Pages

Saturday, May 21, 2011

මහ පොලොවෙ ලියවිලා තියන දේවල්...


ඔන්න ඉතින් අයෙත් මම බ්ලොග් ලියන්න ගත්ත... (හික්ස් ය) මම බ්ලොග් ලියනව කියල ලොකුවට පටන් ගත්තට වැඩේ දිගටම පවත්වාගෙන යන්න බැරි වෙනවනෙ... මොනව කරන්නද?... ඒත් බ්ලොග් කියවිල්ල නම් අඩු කරල නැ...

මට ඉතින් ඔය අතරෙ පොඩි පොඩි කරදර කීපයක්මත් උනානෙ... ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි සිංහල බ්ලොග් කියවනයෙනුත් මාව හැලිල.. :( :( :( මම හිතල මතල කරපු වැරැද්දකටනම් නෙවේ... මාස 3කින් එකම බ්ලොග් සටහනක්වත් ලියපු නැති වැරැද්දට. :( :( මාව ආයෙත් ඇතුල් කරන්න කියල ඔන්න මම ඉල්ලීමකුත් කලා. මාව ඇතුල් කරාවි .. කියල මම බලාපොරොත්තු වෙනව.

පහුගිය අවුරුද්දක් වගේ කාලය ඇතුලත මට රටවල් කීපයකම සංචාරය කරන්න ලැබුනනෙ... ඔන්න මම බලා පොරොත්තු වෙන්නෙ ඒ සංචාරයේ දි මම ලබපු අත්දැකීම් ටිකක් ඔයාල එක්ක බෙදා හදා ගන්න.

පහතින් තියන් ඡායාරූප ටික මම ගත්තෙ දකුණු අප්‍රිකාවෙ ජොහැන්නස්බර්ග් නගරයෙදි.

එක එක පුද්ගලයො කියපු ප්‍රකාෂ සටහන් කරල තියන එකනම් වෙඩි අරුමයක් නෙවේ අපිට.

එත් මෙහි තියන විශේෂත්වය තමා මේ සටහන් ඔක්කොම කරල තියෙන්නෙ පයට පෑගෙන පොලොවෙ වීම.
මගේ කැමරාවෙ මේ රූප ටික කොටු කරගත්තේ "ROSE BANK" කියන ප්‍රදේශයේදි.

ඔන්න බලන්නකො කට්ටිය කියල තියන දේවල්...


****************
****************


****************

****************

****************

****************

****************
****************

මේ සටහන් සියල්ලගෙන්ම මගෙ හිතට වඩාත් කාවැදුනු සටහන් තමයි... "My heroes are the ones who survived doing it wrong, who made mistakes, but recovered from them."

උද්‍යාන අලංකරනයේ අමුතුම ක්‍රමයක් තමයි මම මේ සටහන් කලේ.

ලංකාවෙත් මේවගේ අත්දැකීමක් ලබන්න තියන තැනක් ගෙන කවුරුහරි දන්නවනම් පහලින් ලියල යන්න කියලත් ඉල්ලීමක් කරනව...

4 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Tharaka Devinda said...

huta! new windows installation. have to install unicode.! so cant comment in sinhala!
so I wanted to say " malli ai wada patan aran wage!" XD XD

නදුන් උයන said...

බොහොම ස්තූතියි තාරක....!!! සිංහල යතුරු ලියනය තමයි පහු ගිය කාලෙටම මගෙ බ්ලොග් ලිවිල්ලට හරස් වුනෙ... මම ගත්ත සිංහල අකුරු තියන යතුරු පුවරුවත් ගෙදරට වෙලා පුස් කනව ඇති.. :(

යුනිකෝඩ් එසැනින් පරිවර්තකයට පින් සිද්ද වෙන්න ඔන්න මේකත් ලියුවේ...

ඒත් ඉතින් පුලුවන් විදිහට ලියන්න තමයි කල්පනාව... :)

නදී said...

පයින් යන අයට කියව කියව යන්න වෙන්න ඇති බිම මෙහෙම දෙයක් කරල තියෙන්නෙ.නියම වැඩක් තමා.ලංකාවෙනම් මම් මෙහෙම දෙයක් දැකල නෑ.


සිංහල ටයිප් කරන්න මම නම් පාවිච්චි කරන්නෙ මෙන්න මේක.මටනම් ඒක ලේසියි.පොඩ්ඩක් බලන්නකො.
http://qsfox.mozdev.org/

නදුන් උයන said...

බොහොම ස්තූතියි නදී...
මොසිලා ඇඩින් එකත් දාගෙන බලන්නම්....

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...