Pages

Monday, April 9, 2012

මායාකාරී කෙන්යාවේ සිට අලුත්වන ශ්‍රී ලංකාව දක්වා.. (From Magical Kenya to Refreshingly Sri Lanka )


පෙර ලිපිය ලියල මාස 2 කටත් වැඩියි. ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් බොහෝ හේතු නිසා ලිපියක් ලියන්න බැරි උනා. ඒ බොහෝ හේතු අතර ආසන්නතම හේතුව උනේ මගේ පහුගිය කාලයේ ලිපි රැසකටම පාදක වෙලා තිබුනු කෙන්යාවේ ජීවිතයට සමුදී යලිත් මවු රට පැමිනීම. සමහර විට නදුන් උයනේ බ්ලොග් රසිකයෝ ටික ඒ ගැන කණගාටුවෙනවත් ඇති. නමුත් ලංකාවේ ඉඳලත් ලියන්න තව ගොඩක් විස්තර තියනව. අඩුම තරමේ තව ලිපි 5 ක් වත් කෙන්යාව ගැන ලියන්න තමයි අදහස. 

කෙන්යාවේ රාජකාරි කටයුතු අවසන් කලයුතුව තිබූ නිසා, යම් තරමක් දුරට කාර්යබහුල වීමත්, මවු රටට පැමිනි විගසින් නදුන් උයනේ සැරි සරන්නට අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති වීමත්, නිවාඩු පාඩු ලැබුන සෑම විටකම විවිධාකාර අමතර කටයුතු වල නිරතවීමත් කියන හේතුත් මේ කෙටි නිහැඬියාවට යම් තරමක් හෝ හේතු කාරක උනා.    

මාස 8 කට පමන පස්සේ ලංකාවට ගොඩ බැස්සහම ඇතිවෙන සතුට නම් කියල නිම කරන්න බැරි තරම්. කොච්චර දුක් කරදර විඳින්න උනත්, අපේ රටේ හමන සුලඟත් මට නම් සැපයි... සනීපයි... පැය 12 ක විතර සම්පූර්ණ ගමනකින් පස්සේ පෙබරවාරි 12 වෙනිදා හිමිදිරි පාන්දර මේ පින්බිමේ පය තියල, අපේ හුලං පොදක් වැදුනහම හිතට දැනෙන හැඟීම නම් කියල නිම කරන්න බැරි තරම්. ඒ වගේම තමයි ඒ වගේ කාලයකට පස්සේ දෙමවුපියො - අක්ක වගේම ආදරය කරන අනිත් හැමෝමත් දකිනකොට - එයාල එක්ක කතා කරනකොට ඇත්වෙන්නෙත් පුදුමාකාර සතුටක්. 

ඔය අතරේ අපේ සරසවියේ යාලුවෝ සෙට් එක මම එනකන්ම බලා සිටියා මිතුරු හමුවීමක් වෙනුවෙනුත්. ඒ අයටත් ගොඩක් ස්තූතියි මම ආපහු එනකන්ම බලාහිටියට - ඒ වගේ මිතුරු හමුවක් පවත්වන්නට. දැන් ඉතින් කට්ට්ටියට තේරෙනවනේ පහුගිය ටිකේ නදුන් උයනේ වැඩියසැරි සැරුවේ නැත්තේ, සිය රට පැමිනීමේ ප්‍රීතිය උපරිම ලෙස විඳිමින් හිටපු නිසා බව. 

