Pages

Sunday, July 12, 2009

සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම ....

මගේ මුල් ලිපියෙන් මම කතා කළානේ. විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල අතුරු මුහුණත ගැන. දැන් කතා කරන්නේ ඔෆිස් 2007 සිංහල අතුරු මුහුණත ගැන. මෙම අතුරු මුහුණත දැනට ක්‍රියාකාරී වන්නේ වර්ඩ් - එක්සෙල් - පවර් පොයින්ට් සහ අවුට්ලුක් යන මෘදුකාංග සඳහා පමණයි.

දැන් ඉතින් කතා මදෑ. බලන්නකෝ මේ මෙනු ටිකට වෙලා තියන දේ.

බොහෝ දුරට සිංහල වචන වලට පරිවර්තනය වෙලා. Home වෙනුවට මුල් පිට!. Insert වෙනුවට ඇතුල් කරන්න! Header වෙනුවට ශීර්ෂකය! Footer වෙනුවට පාදකය! සිංහල භාවිතාවේ වරදක් නම් නෑ. පුරුදු වෙනකොට හරියයි. හැබැයි “පිටු පිරිසැලසුම” කිව්වහම ටිකක් තේරෙනව මදිද මන්ද? ඒ මොනව උනත් ටූල් ටිප් එකෙන් දෙන උදව්වත් සිංහලෙන් ම දෙන එක නම් හොඳයි. විශේෂයෙන්ම අපිත් ඉතිං ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තට තවමත් ඉංග්‍රීසි හැකියාව අවම පිරිසක් ඉන්නවානේ. ඒක හන්දා සිංහල උපදෙස් හුඟක් වටිනව කියලයි මට හිතෙන්නේ.

මෙහි තියන තවත් විශේෂයක් තමයි සංවාද කොටු සහ විසාඩ් පවා සිංහලෙන් ඉදිරිපත් කර තිබීම. මීට පෙර Mail Merge කරන්නනම් ඒ ගැන දැනන් ඉන්නම ඔනේ. ඒත් දැන් තේරෙන සිංහලෙන් මේ කියල තියෙන්නේ කරන විදිහ

ඒ විතරක් නොවෙයි. දැන් දිය සලකුණු හෙවත් water mark වුනත් සිංහලෙන් තියනවා. සිංහල ශබ්ද කෝෂයත් ඉතා වටිනවා. හැබැයි වචන ගොඩක්ම අඩුයි. නමුත් දීල තියන වචන ටිකත් මදැයි. “ පිලිබඳ ” කියල යතුරු ලියනය කළහම මෙන්න යටින් රතු ඉරක් වැටෙනව. ඒක මතට ගියහම මෙන්න “ල” මූර්ධජ වෙන්න ඕනෙලු. නණ ලළ බේදය මතක් වුනේ එතකොට.




අවුට්ලුක් මෘදුකාංගය සමගින් අත්දැකීමත් හරිම අමුතුයි. තැපෑල - දිනදසුන - කාර්යයන් - හමුවීම් මේව නම් ඉතිං අමුතු වචන නොවෙයි නේ. මේ හැම දෙයකම තියෙන්නේ සිංහල පරිශීලකයෙක් වෙනුවෙන් දී ඇති සහයෝගයක් තමයි.

මට නම් තේරෙන විදිහට මෙය පරිගණක සිංහල කරණයේ යෝධ පිම්මක් වේවි.
මෙම භාෂා අතුරු මුහුණත. XP මත වුවත් ඔෆිස් 2007 වෙත මෙම අතුරු මුහුණත ස්ථාපනය කළ හැකියි.

මෙන්න සබැදුම : http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

ඔබේ අත්දැකීම ගැනත් පහතින් ලියන්න ආරාධනා කරනවා.

14 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

දිමුතු said...

මමත් Office 2007 වලට සිංහල දාල බැලුවා. නියමයි.

ඉංග්‍රීසි නොතේරෙන අයට මේක ලොකු උදව්වක් වේවි.

Unknown said...

thanks ayya

Indranama said...

මචං ඔය සිංහල අකුරු ඔයිට වඩා ලස්සනට පෙනේවි ClearType ඇක්ටිව් කලොත්.

rane said...

