Pages

Saturday, August 27, 2011

සත්තු වත්තකට ගොස් ඉතිහාසය ඉගෙනගත්තෙමි....

න්න කෙන්යාවේ චාරිකා සටහන් වල දෙවැනි කොටසත් මෙසේ ලියවෙන වගයි.. පලමු කොටස කියවූ සියලු දෙනාටම ස්තූති වන්ත වෙන අතරම, අදහසක් ද පල කල පාඨක සැමට සුවිශේෂී ස්තූතියක්ද හිමිවිය යුතුයි.

අප උදෑසනින්ම ගමන් ආරම්භ කල බව මම මුල් ලිපියේ සඳහන් කලෙමි. පැය පහක පමන සෆාරි චාරිකාවෙන් පසු අපි නයිරොබි ජාතික වනෝද්‍යානයට සමුදී ආපසු පැමිනියේ බොහෝ සුන්දර මතකයන් ද හිත් තුල මෙන්ම අපගේ කැමරා තුලද රඳවාගෙනය.වේලාව දහවල් 12 පසුවී තිබුනද බඩ ගින්නක් නම් අප අසලටවත් පැමිනියේ නැත.ඊට හේතුව හොන්දටම හිත පුරවාගෙන සිටි නිසා බව අපි සියල්ලොම දැන සිටියෙමු. මහ වනයෙන් එලියට පැමිනි අපට තවත් සුවිශේෂී ස්ථානයක් වෙත රැගෙන ගියේ අපේ මාර්ගෝපදේශක වරයා ද වූ රථාචාරියා විසිනි.

එම ස්ථානය නමින් "කිඹුල් උයන" නම් අර්ථ ගැන්වෙන "ක්‍රොකඩයිල් පාර්ක්" ලෙස නම් කර තිබිනි. සුපුරුදු පරිදි ප්‍රවේශ පත්‍ර මිලදී ගත් අපි "කිඹුල් උයන" ට ඇතුල් වුනෙමු.

මූලිකව කිඹුලන්ගෙන් සහ තවත් සතුන් රැසකගෙන් සමන්විත වුනු කිඹුල් උයන තුලදී නම් අප හට මාර්ගෝපදේශකයෙකුගේ සහය ලැබුනි. මහ වනයේදී නිදහසේ සිය රජ දහනේ වෙසෙනා සතුන් මෙහිදී අප දුටුවේ කූඩුවක සිර වී සිටිනායුරුය. එකම දවසක අප දුටු මේ දසුනින් මහ වනයේ ඇති නිදහසත්, සතුන් කූඩුවකට ගාල් කර ඇතිවිට ඔවුන්ගේ නිදහස සීමාවන අයුරුත් හොඳින්ම අවබෝධ වූ බවනම් මුලින්ම කිව යුතුය.

මුලින්ම අපව පිලි ගත්තේ විවිධාකාරයේ ඉබ්බන් පිරිසකි. ලංකාවේද බහුල තාරකා ඉබ්බන් කෙන්යාවේදීද දකින්නට ලැබුනි. මේ ඉබ්බන් සංචාරකයන්ගේ අතට එන්නටද මහත් ආසාවක් දක්වන හැඩක් ද දුටිමි. අපි සියලු දෙනාම ඉබ්බෙකු අතට ගෙන සුරතල් කරන්නට කැමැත්තක් දැක්වීමු. අපගේ සහායකයා අපිට ඒ වෙනුවෙන්ද උදවු කල බවත් කිව යුතුමය.

මීලඟට අපි ගියේ අපි බලාසිටි කිඹුල් ගාල දෙසටය.

එහි අප යනවිට කිඹුල්ලු සියල්ලෝම මනා රටාවක් මවමින් ඔවුන්ගේ රජදහනට වී ඔවුන්ගේ පාඩුවේ බලාගත් අත බලාගෙනම සිටියේ අපව තඹ දොයිතුවකටවත් මායිම් නොකරමිනි.

කුඩා කාලයේදී මේ ආකාරයෙන්ම අහුන්ගල්ලේදී කිඹුලන් විශාල ගණනක් දුට බව මගේ මතකයට ආවේ නිරායසයෙනි. මීලඟ මොහොතේ සිදුවූ දෙයින් අපි සියලු දෙනාම විමතියට පත් වීමු. අපට පාර කියන්නට පැමිනි සගයා මොහොතකින් කිඹුල් ගාලේ දැලෙන් ඇතුලට පැන ගත්තේ අපි සියලු දෙනාටම මහත් කුතුහලයක් ඇති කරවමිනි.

