2006 අවුරුද්දෙ ජනවාරි මාසෙ 16 වෙනිද මම අලුත්ම වැඩකට මුල පිරුව...ඒ දවස් වල නම් මේ ගමන මෙච්චර දුරක් එන්න වෙයි කියල කොහෙත්ම හිතුවෙ නෑ. කෝ ඉතින් පටන් ගත්ත වැඩේ කියන්න බැරි උනානෙ...
එදා ඒ විදිහට තමයි "නදුන් උයන" පටන් ගත්තේ.
කොටින්ම කියනවනම් බ්ලොග් ලියන්න අතපොත් තිබ්බෙ එදා තමා... මට මතක හැටියට එ කාලෙ වෙද්දි මූනු පොත තිබුනෙත් නැද්ද කොහෙද.. නමුත් "සමාජ ජාලකරණ" කියන සංකල්පය ඒ කාලේ වෙද්දි ප්රචලිත වෙන්න පටන් අරන් තිබුන... මම හා හා පුරා කියල ඔය කියන විදිහෙ සමාජ ජාල ගිනුමක් හදාගත්තේ "නදුන් උයන " වෙනුවෙන්. හැබැයි අපි අද පාවිච්චි කරන බ්ලොගර් හරහා නෙවෙයි. "www.multiply.com" කියන අඩවිය හරහා...
මෙන්න තියනව මම හා හා පුරා කියල ලියපු බ්ලොග් සටහන...
http://somarathne.multiply.com/journal/item/1/I_have_strted_blogging
අපෝ හෙන චාටර්... ස්පෙලින්ග් වත් හරියට නෑ... ඒ උනාට... එදා ඉඳලම බ්ලොග් ලියන්න ගත්ත.... මුලින්ම ඉතින් කඩ්ඩෙන් තමයි ලියුවෙ... ඔය අතරෙ මම සිංහලෙන් පලකරපු පලවෙනි ලිපිය තමයි මෙ...
" සටන් විරාමය සමඟ ගිය ගමනක අවසානය ".. මේක ඇවිල්ල ලියුවෙ නම් මම නෙවේ.
මෙන්න මමම ලියපු පලවෙනි සිංහල බ්ලොග් සටහන.... "සිංහලෙන් යාහූහූහූහූහූහූ !!!"
(http://somarathne.multiply.com/journal/item/83/83)
ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි ඒ වෙද්දි සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයත් බිහි වෙලා තිබ්බ...
එයාල හා හා පුරා කරපු පලවෙනි බ්ලොග් මැරතොන් එකටත් මම සෙට් උනා ආසාවෙන්ම.....
ඔය වෙද්දි මට ඔනෙ වෙලා තිබුන කවුරුත් වගේ පාවිච්චි කරන බ්ලොගර් ගිනුමක් යටතට මගෙ බ්ලොග් එක අරන් එන්න,... ඔන්න ඉතින් මම මැරතොන් එක දිව්වේ අලුත හදපු නදුන් උයනේ ඉඳන්.
ඔන්න ඔහොම යද්දි තමයි ටික කාලෙකදි , නදුන් උයනට හෙනහුරා කඩාපාත් උනේ...
මගේ බ්ලොග් එකේ "RSS" වැඩකරන්නෙ නැතුව ගිහින් තිබුන මොකක් හෝ තාක්ශණික හේතුවකට... මම දාන කිසිම බ්ලොග් සටහනක් සිංහල බ්ලොග් කියවනයේ පලවුනේ නෑ.. (හරියට දැන් වගේ... )
මට මාර දුකයි.... RSS හදා ගන්නත් බෑ... පරන බ්ලොග් එක දාල අලුත් බ්ලොග් එකකට යන්නත් දුකයි... [නදුන් උයන නමට මම ඒ තරම්ම ආදරේ කලා.. ]
ඔන්න අන්තිමේදි මම තීරනය කලා... මගෙම නදුන් උයන බ්ලොග් එක මකල දාල අලුත් නදුන් උයනක් ගොඩනගන්න.....
