අද මම මේ කියන්නට යන්නේ වින්ඩෝස් විස්ටා ඔස්සේ තම දරුවා වෙනුවෙන් විශේෂයෙන් පාලනය කරන ලද පරිශීලක ගිණුමක් සකස් කරගන්නේ කෙසේද කියායි. මෙම පහසුකම තාක්ෂණය සමඟ වැඩ කරන බොහෝ දෙනා දන්නවා ඇති. නමුත් නොදන්නා අයට කියා දීම තුලින් පරිගණකයට නිරපරාදේ බැනුම් අහන්නට නොවනු ඇත.
[මා ලිනක්ස් / උබුන්ටු/ ෆෙඩෝරා ආදී කොට ඇති නිදහස් මෘදුකාංග - මෙහෙයුම් පද්ධති සමඟ වැඩි දුර වැඩ කර නොමැති නිසා (සිංහලෙන් ද ඇතැයි පැවසෙන) එම මෙහෙයුම් පද්ධති තුලද මෙවැනි අතිශය සරල මාපිය පාලකයක් ඇත්නම් එහි පිහිටුම් සකස් කර ගන්නා ආකාරය ද පහතින් දක්වන මෙන් මෙම සටහන කියවන නිදහස් මෘදුකාංග - මෙහෙයුම් පද්ධති භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටිමි. ]
පියවර 1:
විස්ටා මෙහෙයුම් පද්ධතියේ පාලක පුවරුව වෙත යන්න.
පියවර 2:
පරිශීලක ගිණුම් හා පවුලේ සුරක්ෂිතතාව යටතේ ඇති “ඕනෑම පරිශීලකයකු සඳහා මාපිය පාලක සිටුවන්න” තෝරා ගන්න. (මෙහිදී අමතර අවසර ලබා දීමක් අවශ්‍ය වීමට පුළුවන. )

දැන් ඔබට ලැබෙන්නේ පහත පරිදි තිරයකි.

ඔබේ දරුවා වෙත වෙනම පරිශීලක ගිණුමක් තිබීම මෙහිදී අවශ්‍ය වේ. එම පරිශීලක ගිණුම පරිපාලක මට්ටමේ ගිණුමක් නොවිය යුතු අතර සම්මත මට්ටමේ ගිණුමක් විය හැකිය. දරුවා වෙනුවෙන් වෙනම ගිණුමක් නැත්නම් “නව පරිශීලක ගිණුමක් තනන්න” ඔස්සේ දරුවා වෙනුවෙන් නව ගිණුමක් අරඹන්න. ඒ සඳහා පහත තිරය ඔබට ලැබේවි. මෙහි ගිණුම් නාමය දී ගිණුම තනන්න.

මෙහිදී මවිසින් දුන් නම : “පොඩි පුතා”
පියවර 4:
දැන් ඔබට මීළඟ තිරය ඔස්සේ මාපිය පාලකයේ සිටුවම සකසන්නට පුළුවන්.

මීළඟට ක්‍රියාකාරකම් වාර්තාකරණය සඳහා ද අදාළ සිටුවම තෝර ගන්න. මෙම සැකසුම හරහා ඔබට පහත පරිදි අදාල ගිණුමේ ක්‍රියාකාරකම් වාර්තාවක් දැකගැනීමට පුළුවන. පිවිසි වෙබ් අඩවි, යෙදුම්, ක්‍රීඩා, ඊ තැපෑල, ක්ෂණික පණිවිඩ සහ මාධ්‍ය භාවිතයන් පිළිබඳ වාර්තාවක් මෙහිදී ලැබේ.

දැන් ඔබට තිබෙන්නේ අවශ්‍ය පරිදි මාපිය පාලක සිටුවම් සකස් කිරීමයි. මෙහිදී මූලික අංශ 4 ක් ඔස්සේ ඔබේ දරුවාගේ පරිගණක ක්‍රියාකාරකම් සීමා කළ හැක.
1.Windows Vista වෙබ් පෙරහන:

මෙම තිරය ඔස්සේ ඔබේ දරුවා වෙනුවෙන් සිදුකරනු ලබන පාලනයන් ඔබේ කැමැත්ත පරිදි සිදු කරන්න.
මෙහි “නිශ්චිත වෙබ් අඩවි වලට ඉඩ දෙන්න සහ අවුරන්න” යන කොටස යටතේ ඇති “ඉඩ දුන් සහ අවුරන ලද ලැයිස්තුව සංස්කරණය කරන්න” නම් සබැඳියට ගිය විට වෙබ් අඩවි වල ලිපින ඔස්සේ සීමාවන් පැනවීමට හැකිය.
ඊට පහලින් ඇති කොටස ඔස්සේ වෙබ් පිටුවල අන්තර්ගතය අනුව සීමා කිරීම් සිදුකළ හැකිය. මෙහිදී වැඩි, මධ්‍යම සහ කිසිත් නැත යන මට්ටම් වලට අමතරව අපට අවශ්‍ය පරිදි සකස් කළ හැකි “අභිමත” නම් වූ විකල්පය ද අප සතුයි.
මෙලෙස සැකසීමෙන් පසු “හරි” බොත්තම ක්ලික් කරන්න
2. කාල සීමා
මෙමගින් දරුවා පරිගණකය භාවිත කරන පැය ගණන සීමා කළ හැකිය. අදාල කොටු මත ක්ලික් කිරීමෙන් එම කාලය තුල අදාල ගිණුම ඔස්සේ පරිගණකයට ඇතුළු වීම වළකයි.

3.ක්‍රීඩා
පරිගණක ක්‍රීඩා සම්බන්ධ පාලනය කිරීම් මේ ඔස්සේ කළ හැක. මෙහිදී පරිගණකයේ ස්ථාපිත ක්‍රීඩාවන්ගේ නම් හරහාද මෙම පාලනය සිදු කළ හැකිය.

4. නිශ්චිත ක්‍රම ලේඛ ඉඩදීම සහ අවුරා දැමීම
මේ හරහා දරුවාට අවසර ඇති පරිගණක වැඩසටහන් තෝරාගන්න.

පියවර 6:
දැන් නව ගිණුම හරහා පරිගණකය පුරන්න. මෙහිදී දරුවාගේ ගිණුම වෙනුවෙන් රහස් පදයක් ද ඇතුල් කරන්න.
සැ:යු: ඔබේ පරිපාලක ගිණුමේ රහස් පදය දරුවා වෙතට ලැබෙන්නට සැලැස්වීමෙන් වළකින්න.
මෙම ලිපිය සකසන්නට මූලික හේතුව වූයේ නවීන තාක්ෂණය දරුවන් වෙත නුසුදුසු බව පවසමින් මේ දිනවල පවතින මහා ඝෝෂාවයි. නමුත් පරිගණකය පාලනය සඳහාද මේ අයුරින් විවිධ ක්‍රම හඳුන්වා දී තිබේ. එය එසේ වුවද මේ ආකාරයේ කුමන පාලන විධි හඳුන්වා දුන්නත් ඒවා අතික්‍රමණය කිරීමට ක්‍රම දින දින සොයා ගැනේ. එබැවින් ඔබේ දරුවා පරිගණකය භාවිත කරන අයුරු මෙන්ම දරුවා පිළිබඳ වද විමසිල්ලෙන් සිටීම ඔබේ වගකීමයි.
මෙම ලිපියේ කරුණු මුද්‍රණය කරගැනීමට හෝ කිසිවෙකුට යැවීමට අවශ්‍ය නම් මෙම ගොනුව බාගත කරගන්න.