දැන් මේ මිනිසා සිටින්නේ මිනී කන කිඹුල්ලු 20 ක් පමන සිටින්නාවූ දිය පොකුනට ඉතාමත් ආසන්නවය. මොහු අතේ දිගටි ලී කැබැල්ලකි.. එක් වරම මොහු අතැති ලී කැබැල්ලෙන් එහි සිටි කිඹුලෙකුට වැරෙන් පහරක් එල්ල කළේ එහි මෙතෙක් තිබූ නිහඬ බව මොහොතකින් බිඳ දමමිනි. ඉන් පසු අප ඉදිරියේ මැවුනු දසුන ට පහත ඡායාරූපය හොඳින් සාක්ෂි දරනු ඇති.

කිඹුල්ලු බලල අපි ගියේ මේ උයනේ වෙනමම පැත්තකට... එහි යන අතරේ අපට තවත් දුර්ලභ දසුනක් දකින්නට හැකිවිය... පහත පින්තූරයේ තිබෙන බිත්තර අපට පෙන්වූයේ අපේ සගයාය. ඔබ දකින කුඩා බිත්තරය කිඹුල් බිත්තරයකි. ඔහු අපිට පැවසූ ආකාරයට නම් මේ බිත්තරය එතරම් ඝන බිත්තරයක් නොවේ... මෙහි පෙනෙනා විශාල බිත්තරය කුමන ආකාරයේ සතෙකුගේ කියා ඔබට අනුමාන කල හැකිද? ඒ අත්තටු ලැබුනට පියාඹන්නට වරම් නැති පැස්බරාගේ බිත්තරයකි. (පැස්බර බිත්තර ගැන වෙනම ලිපියක් පල කරන්නයි මගේ අදහස... )



මීලගට අප පාතැබුයේ සිවුපා ලෝකේ ඉනිමග හෙවත් ගිරාෆ් ගේ නිවහන දෙසටයි... මහ වනයේදී ඈතට දුටුව ගිරාෆ් ලඟටම යන්නටත් උගේ හිස පිරිමදින්නටත් වාසනාව ලද අපි කොල අත්තක් කවා ඌටත් අපේ ආදරය දැක්වූයෙමු. නමුත් එකම දවසක මහ වනයක සහ සත්ව උයනක සංචාරයෙන් අපට දැනුනු සිතිවිල්ල වූයේ.. මහ වනයේ සතුන් කොතරම් නිදහසේ සිය ජීවිතය ගෙවනවාද යන්නයි... නමුදු සත්වෝද්‍යානයකින් සිදුවන කාර්ය භාරයක් ඇති හෙයින් එය හෙලාදැකීමට නම් මට සිත් නොදේ.





අප දැන් පිවිසෙන්නේ කෙන්යාවේ මූර්ති කලාව දැක ගන්නටයි.සිත් බැඳගත් මූර්ති ද අප දුටුවේ සත්වෝද්‍යානය තුලදීමය. මෙම රූ පෙල දෙස බලන ඔබටත් අප්‍රිකානුවන්ගේ මූර්ති කලාව පිලිබඳ යම් අදහසක් ලැබෙනු ඇතැයි සිතමි...










අවසාන වශයෙන් විස්තර කරන්නට යන්නේ අද කෙන්යාවේ ඉතිහාසය මැනවින් පෙන්නුම් කරන කලා නිර්මානයකි.අවාසනාවට මෙම නිර්මානය සම්පූර්නයෙන්ම මගේ කැමරාවේ සටහන් වී නොතිබිනි. නමුත් මෙහි කියවෙන කතාව නම් අප මතකයන් තුල හොඳින්ම තැන්පත් වී තිබේ...

අප්‍රිකානු අනෙකුත් රටවල් මෙන්ම මුලින්ම කෙන්යාවේද ස්වදේශික ජනයා යටත් වූයේ අරාබියෙන් පැමිනි වෙළඳ ආක්‍රමනිකයන්ටය. අදත් සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් මේ අප්‍රිකානු මහද්වීපයේ දැක ගත හැකිය.තවත් සුවිශේෂී කරුනක් වන්නේ අරාබියේ සුදු සම සහිත මිනිසුන්ගේ සහ අප්‍රිකානු කලු සම සහ බොකුටු කොන්ඩ සහිත මිනිසුන්ගේ සංකලනයෙන් බිහිවූ විවිද ජන වර්ග මේ අප්‍රිකානු මහද්වීපයේදී ඉතා සුලබය. අප්‍රිකානු ජාතිකයින් සිය වහලුන් ලෙස අරාබි ජාතිකයින් විසින් යොදාගත් අයුරු මේ නිර්මානයෙන් මනාවට විස්තර කර තිබේ.

