Pages

Sunday, September 11, 2011

අප්‍රිකානු ගෝතික කෑමක රස බැලූයෙමි...


අධික ලෙස කාර්ය බහුල සතියක් උනත් මේ සතියෙත් නදුන් උයනේ ලිපියක් ලියල යන්න හිතුනේ, පාලුවට ගිය නඳුන් උයන දැන් දැන් කුරුල්ලො- කිරිල්ලියො ටිකක් යන එන තැනක් බවට පත් වෙලා තියන බව තේරුන හන්දමයි.  පසුගිය බ්ලොග් සටහනට ගොඩක් දෙනෙක් සටහනක් දාල ගිහිනුත් තිබුන... හැම දෙනාටම ස්තූති වන්ත වෙන්න ඕනේ.. ඒ වගේම චාරිකා සටහන් ගැන ගොඩක් උනන්දුවෙන් සටහන් තබපු සියලුම දෙනාට විශේෂ ස්තූතියක් හිමියි. 

ඔන්න ඉතින් අදත් ලියන්න යන්නේ මගේ අප්‍රිකානු ජීවිතේ ගැනම තමයි.
මේ ළඟදි දවසක වෙච්ච සිද්දියක්. මගෙත් එක්ක ඉන්න මිත්‍රයෙක්ට ටැන්සානියාවේ සංචාරයකට වාසනාව උදා උනා. අපි හැමෝගෙම තියනවනේ අර රට ගිහින් එද්දි මොනව හරි රස කැවිල්ලක් ගේන සිරිතක්.
ඔන්න අපේ යාලුවත් අපිට ගෙනාව අමුතුම ආකාරයේ කෑමක්... 
මේ කෑම හරියට අර පුන්චි ඉස්සො බැදල අරන් වගේ... (අර බයිට් එකට ගන්න හදන්නේ.. ) ඒත් ඉතින් ඉස්සන්ගේ තියන රසත් නෙමෙයි එන්නේ. ඉස්ස වගේ මස් පිරිච්ච ගතියකුත් නෑ... මෙන්න අපිත් දැන් මේ අලුත් කෑම කන්න පටන් ගත්ත. අපිත් හැඩ බල බල කනව. මේ පුන්චි සතා ඉස්සගේ වගේ කියල තීරනය කරන්න තිබුනේ සාක්ෂි 2යි. එකක් මුගේ පෙනුම සහ ප්‍රමානය. අනික තමයි, අර ඉස්සගේ ඔලුව වගේ මේකගේ ඔලුවෙත් පුංචියට කලු තිතක් වගේ තියනව ඇස් දෙක. ඒත් ඉතින් ඉස්සගේ ඔලුව කන්නේ නැති හන්ද මේ සතාගෙත් ඔලුව අයින් කරල එහෙම ඔන්න අපි කාල බැලුව... රස ගැන කියනවනම් එහෙම, අර පෙරේත වෙලා කන්න තරම් සුවිශේෂී රසක් මට දැනුනේ නැතත් අලුත්ම කෑමක් කියන නිසාවෙන් අපි මේ පුන්චි ඉස්සෝ 3- 4ක් ම අහාරයට ගත්ත.... කාල ඉවර වෙනකන්ම අපිත් අහනව මොකක්ද මේ බයිට් එක කියල... අපේ යාලුවගෙනුත් නෑ කිසිම පිලිතුරක්..මේ කෑම ටැංසානියාවේ ප්‍රසිද්ද කෑමක් කියල තමයි යාලුව කියන්නේ... 

ඔන්න අපි කාල ඉවර උනහම අපේ යාලුව කියපි.... "ඒ තමයි මචන් තණකොල පෙත්තෝ" කියල. හිකිස්... මෙච්චර වෙලා අපි කාල තියෙන්නේ "ග්‍රිල් කරපු තණකොල පෙත්තෝ"


තණකොල පෙත්තෝ ග්‍රිල් කරල කන එක අප්‍රිකාවේ ගොඩක් රටවල් වලට ආවේනික ආහාරයක් ලු.. අපි ඉන්න කෙන්යාවේ බහුලව නැති උනත් ටැංසානියාවේ සහ උගන්ඩාවේ බහුලවම තිබෙනවාලු. අර ලංකාවේ පාර අය්නේ කඩල විකුනනව වගේ මෙහේ විකුණන්නේ විවිද ආකාරයෙන් සකස් කරපු "තණ කොල පෙත්තොලු... " වැඩිපුරම මෙයාලව ආහාරයට ගන්නේ මත් පැන් එක්ක බයිට් එකටලු.. අපේ රටේ වගේම මේ බිස්නස් එකත් වැඩිපුරම කාන්තාවන් සහ පොඩි ලමයි තමයි ලු කරන්නේ කියල මම සොයාගත්තේ අන්තර් ජාලයෙන්.
ග්‍රිල් කිරීමට අමතරව තවත් ආකාර වලට මේ තණකොල පෙත්තෝ ආහාරයට සකස් කරන බව තමයි මම දැන ගත්තේ...   
ඔන්න ඉතින් අද වැඩිපුර විස්තර ලියන්න යන්නේ නෑ... මේ බලන්නකෝ පින්තූර ටික... (අන්තර්ජාලයෙන් තමයි අදත්... )








23 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

නදී said...

බෑලූ බැල්මටම පේන්නේ ඉස්සෝ කියලා තමා.ඉතින් තණකොළ පෙත්තෝ කියල දැනගත්තම අවුලක් උනේ නැද්ද බඩට එහෙම?

මම් අහල තියනව ගෙඹි කකුල් කනව කියල කොහෙද කියලා නම් මතක නෑ.

Anonymous said...

ගෙඹි කකුල් කන්නේ ප්‍රංශ කාරයෝ!

