Pages

Sunday, September 26, 2010

"අලුත් ශ්‍රී ලංකාව " බොහෝ දුර නොවේ !!!

වසරකටත් වැඩි නිහැඩියාවකට පස්සේ ඔන්න මමත් ලියන්න පටන් ගත්ත. මේ පාර නම් මම ලියන්න හිතන් ඉන්නේ මගේ රට ගැන .... ඒ කියන්නෙ අපේ මේ ශ්‍රී ලංකාව ගැන. මේ දවස් වල අපේ රට ගැන ගොඩක් විස්තර ලෝකයෙන් අහන්න ලැබෙනවා.


ඒ අතරේ මම ඊයෙ කියෙව්ව ලිපියක කියවුනේ ලෝකයේ සංචාරකයින් සදහා අවම මිලකින් පහසුකම් ලබාගත හැකි රට ලෙසට ලංකාව පත් වෙලාය කියල. මේ ලිපිය පල වෙලා තිබුණෙ ටෙලිග්‍රා‍‍ෆ් කියන
බ්‍රිතාන්‍යයේ සිට පල කරන වෙබ් අඩවියක. ලිපියට මූලික වෙලා තිබුණෙ Post Office® කියන ආයතනයෙන් කරපු සමීක්ෂණ වාර්තාවක්. එම සමීක්ෂණයට අනුව එළැඹෙන ශීත කාලයට සංචරණය සදහා යෝග්‍ය රටවල් අතුරින් අවම මිලකට තම අවශ්‍යතා සකසා ගත හැකි රට ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

දෙවෙනි තැනට ඇත්තේ මෙක්සිකෝවයි. මෙම සමීක්ෂණයට අනුව ඕස්ට්‍රේලියාව සහ හොං කොං රාජ්‍ය අධිකම ලෙස මිල වැඩි සංචාරක ස්ථාන ලෙස හදුනාගෙන තිබේ. මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ සවස ආහාර, කෝපි කෝප්පයක්, හිරු රැසින් රැකෙන්නට ආලේපකරන ක්‍රීම් ආදී කොටගත් සංචාරකයින් භාවිතකරන භාණ්ඩ 10 ක් පිළිබදව රටවල් 22 ක මිල ගනන් සැසදීමෙනි. අපේ රටේදී එම භාණ්ඩ සදහා මිල £46.85 ක් ලෙස ගනන් බලා තිබේ. ඕස්ට්‍රේලියාවේදී එය £155.48 ක් වෙයි.

මීට අමතරව මෙම ලිපිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම පසුගිය වසරට වඩා 47% කින් ඉහල ගොස් ඇති බවය. 400,000 ක් විදෙස් සංචාරකයින් 2010 මුල් මාස 8 තුල මේ සංචාරක පාරාදීසයේ සැරිසරා ඇති බවද එහි සදහන් වේ.

ඒ කෙසේ වෙතත් මෙමගින් අපට දැනෙන දෙයක් නම් සංචාරක ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකාවට අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රැස්කරගන්නට අවැසි වටා පිටාව දැන් සැකසෙමින් පවතින බවය.

එබැවින් අපද හැකි සෑම අයුරකින්ම විදෙස් හි සිටිනා අපේ හිතවතුන් හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශණය පිළිබද දැනුවත් කිරීම වටිනේය.

එවිට "අලුත් ශ්‍රී ලංකාව " බොහෝ දුර නොවේ !!!

මේ සටහනට මූලාශ්‍රය : http://www.telegraph.co.uk/travel/travelnews/8022200/Sri-Lanka-and-Mexico-best-for-long-haul-value.html

මෙම ලිපිය වෙත ෆේස් බුක් සටහනක් හරහා මා යොමු කළ මදුශංකටත් ස්තූතියි.

3 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Anonymous said...

ගාන අඩු නම්, ඕනි කුණු ගොඩක් කරේ ගහ ගන්න අපේ රටේ උන්, වගේ නෙමෙයි නියම සංචාරකයෝ කියන උන්. ඔවුන්ගේ අවශ්‍යතාවන් තමයි නිදහස, නීතියේ රැකවරණය, ආරක්ෂාව සහ පොදු සේවාවන්හි ගුණාත්මකතාව යන කරුණු. මේ දේවල් වලින් අපේ රට ඉන්නා තැන ලෝකෙට අමුතුවෙන් කියන්ට ඕනි නෑ. ඒකයි වැඩි ගණන් ගෙවලා හරි ඔසී, හවායි, මාලේ හරි වෙන කොහෙ හරි යන්නේ. අපේ කට්ටිය කටින් බතල කොල හිටෙව්වාට, කොළඹ වරායට කෲස් එකක් ආපු කාලයක් මතක නම් කියන්ට බලන්න.

ගාන අඩු තැන් වලටත් විදේශිකයෝ කට්ටියක් එනවා තමයි. ඒත් ඒ සංචාරයට නම් නෙමෙයි. උන්ගේ මගෝඩි ජාවාරම් වලට. මැක්සිකෝව ප්‍රසිද්ධ මොකටද කියල මල්ලි දන්නවනේ. හැබැයි කවුරු හරි ඇවිල්ල රටට සල්ලි ටිකක් එන එකට නම් මාත් කැමතියි. හැබැයි මගේ රට ගැන පොර ටෝක්ස් දීල, නිකං පීචං වෙන්න නම් මට බෑ. මගේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් පරිසරයක් අවුරුදු 60ක් තිස්සේ හදන්න අපේ උන්ට බැරි උනා. දුක උනත් ඒක තමයි ඇත්ත.

-පිටස්තරයෙක්

නදුන් උයන said...

@පිටස්තරයා :
අවුරුද්දකට පස්සෙ ලියපු සටහනට පලමුවෙන්ම ප්‍රතිචාර දැක්වූවාට ස්තූතියි.

ඔබ කියන දේ යම් තරමක් දුරට හරි. ඒත් අපි අපේ රට වෙන කවුරුහරි හදනකම් බලා සිටියොත් අවුරුදු 60 වගේ තුන් හතර ගුණයක කාලයක් බලා ඉන්න වේවි.

මම මෙහිදී පෙන්වන්නට උත්සාහ කළේ යම් කිසි හෝ වාසියක් දැන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සංචාරක අලෙවිකරන පරිසරය තුල නිර්මාණය වෙලා තියනව කියන එකයි. අපි එමගින් ප්‍රයෝජනයක් ලබාගත යුතුයි කියන එකයි මගේ හැගීම.

ඔබේ සටහනේ එක දෙයකට මම එකග නෑ. මගේ රටේ කොපමණ අඩුපාඩු තිබුණත් අපි විදේශිකයන්ව දැනුවත් කරන්න ඕනෙ අපි ළග තියන වටිනාකම් ගැන. සියල්ල අංග සම්පූර්ණ රටක් අපිට කොහේදිවත් දැකගන්න බැරි වේවි.

මම මෙහි මාතෘකාව සදහා "අලුත් ශ්‍රීලංකාව" යනුවෙන් යොදා ගත්තේ දේශපාලනිකව එය භාවිත වන අර්තයෙන් නම් නොවේ.

නදුන් උයන said...

@වජිර නදුන් සෝමරත්න

test

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...