"අවසරයි මට නදුන් උයනේ සැරිසරන්නට යළිත් .... " කියල තමයි 2009 ජූලි මාසෙ 11 වෙනිදා 3 වෙනි පාරටත් අලුත්ම නදුන් උයනක් බිහි උනේ.... ඔන්න ඉතින් මමත් ඔය අනම් මනම් ලිය ලිය හිටිය... ඔය අතරේ මගෙන් බ්ලොග් ලියන පුරුද්ද නැති වෙලාම යන තරමට කාර්යාලයේ වැඩ අධික උනා.. :(
මට ගොඩාක් කාලයක් බ්ලොග් ලියන්න බැරි උනා...
ඔය අතරෙදි සිංහල බ්ලොග් කියවනයත් අලුත් උනා...
අලුත් මූනු ගොඩක් ඇවිත් තිබුන...
ඒ වගේම සිංහල බ්ලොග් කියවනයට අලුත් නීතියකුත් ඇවිත් තිබුන...
දවස් 90 කින් සටහනක් නොදාපු බ්ලොග් ඉවත් කරනවා කියල...
ඔන්න ඔය විදිහට තමා සිංහල බ්ලොග් කියවනයෙන් නදුන් උයන ඈත් වෙලා ගියේ....
ඊට පස්සේ මම අයෙමත් නදුන් උයනේ සැරිසරන්න පටන් ගත්ත මේ අවුරුද්දේ ජනවාරි මාසෙ ඉඳල....
ඊට පස්සේ ඔන්න බිහිවෙලා තිබ්බ හැම සින්ඩියකටම ගිහිල්ල ලියපදිංචිත් උනා...
ඒ හැමෝම නදුන් උයන තමන්ගේ සින්ඩි වලට ඇතුලත් කලත්...... මගේ බ්ලොග් කියවීමේ මහ ගෙදර උනු සිංහල බ්ලොග් කියවනය , නදුන් උයන යලිත් පිලි අරන් තිබුනේ නෑ... මම දෙවරක්ම යලි ලියාපදිංචි උනත් නදුන් උයනේ සටහන් සිංහල බ්ලොග් කියවනයේ දැක්කෙ නෑ.
මෙහෙම වෙන්න විශේෂ හෙතුවක් මම අද වෙනතුරුත් දන්නෙ නැ...
ඉස්සර වගේ නදුන් උයන පැත්තේ දැන් කුරුල්ලො වැඩිය පියාඹන්නෙ නෑ. ඔහොම යද්දි අයෙත් පලතුරු හැදෙන එකත් නවතීද කියල මට අයෙමත් බයකුත් තියනව....
මේ ලඟදි දවසක අපේ ඇඩ්මින් අය්යට ඊ-ලිපියකුත් යැවුව.. ඒත් කිසිම ප්රතිචාරයක් නෑ....
ඉතින් නදුන් උයනට අහම්බෙන් හරි ආපු ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ සිංහල බ්ලොග් කියවනයට ඇතුලු වෙන්න මට කරන්න පුලුවන් මොනවද කියල අදහසක් කියන්න කියලයි....
"නදුන් උයන" සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරවු !!! කියල මට උද්ඝෝෂණයක් කරන්න බෑනේ...
කරන්න පුලුවන් එකම දේ තමයි මේ..
අන්තිමටත් කියන්නේ මේ හේතුව හන්ද නදුන් උයනේ මම නම් ඉන්නේ බොහොම දුකෙන් කියල තමයි.... !!! :(
Subscribe to:
Post Comments (Atom)
10 දෙනෙක් ප්රතිචාර දක්වල:
අම්මෝ ගොඩක් පරණ බ්ලොග් ලියන්නෙක් නේ. මාරයා අයියත් බ්ලොග් එක පටන් ගත්තේ 2008. මකරත් ඔය අවුරුද්දෙමයි. දුකා අයියා පටන් ගත්තේ 2009 අවුරුද්දේ.
මම නම් බ්ලොග් එක පටන් අරගෙන අවුරුද්දයි මාස දෙකයි.
දිගටම බ්ලොග් කෙරුවාව කරගෙන යන්න සුබ පතනවා. :)
මට නම් කියන්ට තියෙන්නේ අනේ දුකෙන් ඉන්ට එපා කියලයි.
