියෙන්නේ සිද්ද වෙච්ච දේවල් කීපයක්. 

1. මගේ සරසවි ජීවිතයේ විශේෂ සිදුවීම් බොහොමයක් පරන නදුන් උයනේ සටහන්ව තිබීම
5. මේ අතරේ පලමුබ්ලොග් මැරතනයට සහභාගී වීමේ අරමුනින් මම බ්ලොගර් හරහා අලුත් නදුන් උයනක් පිහිටවීම.
6. පලමු බ්ලොග් මැරතනයට සහභාගී වීම
7. ඔය අතරේ බ්ලොග් අඩවියේ ආර්. එස්. එස්. වල සිදුවූ දෝශයක් නිසා, බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයෙන් ප්‍රසිද්ධ නොවීම.
9. ආදර ලෝකේ සැරි සරන්නට ගොස් බ්ලොග් අඩවියක් තිබුනාදැයිත් අමතක වීම. ඊට දඩුවමක් ලෙස සිංහල බ්ලොග් කියවනයෙන් නදුන් උයන නෙරපීම.
10. බ්ලොග් ලියන්නටම සිංහල යතුරු පුවරුවක් මිලට ගැනීම. 
11.යලිත් ලියන්නට පටන් ගත්තත් මාස 6 ක ඉන්දියානු ජීවිතයේදී එකම බ්ලොග් සටහනක් වත් ලියන්නට නොහැකි වීම.
13.ඉන්දියානු ජීවිතය ගැන ලිපි කීපයක් හෝ පළකිරීම
15. අලුත් නඳුන් උයනේ ලිපි 30 ක් පමණ ලියා හිට්ස් 5500 ක් සහ, ලියාපදිංචි කියවන්නන් 50ක් පසුකර යෑම.       
 
 මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ දිනපතාම පාහේ ගියපු බ්ලොග් අඩවියක් තමයි, ඒ කාලේ ප්‍රභාත් සිරිසේන අය්යගේ (අද යෝගානන්ද හිමියන් ) "නිදහස්" බ්ලොග් අඩවිය. ඊට අමතරව වරුණ කණිෂ්ක සොයුරාගේ "නිදහස්අදහස්" බ්ලොග් අඩවියත් ගොඩක් දුරට කියෙව්ව. වරුණ තමයි මට මුලින්ම බ්ලොග් මැරතන් එක ගැනත් කියුවේ. ඔය අතරේ සුපුන් සුදාරක, ප්‍රවීන් ඉන්ද්‍රනාම,ශාකුන්තල වගේ නම් ඒ කාලේ බ්ලොග් කරුවන් අතර ජනප්‍රිය වෙලා තිබුනා.
මෑත කාලයේ නම් මගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර ගනනින්  මම ඉහලට ගිහින් තිබුනා. වෙනදට එක්කෙනෙක්, දෙන්නෙක් එන ලිපි වලට ප්‍රතිචාර 10 - 20 ක් වැටෙනකොට ඇත්තටම සතුටු හිතුනා.(ඉස්සර මට හිට් 250 ක් එකතු කරගන්න දවස් 250ක් ගියා මුල්ම කාලෙදි )  මෑත කාලයේදී ගොඩක් ප්‍රතිචාර දක්වපු අය අතරේ මදුරංග , හිස් අහසේ සඳරු,  නදී , නිසූපා, පිනිබිඳු, රත්තරන් මාලුවා සහ තවත් බොහෝ අය හිටියා. ඔය අතරේ චාන්දි අක්ක මගේ කෙන්යා සටහන් වලට ඇගේ ප්‍රතිචාර හරහා ලොකු වටිනාකමක් ලබා දුන්නා. නම් ගම් අමතක වෙච්ච අය ඉන්නව නම් සමා වෙන්න හොන්දේ.        