ආසියාවේ මෙන්ම අප්‍රිකාවේද පසු කාලීනව සිය බලය වැපිරුවේ යුරෝපා ජාතිකයින් විසිනි. ඔවුන් මෙහි පැමින ඇත්තේද එක් අතක තුවක්කුවක් සහ අනිත් අතේ බයිබලය තබාගෙනය. එකල්හි ස්වදේශිකයෝ සුද්දන්ගේ බැල මෙහෙවර කරන්නට අකමැති වූහ. ලංකාවේ දී මෙන්ම අප්‍රිකාවේදීද ඔවුන්ගේ තුරුම්පුව වුයේ ඉන්දියානු කුලී කම්කරුවෝය... කෙන්යාවේ දුම්රිය මාර්ග තනන්නට සුද්දන් විසින් යොදාගත්තේ අඩු මිල ඉන්දියානු කම්කරුවෝය.

මෙම කම්කරුවන් මුහුන දුන් බියකරුම අත්දැකීම වූයේ මහ වනය මැදින් මං මාවත් තනද්දී මහ වනයේ සැබෑ හිමි කරුවන්ට ගොදුරු වන්නට සිදුවීමය. මෙසේ පැමිනි කම්කරුවෝ සිය ගනනක් සිංහයින් ගේ ගොදුරු බවට පත්ව තිබේ. මෙම නිර්මානයෙන් පෙන්නුම් කරනුයේ එම යථාර්තයයි. නමුත් මෙහිදී කිව යුතු යමක් තිබේ. අපේ රටට පැමිනි ඉන්දියානුවෝ බොහෝ දෙනෙක් අදටත් තේ වතු වල කුලී වැඩ කරති. නමුත් කෙන්යාවට පැමිනි ඉන්දියානුවන් මෙහි ස්වදේශිකයින්ට වඩා බොහෝ ඉදිරියට ඇවිත් ඉහල සමාජ තලයක ජීවත් වෙයි. මෙහි ඉහල පෙලේ ව්‍යාපාර රැසක හිමි කරුවෝ අද ඉන්දියානුවෝය.. බොහෝ ආයතන වල වැදගත් තනතුරු හොබවන අය අතරින් ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයින් සුවිශේෂීය.අද වන විට මෙහිම උපත ලද සිව්වන පරම්පරාවේ ඉන්දියානුවන් ද කෙන්යාවේදී අපට දැක ගත හැකිය.

කිඹුලන් බලන්නට මෙහි පැමිනි අපි ඉතා වටිනා ඉතිහාසය පාඩමක් ද ඉගෙනගෙන මෙම සුන්දර ස්ථානයට සමු දුන්නේ තවත් මෙවැනිම තැනකට ලඟදීම පය තබන්නට අදිටන් කරගෙනය.

ෆ්ලෙමින්ගෝ දහස් ගනනින් දුටු සහ සිංහ යුවලකගේ ආදරය සියැසින් දුටු මීලඟ චාරිකාවේ විස්තරත් ලඟදීම නදුන් උයනේ බලාපොරොත්තු වන්න...

**************************************************************************************

නදුන් උයනේ පෙර ලිපි කියවූ සුවිශේෂී චරිතයක් මාහට යෝජනා කලේ මෙම ලිපි ලිඛිත බසින් ලියන ලෙසයි. අත් හදා බැලීමක් ලෙස මෙම ලිපිය ලිවීමේදී එම ක්‍රමය අනුගමනය කල අතර, ඉදිරියේදී කුමන රටාවක් අනුගමනය කරන්නේද යන්න තීරනය කරන්නේ ලැබෙන ප්‍රතිචාර මතය.. විටෙක මෙම රටාව ඔබට සිත් නොගන්නටද පුලුවන. එබැවින් ඒ පිලිබඳවද ඔබේ අදහස් දක්වන්නේනම් නදුන් උයනේ හිමිකරුවා අතිශය ස්තූති වන්ත වෙමි.

17 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

prasanna86k said...

