Pages

Sunday, September 26, 2010

"අලුත් ශ්‍රී ලංකාව " බොහෝ දුර නොවේ !!!

වසරකටත් වැඩි නිහැඩියාවකට පස්සේ ඔන්න මමත් ලියන්න පටන් ගත්ත. මේ පාර නම් මම ලියන්න හිතන් ඉන්නේ මගේ රට ගැන .... ඒ කියන්නෙ අපේ මේ ශ්‍රී ලංකාව ගැන. මේ දවස් වල අපේ රට ගැන ගොඩක් විස්තර ලෝකයෙන් අහන්න ලැබෙනවා.


ඒ අතරේ මම ඊයෙ කියෙව්ව ලිපියක කියවුනේ ලෝකයේ සංචාරකයින් සදහා අවම මිලකින් පහසුකම් ලබාගත හැකි රට ලෙසට ලංකාව පත් වෙලාය කියල. මේ ලිපිය පල වෙලා තිබුණෙ ටෙලිග්‍රා‍‍ෆ් කියන
බ්‍රිතාන්‍යයේ සිට පල කරන වෙබ් අඩවියක. ලිපියට මූලික වෙලා තිබුණෙ Post Office® කියන ආයතනයෙන් කරපු සමීක්ෂණ වාර්තාවක්. එම සමීක්ෂණයට අනුව එළැඹෙන ශීත කාලයට සංචරණය සදහා යෝග්‍ය රටවල් අතුරින් අවම මිලකට තම අවශ්‍යතා සකසා ගත හැකි රට ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

දෙවෙනි තැනට ඇත්තේ මෙක්සිකෝවයි. මෙම සමීක්ෂණයට අනුව ඕස්ට්‍රේලියාව සහ හොං කොං රාජ්‍ය අධිකම ලෙස මිල වැඩි සංචාරක ස්ථාන ලෙස හදුනාගෙන තිබේ. මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ සවස ආහාර, කෝපි කෝප්පයක්, හිරු රැසින් රැකෙන්නට ආලේපකරන ක්‍රීම් ආදී කොටගත් සංචාරකයින් භාවිතකරන භාණ්ඩ 10 ක් පිළිබදව රටවල් 22 ක මිල ගනන් සැසදීමෙනි. අපේ රටේදී එම භාණ්ඩ සදහා මිල £46.85 ක් ලෙස ගනන් බලා තිබේ. ඕස්ට්‍රේලියාවේදී එය £155.48 ක් වෙයි.

මීට අමතරව මෙම ලිපිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම පසුගිය වසරට වඩා 47% කින් ඉහල ගොස් ඇති බවය. 400,000 ක් විදෙස් සංචාරකයින් 2010 මුල් මාස 8 තුල මේ සංචාරක පාරාදීසයේ සැරිසරා ඇති බවද එහි සදහන් වේ.

ඒ කෙසේ වෙතත් මෙමගින් අපට දැනෙන දෙයක් නම් සංචාරක ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකාවට අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රැස්කරගන්නට අවැසි වටා පිටාව දැන් සැකසෙමින් පවතින බවය.

එබැවින් අපද හැකි සෑම අයුරකින්ම විදෙස් හි සිටිනා අපේ හිතවතුන් හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශණය පිළිබද දැනුවත් කිරීම වටිනේය.

එවිට "අලුත් ශ්‍රී ලංකාව " බොහෝ දුර නොවේ !!!

මේ සටහනට මූලාශ්‍රය : http://www.telegraph.co.uk/travel/travelnews/8022200/Sri-Lanka-and-Mexico-best-for-long-haul-value.html

මෙම ලිපිය වෙත ෆේස් බුක් සටහනක් හරහා මා යොමු කළ මදුශංකටත් ස්තූතියි.

ආයෙත් නදුන් උයනෙ ලියන්නයි හදන්නේ.....

කලකට පස්සෙ ආයෙත් නදුන් උයනෙ ලියන්නයි හදන්නේ.....
පහුගිය කාලෙ කුමන හෝ හේතුවක් හන්ද මගෙ නදුන් උයන පාලුවට ගිහින් තිබුණා. අවුරුද්දකටත් වඩා පරණ නදුන් උයනේ අන්තිම සටහනට පස්සෙ ඇත්තටම කියනවනම් මට ලියන්න හොද තේමාවක් ලැබුනේ නෑ.
ඔන්න දැන් ඉදන්වත් ආයෙ ලියන්න කියන්න පටන් ගන්න ඕනෙ....

මේ පාර මාව ධෛර්යමත් කරපු අපේ ආසිරිට ස්තූතියි.