දිගටම බ්ලොග් කරන්ට මමත් සුබ පතනවා...)
මේක මගේ බ්ලොග් එකේ දාපු ලිපියක් sbu එකට මගේ බ්ලොග් එක ඇඩ් කර නොගැනීම සම්බන්ධව
http://pansalhandiya.blogspot.com/2011/05/sbu-sinhala-bloggers-union.html
මේක ගූගල් සමූහයේ ගිය ත්රෙඩ් එකක්
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/2a49fa6a395ff147/162208c0461f1afd
මේක sbu එක සම්බන්ධව දාපු ලිපියක් උඩ ත්රෙඩ් එක හා සම්බන්ධයි
http://sansarasidu.blogspot.com/2011/06/blog-post_26.html
මේ ඇනෝනිමස් බ්ලොග් එකේ දාපු එක
http://anonymousaya.blogspot.com/2011/07/blog-post_03.html
බ්ලොග්කරණයේ ආදිවාසියෙක් හමුවීම පිලිබඳ හදවතින්ම සතුටු වෙමි. ඔය උඩ තියන ලින්ක් ටික ඔක්කොම කියෙව්වම දැනට sbu එකේ තත්වෙ පැහැදිලි වෙයි ........
අපි මොක්කුද කියලා හිතෙනවා... අයියා වගේ අය ඉස්සරහදී. පුළු පුලුවන් විදියට ලියන්න. සිංඩි වල නැති වුනාට අපි එනවා කියවන්න.
@මදුරංග : මම පරන බ්ලොග් කරුවෙක් උනාට ගොඩාක් බ්ලොග් ලියපු කෙනෙක් නම් නෙවේ... ඒත් ඉතින් තනිකම මකාගන්න වගේ ලියනව... ආසාවටත් එක්කම,,,...
බොහොම ස්තුතියි දිරිගැන්වීමට... මොකද මම ගොඩක් දුකින් හිටියේ.... දැන් නම් දුක අඩු උනා...
@පොඩි කුමාරිහාමි:
දිරි ගැන්වීමට ස්තූතියි.....
කුමාරිහාමි කෙනෙක් මට දුක් වෙන්න එපා කියුවමද කොහෙද? (හික්ස්)
@පන්සල් හංදිය : ඔබේ විස්තරාත්මක කොමෙන්ටුව දැක්කහම මට හිතුන මම මෙ ලිපිය ලියපු මෝඩ කම් කියලත්... මොකද බ්ලොග් 1000 ක් තියනවලු තව ඇතුලු කරන්න.... අම්මෝ... කවද අපිව ඇතුලු වෙයිද දන්නේ නැ...
මට නම් ඔය කවුරුවත් එක්ක තරහක් නෑ..... නමුත් මම කියන්නේ අලුතින් ඇතුලු කරන්න කල් යනවනම් තියන ඒව ගලවන එකවත් නවත්තන්න ඔනේ නේද?
ස්තුතියි නදුන් උයනට ගොඩ වැදුනට.....
@prasanna86k:
මාලුවෝ... මම ඔය විස්තර ටික ලියුවේ මහ පොරක් වෙන්න කියල හිතල එහෙම නෙවේ.. ඒත් හිතේ තිබ්බ වේදනාවටත් එක්ක ලියවුනේ...
මමත් නිතරම යන බ්ලොග් එකක් ඔබේ... "ගෝල්ඩ් fish ගේ blog ටැංකිය " ... ඒකට ගියහම මට නම් හිතෙන්නේ ඔබ අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් කියලයි..
(අනිත් නිතරම යන බ්ලොග් එක තම සඳරුගේ හිස් අහස.... )
අනිවා පුලුවන් විදිහට ලියනව...දිරිගැන්වීමට ස්තූතියි.. !!!
අවසානයේ මාගේ බ්ලොග් අඩවිය නැවතත් සින්ඩිය වෙත ඇතුලු වී ඇති බව ඉමහත් සතුටින් දන්වා සිටිමි...
Post a Comment
මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...