Pages

Sunday, September 4, 2011

පැස්බර බිත්තරේ ............


දුන් උයන දැන් දිගටම චාරිකා සටහන් වලටම වෙන් වෙලා වගේ හන්ද අද මම හිතුව වෙනත් දෙයක් ගැන ලියන්න. හැබැයි මේ ලිපියත් චාරිකා සටහන් එක්ක පොඩි සම්භන්දයක් තියනව.මම ලියපු පසුගිය ලිපියේ  ඒ කියන්නේ අර සත්තු වත්තකගිහින් ඉතිහාසය ඉගෙන ගත්තු  විස්තර තියනලිපියේ මම දාල තිබ්බනේ පැස්බර බිත්තරයක ඡායාරූපයක්. අපේ මදුරංග මල්ලිත් කියල තිබ්බ එයත් පලවෙනි වතාවට තමයි පැස්බර බිත්තරයක් දැක්කේ කියල. ඔය අතරේ අර මාර බ්ලොග් එකේ තිබ්බනේ බිත්තර ගැන ලොකු විස්තරයකුත්. 

ඔන්න ඔය හේතු කාරක සියල්ලම හින්ද මට අද හිතුන මේ "පැස්බර බිත්තර " ගැන පොඩි සටහනක් දාන්න. මමත් ඉතින් පලවෙනි වතාවට පැස්බර බිත්තරයක් දැක ගත්තේ එදා අර කිඹුල්ලු බලන්න ගිය දවසේ තමයි. 

පැස්බර බිත්තර ගැන මම ඔය එකපාරටම කියාගෙන ගියාට දැන් කට්ටිය දන්නවද පැස්බරා කියන්නේ මොකාද කියල? දැකල නැත්නම් ඉතින් ඔන්න නදුන් උයනේ  "එන්ඩෝ... සත්තුබලන්න එන්ඩෝ...... " කියන පරන සටහනට ගිහිල්ල මූගේ ෆොටෝ එකක් බලල එන්න. (මූව නොදන්න කෙනෙක් නම් ඉන්න බෑ නේද?  )

අපි හැමෝම දන්නවනේ පැස්බරා කියන්නේ අති විශාල පක්ෂියෙක් කියල. පක්ෂියෙක් උනාට මූට පියාඹන්න බෑ. මම හිතන්නේ මේ වගේ විශාල ශරීරයක් තියන හන්ද වෙන්න ඇති තටු තිබුනත් පියාඹන්න බැරුව ඇත්තේ. මූට පියාඹන්න බැටි උනාට මොකෝ දුවන්න ගත්තහම නම් ඉතින් හීය වගේ තමයි. හිටු කියල දුවනව. ඇයි දෙය්යනේ, මෙච්චර ලොකු කකුල් දෙකක් තියෙද්දි ඕනෙම සතෙක්ට බැරියෑ විදල ඇවිදින්න නේද? ඔයිට අමතරව සුවිශේෂී කරුනු නම් මම මුකුත් දන්නේ නෑ, පැස්බරා ගැන. අහ්හ්.. මූට ඉංග්‍රීසියෙන් කියන්නේ "OSTRICH" කියල.

ඔන්න දැන් පැස්බරා ගැන ඇති. දැන් කියන්න යන්නේ බිත්තරේ ගැන. :) 

විශාල සතෙක්ගේ බිත්තරෙත් විශාලයි කියල අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ. නමුත් මම නම් දැකල තියන කුරුලු බිත්තර වලින් විශාලම බිත්තරයක් තිබුනේ පැස්බර බිත්තරේ. පැස්බර බිත්තරෙයි, කිඹුල් බිත්තරෙයි අතර ප්‍රමාණය හරියටම සසඳන්න පුලුවන් මගේ "සත්තු වත්තකට ගොස් ඉතිහාසය ඉගෙනගත්තෙමි...." කියන ලිපියේ පල වෙලා තියන ඡායාරූපය බැලුවනම්. 

