Pages

Monday, May 23, 2011

"NEXiT 2011" වසරේ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය ගැනයි මේ...

ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්ත මට ඒක ඉදිරියටම කරන්න ඕනෙ කියල හිතුනෙ මට ලැබුනු ප්‍රතිචාර හන්දයි... තාම ඉතින් මාව සිංහල බ්ලොග් කියවනයට නම් ඇතුල්කරල නැ... [මට දුකේ බෑ]...

අනිත් කාරණය තමයි.. මෙ දවස්වල ඔය පුන්චි පහේ රන්ඩු කරගන්න නමකට මගෙ මෙ බ්ලොග් එකේ නමේ [නදුන් උයන] කෑල්ලකුත් සම්බන්ද වුනාට, ඔන්න මම නම් ඔය රන්ඩු වලට යන එක්කෙනා නෙවේ ඔන්න.

දැන් බහිමුකො අපේ මාතෘකාවට .... සමහර විට ඔයාලත් ඉතින් මේ ගැන දැනටමත් දන්නව ඇති...

මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨය ගැන කට්ටිය දන්නවනෙ... ඒක තමයි ලංකාවෙ තොරතුරු තාක්ෂණය නමින්ම බිහිවෙච්ච පලමු විශ්ව විද්යාලීය විද්‍යා පීඨය. තේරෙන බාසාවෙන් කියුවොත් "Faculty" එක.

(ඔකෙන් තමයි ඉතින් අපිත් යමක් කමක් ඉගෙන ගත්තේ... ඇත්තටම කියනවනම් හම්බ කරන් කන්න රස්සාවක් කරන්න ඉගෙන ගත්තෙ ඔතනින් තමා)
2001 වසරෙදි ලංකාවෙ සරසවි පද්ධතියට එකතුවෙච්ච අපේ පීඨයටත් දැන් වයස අවුරුදු 10ක්. ඒ කියන්නෙ දෙන් ඉතින් දැනුම් තේරුම් තියන වයස....

ඔන්න ඉතින් අපේ මේ 10 වැනි සංවත්සරය සමරන්න කට්ටියම යමරෙට වැඩ... අවුරුදු 5 දි , 7 දි තිබ්බ වගෙ ලොකු ප්‍රදර්ශනයක් තියන්න තමා සැලසුම...

"NEXiT" කියල නම් කරල තියන තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ මොරටුව සරසවි භූමියේදිමයි. මේක පටන් ගන්නෙ මැයි මාසෙ 24 වෙනි අගහරුවාදා. 26 වෙනිදා වෙනකන්ම මහ ගොඩක් දැනුම බෙදල දෙන්න තමයි මෙ මල්ලිල නංගිල ටික ලක ලෑස්ති වෙන්නෙ.

තොරතුරු තාක්ෂණයේ නව ප්‍රවනතා ගැන දැනගන්න මේක හොද අවස්තාවක් වෙවි... පාසැල් යන නංගිල මල්ලිලට වගෙම තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන හැමොටම මෙම ප්‍රදර්ශණය බලන්න එන්න කියල ආරාධනා කරනවා...

තවත් විශේෂයක් වෙන්නෙ කට්ටියට අමුතුම ආකාරයේ පරිගනක ක්‍රීඩාමය අත්දැකීමකුත් මෙහිදී ලබන්න පුලුවන් වෙවි... (කට්ටියට මුදලින්ම තෑගිත් දෙනවයි කියන්නෙ.. :D :D :D )

ඉතින් ඔන්න 24,25,26 දවස් තුනෙ, මොරටුව සරසවියෙ තොරතුරු තාක්ශණ විද්‍යා පීඨ පරිශ්‍රයට ඇවිල්ල "NEXiT" අත්දැකීම විඳගන්න ඕනේ.. හොඳේ...
ඒ වගේම මේ ගැන වැඩි විස්තර මෙන්න මේ මූනු පොතේ රසික පිටුවෙන් බලාගන්න පුලුවන්.... (http://www.facebook.com/pages/NEXiT-2011/117736818308329)


Saturday, May 21, 2011

මහ පොලොවෙ ලියවිලා තියන දේවල්...


ඔන්න ඉතින් අයෙත් මම බ්ලොග් ලියන්න ගත්ත... (හික්ස් ය) මම බ්ලොග් ලියනව කියල ලොකුවට පටන් ගත්තට වැඩේ දිගටම පවත්වාගෙන යන්න බැරි වෙනවනෙ... මොනව කරන්නද?... ඒත් බ්ලොග් කියවිල්ල නම් අඩු කරල නැ...

මට ඉතින් ඔය අතරෙ පොඩි පොඩි කරදර කීපයක්මත් උනානෙ... ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි සිංහල බ්ලොග් කියවනයෙනුත් මාව හැලිල.. :( :( :( මම හිතල මතල කරපු වැරැද්දකටනම් නෙවේ... මාස 3කින් එකම බ්ලොග් සටහනක්වත් ලියපු නැති වැරැද්දට. :( :( මාව ආයෙත් ඇතුල් කරන්න කියල ඔන්න මම ඉල්ලීමකුත් කලා. මාව ඇතුල් කරාවි .. කියල මම බලාපොරොත්තු වෙනව.

පහුගිය අවුරුද්දක් වගේ කාලය ඇතුලත මට රටවල් කීපයකම සංචාරය කරන්න ලැබුනනෙ... ඔන්න මම බලා පොරොත්තු වෙන්නෙ ඒ සංචාරයේ දි මම ලබපු අත්දැකීම් ටිකක් ඔයාල එක්ක බෙදා හදා ගන්න.

පහතින් තියන් ඡායාරූප ටික මම ගත්තෙ දකුණු අප්‍රිකාවෙ ජොහැන්නස්බර්ග් නගරයෙදි.

එක එක පුද්ගලයො කියපු ප්‍රකාෂ සටහන් කරල තියන එකනම් වෙඩි අරුමයක් නෙවේ අපිට.

එත් මෙහි තියන විශේෂත්වය තමා මේ සටහන් ඔක්කොම කරල තියෙන්නෙ පයට පෑගෙන පොලොවෙ වීම.
මගේ කැමරාවෙ මේ රූප ටික කොටු කරගත්තේ "ROSE BANK" කියන ප්‍රදේශයේදි.

ඔන්න බලන්නකො කට්ටිය කියල තියන දේවල්...


****************
****************


****************

****************

****************

****************

****************
****************

මේ සටහන් සියල්ලගෙන්ම මගෙ හිතට වඩාත් කාවැදුනු සටහන් තමයි... "My heroes are the ones who survived doing it wrong, who made mistakes, but recovered from them."

උද්‍යාන අලංකරනයේ අමුතුම ක්‍රමයක් තමයි මම මේ සටහන් කලේ.

ලංකාවෙත් මේවගේ අත්දැකීමක් ලබන්න තියන තැනක් ගෙන කවුරුහරි දන්නවනම් පහලින් ලියල යන්න කියලත් ඉල්ලීමක් කරනව...

සිංහල බ්ලොග් අවකාශය මනුස්සකමින් නැහැවුනේ නුඹ නිසයි...නමුත් නුඹ අපෙන් වෙන්ව ගොස්..... ඉලන්දාරියාට නිවන් සුව පතමු... !!!