Pages

Sunday, July 17, 2011

වන්ඩලූර් සත්තු වත්තට යමුද?

කාලෙකට පස්සෙ ඔන්න අයෙත් ආව නදුන් උයන පැත්තෙ...
මම වැඩිපුර මෙහෙ නොයෙනවට මට සිංහල බ්ලොග් කියවනයෙන් දීපු දඬුවම නම් තාමත් අයින් කරල නැනෙ. දුකේ බැරුවාය... :(

මහ පොලොවෙ ලියවිලා තියන දේවල්
... ගැන ලියුවට පස්සෙ මට හිතුන පොඩ්ඩක් මගෙ චාරිකා සටහන් ගැන ලියන්න..

අද මම ඔන්න ලියන්න යන්නෙ ඉන්දියාවේ චෙන්නායි හි තියන සත්වෝද්යානය ගැන.
වන්ඩලූර් සත්තු වත්ත කියල තමයි මේකට කියන්නෙ. චෙන්නායි ගුවන් තොටුපලේ ඉඳල කිලෝ මීටර් 15ක් විතර දුරින් තමයි පිහිටල තියෙන්නෙ..

මෙලෝ රහක් නැති චෙන්නායි වල තියන වැදගත් කියන තැන් කීපයෙන් එකක් තමයි මේ... සම්පූර්ණයෙන් අක්කර 1500 ක් විතර තියන මුලු භූමියෙන් විශාල ප්‍රමානයක් සත්තු නැරබිමට වෙන් කරල තියනව.

ඔන්න අපි මුල ඉඳලම එමුකො...
මෙන්න මේක තමා ප්‍රධාන් ඇතුල්වීම.



ලස්සන දිය ඇල්ලක්. හැබැයි ඉතින් කෘතීමව හදපු එකක්.
මීට පෙර මෙහෙම දෙයක් දැකල තිබ්බෙ නැති හන්ද අමුතුම සුන්දරත්වයක් මෙතන තියනව කියල දැනුන...
ඔන්න ඉතින් ගමන පටන් ගන්නෙ මෙතනින්....

විවිදාකාරයේ සත්තු ගොඩක් අපිට මෙතන දි දැක ගන්න පුලුවන් උනා...
මෙ සත්තු වත්තේ තියන විශේෂත්වය තමයි සත්තු වෙනුවෙන් විශාල ඉඩක් වෙන් කරල තියන එක...
අනික කූඩු වල ඩාල තියෙන්නෙත් ඉතාමත්ම සීමිත සත්තු සංඛ්‍යාවක්.

මෙ බලන්නකො වඳුරො , රිලවු ඉන්න හැටි... උනුත් ගොඩක් නිදහස බුක්ති විඳිනව කියල තමයි මට නම් තේරුනෙ..


මම මෙහෙදි දැකපු තව දෙයක් තමයි මෙ සත්තු ගොඩක් කූඩු වල දාල තියනවට වඩා විකල්ප ක්‍රම අනුගමනය කරල තියනව කියන කාරනේ..

මෙ බලන්නකො වලස් තඩියෙක් අපි ලගටම වෙලා ඉන්න හැටි..


මෙ වගෙ සත්තු ඉන්නෙ විශාල ගැබුරු කානු වලින් වට කරපු බිම් කොටස් වල...
එ හන්ද මෙ සත්තුන්ට මිනිස්සු ලඟට එන්න බැ. සිංහයො , කොටි (චෙන්නයි වල ඉන්න කකුල් 4 අය )
වගෙ සත්තු ඔක්කොම ඉන්නෙ මේ වගෙ තමයි... ඒක මටනම් අලුත්ම අත්දැකීමක් උනා...

මෙතනදි සත්ව විශේෂ 150 ක් වගේ දැක ගන්න පුලුවන් උනා..

හැබැයි ඉතින් එපා කරපු වෙඩෙ තමයි සත්තු වත්ත පුරා පයින් ඇවිදින එක... හැතැප්ම 10 ක් විතර ඇවිදින්න තියනව.
අපිට ඉතින් වතුර බොතලයක් වත් අරන් යන්න මොලයක් තිබ්බෙ නැනෙ.ඇතුලෙ නම් කඩ මුකුත් නැ.. දොරටු ලඟ මිසක්.. :(

අහ්හ් තව දෙයක් කියන්න අමතක උනා...
මේ සත්තු වත්ත නම් නියමෙටම තිබුනට එතන තිබුන මින් මැදුර නම් මට අල්ලල ගියෙ නැ..
ලංකාවෙ දෙහිවල මින්මැදුර වත්, කැලණියේ වෝටර් වර්ල්ඩ් මින්මැදුර වත් තරම් එතන මාලු නම් නැ... :(

ඔන්න ඉතින් දවසක්ම ගෙවන්න නම් කියාපු තැන.
කවුරු හරි චෙන්නායි සංචාරයක යෙඩෙනව නම් මෙතනටත් යන්න අමතක කරන්න එපා...

4 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

සංකල්ප said...

අපි නොගිය තැනක් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි සහෝදරයා.
මම් කැලණියේ වෝටර්වල්ඩ් එකට ගිහිනුත් නෑ. :(

නදුන් උයන said...

ටෑන්කූ ටෑන්කූ අපෙ පැත්තෙ ආවට සහ ප්‍රතිචාර දැක්වුවට......

Sajith said...

aio mata sinhala akuru nee..samawena onee...mee satu wata mata kawadawat amataka karana bee..Parana matakayan alut wenawa,,oya okkoma atta tama..awidima nam harima katak..et mata nam eka mara chance ekak una eda...mokada palaweni yen ma ganu lamayat eka eliyata giyapu tana..

නදුන් උයන said...

@සජිත්: අහ්හ්.. පෙම්බරියත් එක්කල යන්න නම් හොඳයි තමා... ටික දුරක් ගියහම වඩාගෙන යන්න කියල කියුවෙ නැද්ද?

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...