
ඒ අතරේ මම ඊයෙ කියෙව්ව ලිපියක කියවුනේ ලෝකයේ සංචාරකයින් සදහා අවම මිලකින් පහසුකම් ලබාගත හැකි රට ලෙසට ලංකාව පත් වෙලාය කියල. මේ ලිපිය පල වෙලා තිබුණෙ ටෙලිග්රාෆ් කියන
බ්‍රිතාන්‍යයේ සිට පල කරන වෙබ් අඩවියක. ලිපියට මූලික වෙලා තිබුණෙ Post Office® කියන ආයතනයෙන් කරපු සමීක්ෂණ වාර්තාවක්. එම සමීක්ෂණයට අනුව එළැඹෙන ශීත කාලයට සංචරණය සදහා යෝග්‍ය රටවල් අතුරින් අවම මිලකට තම අවශ්‍යතා සකසා ගත හැකි රට ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවයි.
දෙවෙනි තැනට ඇත්තේ මෙක්සිකෝවයි. මෙම සමීක්ෂණයට අනුව ඕස්ට්‍රේලියාව සහ හොං කොං රාජ්‍ය අධිකම ලෙස මිල වැඩි සංචාරක ස්ථාන ලෙස හදුනාගෙන තිබේ. මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ සවස ආහාර, කෝපි කෝප්පයක්, හිරු රැසින් රැකෙන්නට ආලේපකරන ක්‍රීම් ආදී කොටගත් සංචාරකයින් භාවිතකරන භාණ්ඩ 10 ක් පිළිබදව රටවල් 22 ක මිල ගනන් සැසදීමෙනි. අපේ රටේදී එම භාණ්ඩ සදහා මිල £46.85 ක් ලෙස ගනන් බලා තිබේ. ඕස්ට්‍රේලියාවේදී එය £155.48 ක් වෙයි.
මීට අමතරව මෙම ලිපිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම පසුගිය වසරට වඩා 47% කින් ඉහල ගොස් ඇති බවය. 400,000 ක් විදෙස් සංචාරකයින් 2010 මුල් මාස 8 තුල මේ සංචාරක පාරාදීසයේ සැරිසරා ඇති බවද එහි සදහන් වේ.
ඒ කෙසේ වෙතත් මෙමගින් අපට දැනෙන දෙයක් නම් සංචාරක ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකාවට අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රැස්කරගන්නට අවැසි වටා පිටාව දැන් සැකසෙමින් පවතින බවය.
එබැවින් අපද හැකි සෑම අයුරකින්ම විදෙස් හි සිටිනා අපේ හිතවතුන් හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශණය පිළිබද දැනුවත් කිරීම වටිනේය.
එවිට "අලුත් ශ්‍රී ලංකාව " බොහෝ දුර නොවේ !!!
මේ සටහනට මූලාශ්‍රය : http://www.telegraph.co.uk/travel/travelnews/8022200/Sri-Lanka-and-Mexico-best-for-long-haul-value.html
මෙම ලිපිය වෙත ෆේස් බුක් සටහනක් හරහා මා යොමු කළ මදුශංකටත් ස්තූතියි.