Pages

Friday, April 15, 2011

අවුරුද්ද - මූනු පොත - සහ මති මතාන්තර....


ඔන්න ඉතින් සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම...

මේ පාරත් අවුරුද්ද ගෙවිල ගියා ඉක්මනටම නේද? මට නම් මේ පාර අවුරුද්දක් නැ වගෙ තමා...

අප්රිකානු රටක තනියම ගෙවන අවුරුද්ද හරියට ලුනු නැති හොද්ද වගෙ තමා... :(

හැබැයි ඉතින් අවුරුද්දට මාත් එක්ක එකතු වෙලා කත බහ කරපු හැමෝටම ගොඩාක් පින්... මොකො පාලුව නැති කරගන්න skype එකඉ Facebook එකඉ, G Talk එකඉ දුන්නෙ මාරම උදව්වක්... අහ්හ් අමතක උනානෙ... අපේ බ්ලොග් යාලුවන්ගෙ බ්ලොග් ටිකත් මාරම සප් එකක් තමා දුන්නෙ....

*****************************************

මම මේ බැලුවෙ අපේ කට්ටිය නොනගතේ වෙලාවෙත් හිටියෙ මූනු පොතේමනෙ.... අනේ මන්ද.. පන්සලකටවත් යන්නෙ නැති තරම්ම කට්ටිය මූනු පොතට එබ්බෙහි වෙලාද කියල... ඒක නම් තරම් හොන්ද ඩෙයක් නෙවේ මම දකින විදිහට... අනික සමහරු කැම කන නැකත් වෙලාවෙත් මූනු පොතෙ හිටිය මම දැක්ක.

අපි අවුරුද්ද පවුලෙ කට්ටියත් එක්ක කතා බහ කරල යාලුවො එක්ක විනෝද වෙලා ගෙවුවොත් තමයි හොන්ද කියලයි නදුන් හිතෙන්නෙ...

*****************************************

මම මෙ බ්ලොග් කීපයකම දැක්ක මේක දෙමළ ජනතාව සමරන්න ගත්තෙ ලංකවට එයාල අවට පස්සෙ කියල...

එත් මට පොඩි ගැටලුවක් වගෙ දෙයක් තියනව.... මොකද මේ දවසට ඉන්දියාවෙ තමිල්නාඩුවෙ ඉන්න දෙමළ ජනතාවත් මෙ උත්සවෙ සමරනව.... හැබෙයි ඉතින් මහ ඉහලින් නෙවේ.. මොකෝ එයලගේ ලොකුම උත්සවෙ දීපාවලි නෙ..

මම ගිය අවුරුද්දෙ අවුරුදු දවස්වල තමිල්නාඩුවෙ හිටපු හන්ද තමයි මෙ ටික දැන ගත්තෙ සහ සුද්දෙටම. හැබැයි මගෙ මිත්රය කිවුව විදිහට එයාල මෙක සමරන්නෙ ආගමික උත්සවයක් විදිහට.....ලංකවෙ අපිට සිංහල - බෞද්ධ සංස්කෘතිය වගෙ තමයි එයාලටත් දෙමළ- හින්දු සංස්කෘතිය. එක හන්ද මම හිතුව මේක දෙමළ ජාතිකයොත් සමරන උත්සවයක් කියල...

හැබැයි මමත් එක්ක වැඩ කරන දෙමළ නොවන, මලයලම් ජාතික ඉංදියනුවෙක් මේ අවුරුද්දෙදි මාත් එක්ක කියුව දෙයක් තමයි, එයාලත් මේක සමරනව කියල... එයා දෙමළ නොවුනට හින්දු භක්තිකයෙක්.... මට නම් තෙරෙන විඩිහට අලුත් අවුරුද්ද හින්දු භක්තිකයිනුත් සමරන දෙයක්... අරුතින් ගත්තහම... මෙකට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියල කියන එකෙ කිසිම වරදක් නැ,....

ඔයාලට හිතෙන දේවලුත් පහලින් දාන්නකො බලන්න...

*****************************************

අහ්හ්හ් මෙන්න තියනව මගෙ අතින්ම උයපු - මගෙ අවුරුදු මෙසෙ හැඩ කරපු කිරි බත...


සුභ අලුත් අවුරුද්දක් වේවා හෙමෝටම...!!!

3 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

නදී said...

ශා...ශෝක් කිරිබතක්.ලුණු මිරිසනම් ටිකක් සැරයි වගේ...

නදුන් උයන said...

බොහොම ස්තූතියි නදී මයෙ කිරිබත ගැන කොමෙන්ට් කොලාට ...
ලුණු මිරිස ටිකක් තද රතු පාටට තිබ්බට වැඩිය සැර නැ... තක්කාලි ටිකක් දාපු හන්ද සැර බැස්ස....

මගෙ ඉවුම් පිහිම් ගැනත් පස්සෙ වෙනමම ලියන්න තමයි ඉන්නෙ... :)

මකුළු පැංචි (මංචි) said...

හරිම අහිංසක අවුරුදු කෑම මේස්යක්නෙ..මංචිත් (මකුළු පැංචි) ඉන්නෙ මව්‍රටේ නොවන නිසා..අපේ දිහා තිබ්බෙත් මේ වගේ පුංචි අවුරුදු මේසයක්ම තමා...කිරිබතුයි,සීනි සම්බෝලයි,කෙසෙල් ගෙඩියි,බිස්කටුයි....පුංචි පහනකුත් පත්තුකරලා තිබ්බා සිරියාවට.. :D

අර එහා පැත්තෙ තියෙන්නෙ කජු නේද..?

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...