පැස්බර බිත්තරත් ආහාරයට ගන්නවා. ව්‍යාපාරික ලෙස පැස්බර ගොවිපල පවත්වාගෙන යන අය මූලික අදායම් ලබන්නේ, පැස්බර බිත්තරයෙන් සහ පැස්බර මස් වලින්. හරියටම කුකුල්ලු වගේ තමයි . :) මම නම් පැස්බර බිත්තර කාල නැති උනාට මෙය සංචාරකයින් වෙනුවෙන් සකස් වෙන විශේෂ ආහාරයක් කියල තමා දැන ගන්න ලැබුනේ. මේ පහතින් තියන පින්තූරේ හොඳට බලන්නකෝ.


මොකක්ද මේ කරන්න හදන්නේ කියල ඔයාලටත් පුදුම ඇති. ඔය කරන්නේ පැස්බර බිත්තරයක් තැම්බුවට පස්සේ කටුව ගලවන එක. සාමාන්‍යයෙන් පැයකට වැඩි කාලයක් තම්බන්න ඕනෙලු. එහෙම තැම්බුව කියල බිත්තරේ කටුව ලේසියෙන් කැඩෙන්නේ එහෙම නෑ. මේක කඩන්න මිටියක් එහෙම අරගෙන වැඩේට බහින්න ඔනේ. නිකන් මවාගන්නකෝ ගල් කඩනව වගේ දර්ශනයක්. :) ඔය ඡායාරූපයෙත් පැත්තකින් මිටියක් එහෙම තියෙන්නේ ඔය වැඩේට යොදාගත්ත ඒව තමයි. 

ඔන්න දැන් පහල රූපෙත් එක්ක බලන්නකෝ ඒ බිත්තරේට අඩුම කුඩුම වැටිල කෑම මේසෙට ඇවිල්ල තියන හැටි. සාමාන්‍ය කිකිළි බිත්තරයක් එක්ක ප්‍රමාණය සසඳන්න ඔන්න නියම වෙලාව.

මම දැන් කියුවේ පැස්බර බිත්තරේ තම්බන් හැටිනේ. 
මෙන්න ඒක ඔම්ලට් වලට.. ඔම්ලට් හදන්නත් ඉතින් කරන්නේ ලොකු ඇණයක් අරන් බිත්තරේ මුදුනට තියල මිටියෙන් ගහල, හිලක් හදාගන්නව. ඊට පස්සේ සාමාන්‍ය ඔම්ලෙට් එකක් හදන විදිහට තමයි. ඔම්ලට් වගේම නිකන්ම බැදලත් ආහාරයට ගන්නව.  


පහල පින්තූරෙනම් තියෙන්නේ ඔය කියන කිසිම ආකාරයක විච්චූරනයක් නොකර , අප්‍රිකානු ගෝතිකයන් පිරිසක් පැස්බර බිත්තරයක් අමුවෙන්ම බොන්න හදන ආකාරය. කවුරුත් දන්නවනේ කිකිළි බිත්තරත් අමුවෙන් බොන අය ඉන්නව කියල. ඔන්න ඒ වගේම ඇති මේක බිවුවහමත් .. !!!

ඔන්න දැන් පැස්බර බිත්තරේ ආහාරයට අරන් ඉවරයි. 