දමියා said...

තණකොලපෙත්තා කාලා බලන්න ආසා හිතුණා.
ඇත්ත ගෙඹි කකුල කන්නෙ ප්‍රංශ කාරයො. වැඩියෙන්ම සුප් 1ක් විදිහට. පට්ට ගණන් ප්ලේට් එකක්. මෙහෙ ඉතාලි කාරයො අතර ප්‍රසිද්ධයි බැදපු ගෙම්බා (rana fritta). මං කාල බැලුවා අවුලක් නෑ. දැක්ක ගමන් අපිට අප්සට් යන්නෙ අපේ මෙනු එකට නුහුරු හින්දා. මේ කන උන් හොඳට ඉන්නෙ.. :-)..

සහන් සටහන් said...

ම්ම්... ඇයි තණකොල පෙත්තො විතරද? තායිලන්තෙ පාරවල් අයිනෙ තියාගෙන විකුනන්නෙ බැදපු වංගෙඩි පණුවො කැරපොත්තො ගෝනුස්සො පත්තෑයො.....

Sabith said...

හික්ස්!නියමෙට තියෙන්න ඇති!

Ishara said...

ඕක්....................

cha_sl said...

බලන්න TV serie එකක් තියනව bizarre foods කියල.

Top Gear වලට පස්සෙ මම ආසම TV program එක.

ඒකෙ ඔය ඔක්කොම එපා කරපුව කනව පෙන්නනව.

Ishar said...

Thailand walath thiyenava, apoi.

හරී - පිණිපළස said...

මනුස්සයො සතුන්ගෙ මස් කන්න පුරුදු වෙලා තියෙන හැටි, ගෙම්බො, තණකොළ පෙත්තො වගේ නං චීයා, කුකුල්ළු, ඌරො, හරක් නං ශෝයි. අනේ මන්දා උන්ද ගෝත්‍රික, අපිද කියලා......

පිණිබිඳු... said...

අපිට නුහුරු නිසයි ඕක අප්සට්. උන් අපි ඉස්සො කන දිහා බලලා ඕක් ඕක් ගානවද දන්නෙ නෑ.

සංකල්ප said...

ඕක්.... මට වමනෙට ආවා. අම්මො මම් හිතුවේ ඉක්කෝ ඩෙවල් එකක් කියලා.
හපෝ.... පිටරටවල් වලින් කන්න කලින් කන්නේ මොනාද කියලා බලල කන්න ඕන. නැත්නම් හන්දොල්ලොත් කන්න වෙයිද මන්ද.
කෑම වලට ඊයා කියලා කියන්න හොද නෑලු. අපේ අම්මා මට හැමදාම කියනවා. ඒත් මේවා දැක්කම ඊයා කිව්වා නෙමේ කිය උනා.

නදුන් උයන said...

@නදී : අප්පෝ...නෑ...... දැන් නම් මොන ජරාව කෑවත් බඩේ දිරවනවද කොහෙද....

නදුන් උයන said...

@විසිතුරු : ඔබෙන් තමයි දැනගත්තේ ගෙඹි කකුල් සීන් එක....

නදුන් උයන said...

@දමියා: ටැංසානියාව පැත්තේ ගියොත් ආසාව ඉටු කරගත්ත හැකි... බලමුකො ඉතින් ලෝකෙ පුරා මරන් කන සත්තු ටික... !!!

නදුන් උයන said...

@සහන් : තායි සහ අවට රටවල් බොහොමයක මේ ආකාරයි කියල අහල තියනව...

නදුන් උයන said...

@සබිත්: හිකිස් තමා .. :D

නදුන් උයන said...

@ඉශාර: කාපු මට තිබ්බ නැති අප්පිරියාවක් මෙන්න මෙයාට... (නඳුන් උයනට සාදරයෙන් පිලිගන්නවා)

නදුන් උයන said...

@cha_sl: බාගෙන බලන්න ඕනේ... ස්තූතියි ඔබේ අඩු වැඩියට....

නදුන් උයන said...

@Ishar :හ්ම්ම්.... අහල තියනව... ඔයාවත් නඳුන් උයනට පිලිගන්නවා...

නදුන් උයන said...

@හරී - පිණිපළස: ඒක නම් ඇත්ත අක්ක.... මමත් කාලයක් එලවලු විතරක් කාල ඉඳල, දැන් ඉතින් මේවත් කන්න වුනානේ... නමුත් උත්සාහය නම් මස් කෑමෙන් මිදෙන්න තමා නැවතත්....

නදුන් උයන said...

@පිණිබිඳු..: හිකිස්.... එවන්නද පිනිබිඳු ටත් තනකොල පෙත්තො ටිකක් වයිට් වයින් බොන දාට බයිට් එකට .... :D

නදුන් උයන said...

@මධුරංග: විශේෂ රසක් දැනුනේ නැති උනාට අප්පිරියාවක් නම් මටත් දැනුනේ නෑ... පලවෙනි වතාවට ලබපු අත් දැකීමක් හන්ද ඒ ගැන මතකේ තියෙනව.......

Chandi said...

සැම්බියාවෙ වැස්සකට පස්සේ දවසෙ උදේට මේ සත්තු එකතුකරන්න මිනිස්සු ලයිට් කනු යට ඉන්නවා. ඒ වගේම ඒ අය වේ හුඹස්වල ඉඳලා එන ලොකු මෙරු විශේශයක් මේ වගේම බැදලා කනවා. මම නම් රහ බලා නෑ. මේ පළගැටියන් හරියටම ඉස්සෝ බැද්දම වගේම තමයි පේන්නේ. ඔයා බඩ ඉරිඟු පිටි වලින් හදන තලපයක රස බලන්න නම් අමතක කරන්න එපා නඳුන් මල්ලී.

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...