ඔය අතරේ සමහරු මූනු පොතේ හෝ මග තොටදි හමු උනහමත් "අපි උඹේ නදුන් උයන කියවනව.. ලඟදි මුකුත් ලියුවෙ නෑ නේද?" කියලත් අහන්න පටන් ගත්ත. ඇත්තටම හරිම සන්තෝසයි එහෙම දෙයක් ඇහෙද්දි.  ඉතින් මේ හැමෝටම බොහොමත්ම ස්තූති කරන්න මේක තමයි හොඳම වෙලාව.. මට උදවු කරපු, මගේ ලිපි කියවාපු, ඒවායින් කිසියම්ම හෝ වින්දනයක් ලබපු හෝ දැනුමක් එකතු කරගත් සියලු දෙනාටම ස්තූතියි. පසුගිය වසර 6 පුරාවටම නඳුන් උයනේ හිටපු හැමෝටම මම ආරාධනා කරනව, මගෙත් එක්ක ඉදිරියටත් ඉන්න කියල.. 

මම නිතරම ලිපි ලියන්නෙක් නොවීම මගේ ලොකු අඩු පාඩුවක්. නමුත් අධික කාර්ය බහුලත්වය නිසා සතියකට එක ලිපියක් ලියනව කියන එකත් ලොකු අභියෝගයක් මට නම්. මම විවේකීව ඉන්න වෙලාවට බ්ලොග් අඩවි බොහොමයක් කියෙව්වත් කොමෙන්ටුවක් දමන්නේ නැතුව යනව ගොඩක් වෙලාවට. ඒකත් මගෙන් බ්ලොග් සමාජයට වෙන වැරැද්දක්. සමහර විට ඒ හන්දම වෙන්න ඇති මගේ ලිපි වලටත් කොමෙන්ටු අඩු වෙනව ඇත්තේ. නමුත් කොමෙන්ටු දැම්මේ නැති උනාට ඒ බ්ලොග් අඩවි වලින් ලබා ගන්නා දැනුම මෙන්ම ආශ්වාදයත් ඉහලයි. ඒ නිසා සියලු සිංහල බ්ලොග් කරුවන්ට ඒ වෙනුවෙන් ස්තූති කරන්නත් මේක අවස්තාවක් කරගන්න කැමතියි. 

ඔය හැම දෙනා අතරෙම, නඳුන් උයනට හොරෙන් හොරෙන් එන මාල ගිරවියෙකුත්, මට ලොකු සහයක් දෙනව මේ බ්ලොග් කෙරුවාව කොරගෙන යන්න.ඒ මාල ගිරවි බ්ලොග් ලියන්නේ නැති උනාට මට දෙන සහයෝගය නම් කියන්නම ඕනේ.   

ඉතින් එහෙනම් ස්තූතියි හැම දෙනාටම . .....!!!
       



   



    


Friday, September 16, 2011

මහ බෝඩිමේ ආරම්භකයාගේ නික්ම යාමෙන් දෙවසරකට පසු....



අදනම් අප්‍රිකානු ජීවිතේ ගැන ලියන එක පැත්තකින් තියල කට්ටියටම ලියන්න යන්නේ දුක් බර කතාවක්... 

මම සරසවියෙ හිටපු කාලේ බෝඩිමක හිටපු වග මම ඉස්සර සටහන් වල ලියල තිබුනනේ... ඔන්න මම පලවෙනි වසරේ මුල් කාලයේ ගෙදර ඉඳන්ම බොරැල්ලේ තිබ්බ අපේ ෆැකල්ටියට ආවට මට එක සෙමිස්ටර් එකකින්ම ඒ ජීවිතේ එපා උනා... ඔන්න ඉතින් මමත් බෝඩිමක් හෙව්වේ මේ අතරේ තමයි. අපේ මුලු කොල්ලො කට්ටියම ඒ වෙද්දි හිටියේ බෝඩිම් දෙකක... ඒකෙන් එකක් "මහ බෝඩිම" කියල තමයි කට්ටියම නම් තියල තිබුනේ. ඔන්න ඉතින් මමත් සෙට් උනා මහ බෝඩිමට.... මහ බෝඩිමේ කට්ටිය 9 දෙනයි. ඉස් ඉස්සෙල්ලාම මේ බෝඩිම හොයා ගත්තේ අපේ නයන. ඒ කියන්නේ මම මේ කියන්න යන කතාවේ කතා නායකයා. නයන ඉතින් හා හා පුරා කියල හොයා ගත්ත බෝඩිමට තමයි අපි කට්ටියම සෙට් උනේ. එකම බැජ් එකේ කොල්ලෝ 9ක් ඉන්න බෝඩිමක වෙන දේවල් ගැන ඉතින් කාටවත් අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ.. සමහර දාට බැජ් එකේ අනික් උනුත් එන්නේ මහ බෝඩිමට. අපි කුප්පි දැම්මේත් බෝඩිමේ.. (මොකෝ අපේ ෆැකල්ටියේ ඒ වගේ දේකටවත් ඉඩක් තිබ්බේ නෑ...) කට්ටිය ප්‍රොජෙක්ට් කරන්න ආවෙත් බෝඩිමට... ඔන්න ඔය විදිහට අපි හැමෝම එකම පවුලක් කලේ අපේ නයන මුලින්ම හොයා ගත්ත බෝඩිම තමයි... ඔන්න බොරැල්ලෙන් මොරටුවට ආවට පස්සේත් කට්ටියම එකම බෝඩිමේ.. ඒ කියන්නේ මහ බෝඩිමේ සෙට් එක එකටමයි හිටියේ...