දැන් තමයි අතුරු ඵල.. කටුව ගොඩක් ඝනකම නිසාත්, ඔම්ලට් වගේ ආහරවලට කටුව මුදුනින් හිල් කරල සාරය විතරක් එලියට ගන්න නිසාත් බිත්තර කටුව හොඳ අතුරු පලයක්. විශේෂයෙන්ම විවිදාකාර නිර්මාන කරන්නනම් කියාපු කට්ට... (හටියට අපේ කට්ටිය පොල් කට්ටෙන් නිර්මාන කරනව වගේ අප්‍රිකාවේ මිනිස්සු නිර්මාන කරන්නේ පැස්බර බිත්තර කට්ටෙන්. )
බලන්නකො පහලින් තියන නිර්මාන වල විවිදත්වය. මම මේ නිර්මාන කෙන්යාවෙදිනම් වැඩිපුර දැකල නෑ. දකුනු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් නුවරදි නම් විශාල වශයෙන් නෙත ගැටුනා. ඒ වගේම හැම ජාතියකින්ම එකක් ගානේ ලංකාවට ගේන්න ඔනේ කියලත් නොහිහුනා නෙවෙයි. හැබැයි ඉතින් මිල නම් ටිකක් ඉහලයි."ජොහැන්නස් බර්ග්" ගුවන් තොටේත් වෙනමම කඩයක් තියනව පැස්බර බිත්තර විකුණන. මෙන්න බලන්නකෝ නිර්මාණ ටික.

 මේ කරල තියෙන්නේ නම් ස්ටිකර් එකක් ලස්සනට මුද්‍රණය කරල, බිත්තරේ වටේ අලවල.. හරිම ලස්සනයි. ... ඔය ස්ටිකර් එකේ ඉන්නේත් අප්‍රිකාවේ "විශාලතම 5" කියන සත්තු 5 දෙනානේ.

 

මේ තියෙන්නේ බිත්තරේ උඩ චිත්‍ර ඇඳල ලස්සන කරපුව.. මේ හැම නිර්මානෙකම අර අප්‍රිකානු අනන්‍යතාවයනම් තියනවමයි.
මේ තියෙන්නේ බිත්තරේ උඩ පබලු අල්ලල කරල තියන නිර්මාණයක්. කොහොමද ලස්සන?
















මේ තියෙන්නේ මම වඩාත්ම ආස කරපු නිර්මාන ටික... බිත්තර කටුවේ කැටයම් කරල. හරිම සංයමයෙන් කරන්න ඕන වැඩක් තමයි. බලන්නකෝ කැටයම කැපුවට පස්සේ තියන අපූරුව.. !!! 


 

















අර අගය එකතු කරපු නිශ්පාදනයක් තමයි මේ. ඒ කියන්නේ මේස විදුලි ලාම්පුවක්. ඇතුලෙන් පුන්චි විදුලි බල්බයක් දැල්වෙනකොට කොහොමද ලස්සන. මේ විදිහට හදපු අර සාලේ මැද්දේ එල්ලන ආකාරයේ විදුලි ලාම්පුත් තියනව...


දැන් ඉතින් මගේ පැස්බර බිත්තර කතාව ඉවර කරන්නයි යන්නේ.. ඔය පහලින්ම තියෙන්නේ මම ඉහතින් විස්තර කරපු කිසිම ආකාරයක මනුෂ්‍ය  ක්‍රියාකාරකමකට අහු වුනෙ නැතොත් පැස්බර බිත්තරේට වෙන දේ තමයි... (මොනව වෙන්නද ඉතින්, පැටියෙක් එනව මිසක් නේද? )


 මේ සටහනේ තියන පින්තූරනම් මගේ කැමරා කාචයේ සටහන් වෙච්ච දේවල් නෙවෙයි, අන්තර්ජාලයෙන් හොයාගත්ත දේවල්.... (වැඩිපුර පින්තූර දාන්න කියල පසුගිය ලිපි වල ඉල්ලීමක් කරල තිබ්බ හන්ද ටිකක් වැඩිපුර පින්තූර දැම්ම ඕන්.... )

32 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

දුකා said...

නියම බ්ලොග් එකක් . ..

කලින් කියවලා තියෙනව වගේ මතකයකුත් තියෙනවා . ..

නිවාඩු පාඩුවේ ඔක්කෝම කියවන්නම් ..

දමියා said...

ශා මරුනෙ මෙයා....
රහ මොන වගේද...? කාලා බලන්න ඇති කියලා හිතනවා.!

Madhawa Habarakada said...

වටිනා ලිපියක්. මට ප්‍රශ්නයක්. ඔච්චර හයිය බිත්තර කට්ට, කොහොමද ආර චුට්ටි පැටිය බිඳගන්නෙ???