මේ අතර කිවයුතු තවත් දෙයක් තමයි නඳුන් උයනේ කාටත් හොරා සැරි සරන කුරුලු- කිරිල්ලියන් රැසක් දැන ගන්නට ලැබීම. පසුගිය දිනවලදී විවිද මිතුරු හමුවීම් වලදී ගොඩ දෙනෙක් නදුන් උයනේ කෙන්යා චාරිකා ගැන කතා කලා.. ඒ ගැන නම් හරිම සතුටුයි. සමහරුමිනිසුන් පන පිටින් පිලිස්සුන හැටි ගැන විස්තර ඇහුව... සමහරු මම තණකොල පෙත්තො කාපුහැටි ගැනත් විස්තර කතා කලා. හෙල්ස් ගේට් ගිනිකන්දේ විස්තර අහපු අය, සිංහයෝ දකින්න නකුරු ගිය හැටි ගැනත් ඒ අය මගෙන් විස්තර ඇහුව.. ඇත්තටම ඒ ලැබුනු ප්‍රතිචාර ගැන ඒ මිතුරු මිතුරියන්ට ස්තූතියි.

ඔය අතරේ කියන්නම ඕනේ වසරක් පුරාවට නයිරෝබි වලදි මගෙත් එක්ක තනි- නොතනියට හිටපු අපේ යාලුවො හැමෝටමත්, කෙන්යා ජාතික මිතුරු - මිතුරියන් හැමෝටමත් හදවතින්ම ස්තූති වන්ත වෙනව. දුර රටකදි තමුන්ගේ මිනිස්සුන්ගේ අඩුව දැනෙද්දි ඔබ සියලු දෙනා ඒ පාලුව - අඩුව මකන්න ලොකු හය්යක් උනා... 

මම මීට පෙර ලිපියෙන් කියුව වගේම මගේ මීළඟ ලිපිය, නයිරෝබි ජාතික කෞතුකාගාරය පිලිබඳව. බලා පොරොත්තුවෙන් ඉන්නට ආරාධනා කරනවා..   

10 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

න දී said...

ඒ කියන්නෙ ඔයා ආය එහෙ යන්නෙ නැද්ද?අපි ආසයි ඒ චාරිකා විස්තර කියවන්න,දැනගන්න.පින්තූරත් එක්කම දාන්න හරිද?

වර්ෂා.. said...

ආයෙත් ලංකාවට ආදරෙන් පිළිගන්නවා.

ලහිරු said...

සුබ පැතුම් ආවට!!! ඇත්තටම මේ විස්තර නම් හරිම අපුරුයි!

හරී said...

ඊළඟ ලිපිය අද දායි හෙට දායි කියලා කී පාරක් ඇවිත් හැරිල ගියාද අයියේ..

වින්චැට්කිරිල්ලි. said...

ගොඩාක් සතුටුයි ආපසු පැමිනීම ගැන...දෙවෙනි කොටස එන කම් මග බලන් උන්නෙ..අනික් පෝස්ට් එකත් ඉක්මනින් ලියන්න..තෑන්ක්ස්..!

නදුන් උයන said...

@නදී: නැවත එහි යාම ගැන නම් දැනට මුකුත් කියන්න බෑ.. සේවා අවශ්‍යතාවයකටනේ මම එහේ ගිහින් හිටියේ. වසරක සේවය අවසන් කරල නැවත ශ්‍රී ලංකාවේ කාර්යාලයට ආවා. පින්තූර නම් ගොඩක් තියනව. ඔක්කොම විස්තර දාන්නම්..

නදුන් උයන said...

@වර්ෂා..
ස්තූතියි නංගී..

නදුන් උයන said...

@ලහිරු
ස්තූතියි ලහිරු, සුභ පැතුමට සහ ලිපිය ගැන අගය කිරීමට ..

නදුන් උයන said...

@හරී:
සමාවෙන්න මල්ලි.... ලිපි ලියන්න බැරි වෙච්ච හේතු ටික ඔක්කොම මෙතන තියනවනේ.. බලමු ඉදිරියට එක දිගට ලියන්න...

නදුන් උයන said...

@වින්චැට්කිරිල්ලි:
ස්තූතියි... මගේ ලිපි පෙල මතකයේ තියාගෙන කියවන පාඨක පිරිසක් (කීප දෙනෙක් හරි ) ඉන්න එක ගැන සතුටුයි....

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...