ඔය සෙට් එක අතරින් නයන කියන්නේ අමුතුම චරිතයක්.... කැම්පස් එන්නත් කලින් නෙට්වර්ක් එකක් සෙට් කරන හැටි දැනන් හිටපු එකම එකා... නයන සමහර විෂය කරුනු ගැන වැඩිය තකන්නේ නෑ.. විභාග රිපීට් උනත් ගානක් නෑ.. ඒත් නයන හැම දේම කිසියම්ම වූ ආකාරයකින් ඉගෙනගත්තා. අපි හැමෝටම කුප්පි දාල එක රැයින් විභාග ගොඩ දාල දුන්න කොල්ලෙක්. ඔහුගේ හැකියාවන් පුදුමාකාරයි... උපාධිය අරන් නයන රැකියාවට ගොස් ඔහුගේ දස්කම් මනාව පෙන්නුම් කලා... ඔහු ඉතා කෙටි කාලයකින් රැකියා ස්ථානයේ තරුවක් උනා.. ඔහුගේ දැනුම, බුද්ධිය අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්න පටන් ගත්තා විතරයි.... 
  
මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල, සැප්තැම්බර් මාසේ 14 වෙනිදා උදේ පාන්දර අපේ මහ බෝඩිමේ සගයෙක් මහ කාලකණ්නි ආරංචියක් අපිට කියුව.. "අපේ නයන ඇක්සිඩන්ට් වෙලාලු.. තත්වේ බරපතලයි ලු..." ඊට පස්සේ අපි හැමෝම එකතු උනේ රෝහලේ දැඩි සත්කාර ඒකකය ලගට... අපිට නයනගේ මූනවත් දකින්න ලැබුනේ නෑ... ඒ වෙද්දිත් ශල්‍ය කර්ම කීපයකටම ලක් කරල හිටපු අපේ මිත්‍රයා... යන්ත්‍රයක ආධාරයෙන් තමයි ජීවත් උනේ... 

අපේ නයන වෙනුවෙන් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ... මොහොතකින් හැමෝම තීරණය කලා බෝධි පූජාවක් තියමු කියල... කට්ටියම ගංගාරාමයට එක්වුනේ නයනට ඉක්මන් සුවය පතන්න.... අපි දවස් කීපයක් ම මේ විදිහට බෝධි පූජ තිබ්බේ නයනට ඉක්මන් සුවය පතල....

ඒත් අපේ පින් වලින් නයනට යලිත් ජීවය දෙන්න ලැබුනේ නෑ.... හරියටම දවස් 7කින් නයන අපෙන් සදහටම සමු ගත්තා...  

අනුරාධපුරයේ ඉඳල කොළඹ ඇවිත් අපි එක්ක මහ බෝබිමේ එකට හිටපු - එක බැජ් එකේ එකට කුප්පි දාපු - එක බත් පත බෙදාගෙන කාපු - සමහර වෙලාවට එකට බැනගත්තු අපේ නයන නොයෙන්නම අපිව අතහැරල ගිහින් තිබ්බේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා...ඒ කියන්නේ මේ සැප්තැම්බරයට - නයන නැතුව අවුරුදු 2ක්.