නදී said...

නියමයි අද තමා පැස්බර බිත්තරයක් දැක්කේ,අම්මෝ ඒකේ ලොකු.පින්තූර දාන එක හොදා.කැටයම් දාලා තියන බිත්තර කටු ගොඩක් ලස්සනයි.

චාරිකා විස්තර ගොඩක් ගේන්න අපි කැමති ඒවා කියවන්න.

මධුරංග said...

පැස්බරා බිත්තරයක් දැක්කෙත් අදමයි
මම නම් ආස නෑ පැස්බරා බිත්තර කන්න. කොටින්ම තාරා බිත්තර කන්නත් මට අප්පිරියයි.
මොනා උනත් ලස්සන කැටයම් බිත්තර.

නිකමා said...

bla bla :P

හිස් අහස said...

නියම පෝස්ට් එක සහ වටින පින්තූර ටික ..

Chandi said...

නඳුන් මල්ලි, පැස්බර බිත්තරයක් මමත් මුල්ම වතාවට දැක්කෙ ජෝ'බර්ග් ගුවන් තොටුපලේදියි. පසුව එහි අයිතිකාරියකත් උනා. ඔයාගෙ මේ විස්තර කියවන කොට ආයෙත් අප්‍රිකාවට යන්න හිතෙනවා. ලොකු නෑදෑ කමකුත් ඇති නිසාම හරිම ආසයි. මට මගෙ ආදරණීය මහත්තයා හමු උනෙත්, මගෙ පුතාල තුන් දෙනාම උපන්නෙත් එහෙදි නිසා මගේ දෙවන මව් බිම සැම්බියාවයි. එහේ ඉන්න කාලේ ගොඩක් රටවල ඇවිද්දා අප්‍රිකාවෙ. පුලුවන් නම් සැම්බියාවටත් යන්න බලන්න. වික්ටෝරියා දිය ඇල්ල එහෙම බලන්න. ස්තූතියි, මේ විස්තර වලට.

batti said...

කලාත්මක නිර්මාණ ගොන්නක්. මිනිස්සුන්ට කොයි තරන්නම් හැකියාවන් ගොන්නක් තියෙනවද?

හරී - පිණිපළස said...

ඔය බිත්තරේ මිටියකින් ගහලා සිදුරු කරද්දි විශබීජත් ඇතුළු වෙන්න පුළුවනි. පැටියෙකුට එන්න නොදී ඔච්චර අමාරුවෙන් මොකට කනවද ඕවා,

පිණිබිඳු... said...

මිටියකින් ගහලා කඩන්න ඕනෙ නම් කොහොමද අප්පා ඕක බිඳගෙන පැස්බර පැටියා එලියට එන්නෙ.

නිසුපා said...

හප්පේ ඕකෙ රස කොහොමද දන්නෙ නෑ.සුදු මදේ ගනකම වැඩියි වගේ මට හිතෙන්නෙ.

ඉන්දික said...

හෆොයි..ඒක කන්න නම් මොකක්ද අපුලක් ආව..
විස්තර දැන ගන්න නම් ලැබුනෙ ඔයාගෙ මේ වටිනා පෝස්ට් එකෙන්ම තමයි.
නියමයි!!

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

බොහොම ස්තුතියි... අගනා තොරතුරු ටිකට...

නදුන් උයන said...

@දුකා:
සාදරයෙන් පිලිගන්නවා... නඳුන් උයනට... කියවල කොමෙන්ටුවකුත් දාල යන්නකෝ..

නදුන් උයන said...

@දමියා:
මම නම් කාල නෑ.. ඒක හන්දා රස කොහොමද කියල දන්නේ නෑ...

නදුන් උයන said...

@මාධව හබරකඩ: ඒක නම් අහගන්න වෙන්නේ පැටියගෙන් තමයි... ( ඇත්තටම මම ඒ ගැන දන්නේ නෑ.. )

නදුන් උයන said...