නියමයි නියමයි මල් හතයි.

Anu said...

මාත් ඕක දාල බැලුවා. ඇත්තටම හොඳයි.
සිංහල spellchecker එන්නෙ කවදද. ඒක තමයි ඊළඟට අවශ්‍යම දේ.

Aravinda said...

මේක office 2010වල වැඩ කරයි ද දන්නේ නෑ නේද. ඩවුන්ලොඩ් කළා. දැන් ඉන්නේ උබුන්ටුවල. වින්ඩෝස්වලට ගිහින් බලන්න ඕනේ.

Unknown said...

ela ela ada thama mama meka dakke
thanks ayya

Indranama said...

මෙතන දැකල පුරුදු පිංතූරයක් අහම්බෙන් දැක්ක තව තැනක තියෙනවා. :D
නවුද කොපි කලේ කියල මොලේ තියෙන අයට තේරුං යාවි.

නදුන් උයන said...

@හැමෝටම:
විස්ටා සිංහල වීම ගැන වැඩිය ප්‍රසාද ජනක අදහස් ඇවිත් තිබුනෙ නැති වුණාට ඔෆිස් 2007 ගැනනම් කට්ටියම සතුටින් කතා කරනවා.
මම දැක්ක බ්ලොග් අඩවි කීපයකත් මේ නව විප්ලවය ගැන කතා කරල තියනවා.

@Anu: Spelling Checker 1 හෙවත් අක්ෂර වින්‍යාස පරීක්ෂාව මේ සමගින් ඔබට ලැබෙනවා.අළුතින් එන්න දෙයක් නෑ. හැබැයි වචන පොඩ්ඩයි තියෙන්නෙ. තව ගොඩක් දියුණු වෙන්න තියනවා.

@අරවින්ද: විහිලු කතාවක්නෙ? උබුන්ටු වල වැඩ කරන ඔබ ඕපන් ඔෆිස් සමග වැඩ කරන්න. ඒක හොඳයි. මම මේ ලිපිය ලියුවේ උබුන්ටු වල වැඩ නොකරන Office 2007 වල වැඩ කරන අය වෙනුවෙන්.

@ප්‍රවීන්: "තව තැනක"ට දීල තියන ලින්ක් එක වැඩකරන්නෙ නැති පාටයි.එතන තිබුණ පිංතූරය මොකක්ද? විස්ටා ඒරෝ වත් වැඩ කරන්නෙ නැති මගෙ කබල් මැෂින් එකෙන් ගත්ත පිංතූරයක්ද එතන තිබුනෙ. ලින්ක් එක දැක්කෙ නැති නිසා මොනවත් කියන්න බෑ නෙ.

Indranama said...

මේ දවස්වල ඔය සයිට් එක වැඩ නෑ.
තිබුනෙ මෙතන 3වෙනියට තියෙන පිංතූරය. යටින් ලියලා තිබුනා "මම මේක ගත්තේ වෙන තැනකින්" කියලා, හැබැයි කොතනින්ද කියලා නං නෑ :D

නදුන් උයන said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම:හඃ හඃ හා.... කමක් නෑ...කමක් නෑ... එහෙම හරි ලියල තිබුණ එක මදෑ...

Prabath Chaminda said...

ආසාවේ බෑ

ධනික | Dhanika said...

spell checker එකේ වචන තොගයක් තියෙනවා මචං... නමුත් සමහර වචන අපි type කළාට එයාට හඳුනගන්න බෑ ඒක තියෙනවද නැද්ද කියලා.. සිංහල භෂොව ගොඩක් සංකීර්ණ නිසා වචන වෙන් වෙන තැන් එහෙම හඳුනගන්න අපහසු ඇති..
මං අදයි මේ සටහන දැක්කෙ.. ඒ දවස් වලම මාත් ඔය spell checker එක ගැන ලිව්වා.. මෙතනින් කියවන්න..

සිංහලෙන් ඉගෙන ගනිමු. said...

මයික්‍රොසොෆ්ට් වර්ඩ්ස් සිංහලෙන් ඉගෙන ගන්න කැමති ද...

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...