නයන ගෙනාපු ආයුෂ ඉවරවෙලා නයන අපිව අතහැරල ගියත් අපිට ලොකු පාඩම් ගනනාවක් කියල දීලයි නයන යන්න ගියේ... ඔහුගේ වැඩ කිරීමේ ක්‍රමය අපි හැමෝටම ආදර්ශයක් උනා... විභාග ඉලක්ක නොකර වැඩ කරපු ඔහු දැනුම ඉලක්ක කරගෙන වැඩ කලා. එනිසාවෙන්ම ඔහු රැකියාවෙන් කෙටි කාලයකදි ලබපු පැසසුම් බොහොමයි... !!! සෑම සති අන්තයකම ආදරණීය දෙමාපියන් බලන්නට ඔහු අනුරාධපුරයට ගියා... ඔහු දෙමාපියන් සමග ජීවත් වන්න ආස  කලා... ඔහු සොයාගත්ත බෝඩිමට අපි හැමෝටම ආරාධනා කරල, අපි අතරේ අති විශාල බැම්මක් ඇති කරන්නට අඩි තාලම දැම්මෙත් ආදරණීය නයන.... ඒත්.... නයනට වැරදුනු පුංචි දෙයක් තිබුන... නයන ජීවිතයට, පරිඝනකයට වගේම මධුවිතටත් ආදරය කලා... අපි කවුරුත් බලා පොරොත්තු නොවුනු විදිහට, පිපී ආ සුවඳ පුෂ්පය ලෝකයට සුවඳ විහිදන්නට මත්තෙන් මුකුලිත වෙන්න ඔහුගේ මේ පුංචි වැරදීම හේතුවක් උනා.... 

නයන ගැන තව ගොඩක් දේවල් ලියන්න පුලුවන් උනත් කෙටියෙන් නයන ගැන මතකය අවදි කලේ බ්ලොග් කියවන අපි හැමෝටම නයනගේ ජීවිතෙන් ගන්න පුලුවන් පාඩම් ගැනත් කියන්න එක්කම,.... අපේ ආදරණීය මිතුරා.... මහ බෝඩිමේ ආරම්භකයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් එක්කයි..... ඒත් මගේ නම් පැතුම.... නිවන් දකින්නට පෙර එක ආත්මයකදී හරි අපිත් එක්කම ඉපදිලා අපේම මිතුරෙක් වෙන්න කියලයි...... !!! 

නුඹේ අඩුව හැමදාමත් අපිට දැනෙනව.... මචන්....!!!
   
  

Saturday, July 23, 2011

නදුන් උයනට කලු තෙල් ගහුවේ ඇයි ?

පහුගිය කාලයේ නිල් අහස වගේ තිබ්බ නදුන් උයනට දැන් මෙන්න කලු පාට වෙලා ... හරියට කලු තෙල් පාරක් වැදිල වගේ.
කලබල වෙන්න එපා... මේ කලුතෙල් පාර ගහල පොඩ්ඩක් පිලිවෙලයිස් කරල ගත්තෙ නදුන් උයන පාලුවට ගිහින් තිබ්බ හන්දයි. හිතනව මගෙ බ්ලොග් අඩවිය කියවන්න දැන් තවත් පහසු වෙවි කියල...

මට මතක හැටියට නම් මෙ තමයි නදුන් උයනට ඇඳුම් අන්දවපු 3 වෙනි වතාව.

ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි කාලයක් තිස්සේ කරන්න හිටපු වැඩක් කරගන්න ලැබුනා...
අලුත් මෝස්තරේ හොඳද කියලත් කියන්න පුලුවන් වෙන්නෙ මේක කියවන ඔයාලටම තමා...

Friday, April 15, 2011

අවුරුද්ද - මූනු පොත - සහ මති මතාන්තර....


ඔන්න ඉතින් සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම...