@නදී :
ස්තූතියි දිරි ගැන්වීමට... ඔයාලගේ ඉල්ලීම හන්දම තමයි මේ පාර ගොඩක් විස්තර ගෙනාවේ...

නදුන් උයන said...

@මධුරංග:
මමත් දැක්කේ අප්‍රිකාවෙදි තමයි මල්ලි, මමත් ඔය කිසිම බිත්තරයක රස බලල නෑ.. කිකිළි බිත්තර හැර... :)

නදුන් උයන said...

@නිකමා:
hiks...

නදුන් උයන said...

@හිස් අහස:

ස්තූතියි සඳරු .. !!!

නදුන් උයන said...

@Chandi:
ස්තූතියි අක්ක ඔයාගේ විස්තරයට... ඇත්තෙන්ම අප්‍රිකාවේ ජීවිතය හරිම වෙනස් අත් දැකීමක් බවට ඔයාත් සාක්ෂි දරනව ඇති... දකුණු අප්‍රිකාවේ සහ කෙන්යාවේ පමනයි මම නම් ගිහින් තියෙන්නේ.. අනෙකුත් රට වලත් යන්න නම් කාලය මෙන්ම මුදලුත් ඕනෙනේ... නැවතත් මෙහි එන්න ආරාධනා කරනව....!!!

නදුන් උයන said...

@batti:
අනිවා ....

නදුන් උයන said...

@හරී - පිණිපළස:
ඒක ඇත්ත අක්ක... සම්පූර්ණයෙන්ම එකඟයි....
නමුත් අප්‍රිකාව කියන්නේ ගෝතිකව පැවත එන ජන සමාජයක්... එයාලගේ වටිනාකම් සහ අපි විශ්වාස කරන වටිනාකම් අතර ලොකු වෙනසක් තියනව,,...

නදුන් උයන said...

@පිණිබිඳු... :
අර උඩින් මාධවට කියුව වගේ ඒක අහන්න වෙන්නේ පැටියගෙන්ම තමයි... ලඟදි පැස්බර පැටියෙක් හම්බුනොත් මම අහල කියන්නම්.. හික්ස්..

නදුන් උයන said...

@නිසුපා:
රස නම් දන්නේ නෑ.. මොකෝ මම කාල නෑ නෙව.. කන්න අදහසකුත් නෑ.. නමුත් කන්න සිද්ද වුනොත් කියන්නම්..

නදුන් උයන said...

@ඉන්දික, @චතුර විජේකෝන් :
ස්තූතියි අදහස් වලට සහ දිරිමත් කිරීමට...

L.Sirisena said...
This comment has been removed by the author.
L.Sirisena said...
This comment has been removed by the author.
L.Sirisena said...

ජීවත් වීමේ අයිතිය මිනිස්සුන්ට විතරක් නෙමේ ඉපදෙන්න ඉස්සෙල්ලා ජීවිතේ අහිමිවුන මේ පුංචි පැටියටත් පොදුයි

නදුන් උයන said...

@L.Sirisena: ඒක නම් ඇත්ත...නමුත් අප්‍රිකානු සමාජයේ වටිනාකම් සහ අපේ සමාජයේ වටිනාකම් අතර විශාල වෙනසක් තියෙනව...

L.Sirisena said...

නමුත් මෙම නිර්මාණවල කලාත්මක බව පෙන්වීමට දැරූ උත්සාහය හා සාපේක්ෂව මේ පුංචි පැටියාගේ ජීවිතයේ ඇති වැදගත් කමත් මිනිස් සිත් වලට කා වැද්දීමට මඳක් උත්සාහ ගත්තානම්..... :))

මොකද මේක කියවපු අයගෙන් ගොඩක් අය මේ නිර්මාණවල ලස්සන ගැන තමයි comment කරල තියේන්නේ....

නමුත් මේ Blog එක නිසා ගොඩාක් විස්තර අප්‍රිකානු සමාජය ගැන දැනගත්තා.....

ස්තූතියි....

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...