නියමයි අයියේ... පින්තුරත් එක්ක කියවද්දී අපිත් නිකං ඔයත් එක්ක තියා වගේ...

පන්සල් හංදිය said...

ඒ විදියට බලන්න එන අයට සත්තුන්න ගහන්න පුලුවන්ද, මල මඟුලයි කෑවනං එහෙම .....

අසoක said...

හරිම වටිනා ලිපියක්.පින්තූර සමග දාලා තියනා එක බොහොම වෑදගත්.සාර්තක ලිපියක්..

නදී said...

තව පින්තූර දාන්න තිබ්බ අපිට බලන්න.

මධුරංග said...

මම පස්බර බිත්තරයක් දක්කමයි.
මේක තම්බලා ගත්තොත් ගොඩ දෙනෙක්ට කන්න පුලුවන් වෙයි නේ !!!

නිසුපා said...

තව පින්තූර දාන්න ලබන පාර. එතකොට අගය වැඩියි.මෙහෙමත් වරදක් නෑ.අපි ඉතින් ඕවා කවදා කියලා බලන්නද...

නදුන් උයන said...

@prasanna86k: ස්තූතියි මේ පැත්තේ ආවට මාලු මල්ලිට...

නදුන් උයන said...

@පන්සල් හංදිය ..
නෑ නෑ.. මේ කිඹුලට ගැහුවේ ඒ ආයතනයේම සේවකයෙක්... අපිට ලැබුනු මාර්ගෝපදේශක වරයා... මෑනුත් ඉතින් දන්න වැඩ කිඩ ඔක්කොම දානව විදේශිකයෝ ආවහම... එතකොට තමයිනේ එයාලගෙත් "ටිප්" එක සරු වෙන්නේ....

නදුන් උයන said...

@අසංක :
ස්තූතියි... ඉදිරියටත් චාරිකා සටහන් කීපයක්ම දාන්නයි හිතන් ඉන්නේ...

නදුන් උයන said...

@නදී :
සමාවෙන්න, මම හිතුවේ මේ පින්තූර ටිකත් වැඩි වෙයි කියල.. මීලග සටහනේ ඉඳල පින්තූර ටිකක් වැවිපුර දාන්නම්.

නදුන් උයන said...

@මධුරංග:
මමත් පැස්බර බිත්තරයක් ඉස් ඉස්සෙල්ලම දැක්කේ මෙහෙදි තමා... පැස්බර බිත්තර ඔම්ලට් ගැන නම් මම අහල තිබුනට තම්බල කනවද කියලනම් අහල නෑ... ඉස්සරහට පැස්බර බිත්තර ගැන වෙනම ලිපියක් ලියන්නයි ඉන්නේ...

නදුන් උයන said...

@නිසුපා:
අනිවා ඊලඟ පාර පිංතූර ටිකක් වැඩිපුර දාන්නම්.. මගේ මූනු පොතට ගියොත් නම් මේ චාරිකාවේ ඡායාරූප ගොඩක් දැක ගන්න පුලුවන් වෙවි..

Chandi said...
This comment has been removed by the author.
Chandi said...

පොස්ට් එක ඩිලීට් කලා වැරදි තැන දැම්ම නිසා. මල්ලි අප්‍රිකාව කියන්නෙ සොබාදහමේ කුතුහලය, ආදරය, භයානක කම , සුන්දර බව සෙනෙහස හැමදෙයම පිරුනු තැනක්. මිනිස්සුත් ඒ වගේමයි. සමහරු හරිම හොඳයි, සමහරු ඉතාම භයානකයි, සමහරු හරිම සොඳුරුයි. ගොඩාක් දැනුම ගන්න පුලුවන් තැනක්. කොහොම හරි උපරිම ප්‍රයෝජනේ ගන්න ඉන්න කාලෙදී. ස්තූතියි, මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවාට. ඔයාට ජයම පතනවා.

නිසුපා said...

ඔයාගෙ මූනු පොතට යන්නෙ කොහොමද?

නදුන් උයන said...

@චන්දි අක්කා, ස්තූතියි, ඒ වගේම ඔබේ අදහසුත් සහතික ඇත්ත...

නදුන් උයන said...

@නිසූපා:
ඔය පහලින් තියෙන්නේ පින්තූර බලන ලින්ක් එක... (ඒක ඉතින් ඔයාල වගේ මූනු පොතේ යාලුවන්ට විතරයි.. )

http://www.facebook.com/media/set/?set=a.10150107464382679.285346.508657678&type=1

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...