මේ පාරත් අවුරුද්ද ගෙවිල ගියා ඉක්මනටම නේද? මට නම් මේ පාර අවුරුද්දක් නැ වගෙ තමා...

අප්රිකානු රටක තනියම ගෙවන අවුරුද්ද හරියට ලුනු නැති හොද්ද වගෙ තමා... :(

හැබැයි ඉතින් අවුරුද්දට මාත් එක්ක එකතු වෙලා කත බහ කරපු හැමෝටම ගොඩාක් පින්... මොකො පාලුව නැති කරගන්න skype එකඉ Facebook එකඉ, G Talk එකඉ දුන්නෙ මාරම උදව්වක්... අහ්හ් අමතක උනානෙ... අපේ බ්ලොග් යාලුවන්ගෙ බ්ලොග් ටිකත් මාරම සප් එකක් තමා දුන්නෙ....

*****************************************

මම මේ බැලුවෙ අපේ කට්ටිය නොනගතේ වෙලාවෙත් හිටියෙ මූනු පොතේමනෙ.... අනේ මන්ද.. පන්සලකටවත් යන්නෙ නැති තරම්ම කට්ටිය මූනු පොතට එබ්බෙහි වෙලාද කියල... ඒක නම් තරම් හොන්ද ඩෙයක් නෙවේ මම දකින විදිහට... අනික සමහරු කැම කන නැකත් වෙලාවෙත් මූනු පොතෙ හිටිය මම දැක්ක.

අපි අවුරුද්ද පවුලෙ කට්ටියත් එක්ක කතා බහ කරල යාලුවො එක්ක විනෝද වෙලා ගෙවුවොත් තමයි හොන්ද කියලයි නදුන් හිතෙන්නෙ...

*****************************************

මම මෙ බ්ලොග් කීපයකම දැක්ක මේක දෙමළ ජනතාව සමරන්න ගත්තෙ ලංකවට එයාල අවට පස්සෙ කියල...

එත් මට පොඩි ගැටලුවක් වගෙ දෙයක් තියනව.... මොකද මේ දවසට ඉන්දියාවෙ තමිල්නාඩුවෙ ඉන්න දෙමළ ජනතාවත් මෙ උත්සවෙ සමරනව.... හැබෙයි ඉතින් මහ ඉහලින් නෙවේ.. මොකෝ එයලගේ ලොකුම උත්සවෙ දීපාවලි නෙ..

මම ගිය අවුරුද්දෙ අවුරුදු දවස්වල තමිල්නාඩුවෙ හිටපු හන්ද තමයි මෙ ටික දැන ගත්තෙ සහ සුද්දෙටම. හැබැයි මගෙ මිත්රය කිවුව විදිහට එයාල මෙක සමරන්නෙ ආගමික උත්සවයක් විදිහට.....ලංකවෙ අපිට සිංහල - බෞද්ධ සංස්කෘතිය වගෙ තමයි එයාලටත් දෙමළ- හින්දු සංස්කෘතිය. එක හන්ද මම හිතුව මේක දෙමළ ජාතිකයොත් සමරන උත්සවයක් කියල...

හැබැයි මමත් එක්ක වැඩ කරන දෙමළ නොවන, මලයලම් ජාතික ඉංදියනුවෙක් මේ අවුරුද්දෙදි මාත් එක්ක කියුව දෙයක් තමයි, එයාලත් මේක සමරනව කියල... එයා දෙමළ නොවුනට හින්දු භක්තිකයෙක්.... මට නම් තෙරෙන විඩිහට අලුත් අවුරුද්ද හින්දු භක්තිකයිනුත් සමරන දෙයක්... අරුතින් ගත්තහම... මෙකට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියල කියන එකෙ කිසිම වරදක් නැ,....

ඔයාලට හිතෙන දේවලුත් පහලින් දාන්නකො බලන්න...

*****************************************

අහ්හ්හ් මෙන්න තියනව මගෙ අතින්ම උයපු - මගෙ අවුරුදු මෙසෙ හැඩ කරපු කිරි බත...


සුභ අලුත් අවුරුද්දක් වේවා හෙමෝටම...!!!