නඳුන් උයනේ මම සිංහල ගීත ගැන මීට පෙර ලියුවා ඔබට මතක ඇති, සමහර විට. බ්ලොග් මැරතන් එක දිවුවේත් සිංහල සිංදු එක්ක නෙවැ. (සමා වන්න , පැවති තාක්ෂණික දෝෂය මග හරවද්දී පරණ පෝස්ට් ඔක්කොම මැකුණනේ.)
අදත් මම කියන්න යන්නේ අමුතු ම ආකාරයේ සිංහල ගීතයක් ගැන. මේක බොදු බැති ගීයක්. නමුත් සාමාන්‍යයෙන් අපි බොදු බැති ගීයක අත් විඳින ආකාරයේ තාලයක් නොවෙයි මෙම ගීතයේ අපට ඇසෙන්නේ. සාන්ත දාන්ත බවින් පොඩ්ඩක් ඉදිරියට ගිය වේගවත් බවකුත් මෙහි තියනවා. හැබැයි ඒ මගින් ගීතය තව තවත් ලස්සන වෙලා කිව්වොත් නිවැරදියි.
ගීතයට නම වැටෙන්නේ “ළඹ සවන් රන් පටින්” කියල. මම දන්න විදිහට ගීතය කියන්නේ මධු මාධව අරවින්ද. පද වැල ඔහුගේ මෑණියන්ගේ. සංගීතය පියාණන්ගේ. මේ ගීතය 90 දශකයේ බිහිවුණු ගීයක් බවයි මගේ මතකය. හැබැයි අදටත් සැබෑ ලස්සනක් තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීමේ සිදුවීම් පෙළක් ගැන මෙම ගීතයෙන් කියවෙනවා. අවසානයේ සියළු කෙළෙස් නසා ලොවුතුරා බුදුබවට පත්වුණු කතා පුවත තමයි ගීතයෙන් මෙන්ම අලුතින් එක් කර ඇති රූප පෙළින් ද පෙන්නුම් කරන්නේ. මේ රූප පෙළ නම් කොහෙන් හොයා ගත්තත් ලස්සනට සංස්කරණය කරල ගීතයට ගල පල තියනවා.
දැන් ගීතය බලල හිතට දැනෙන දේත් පහළින් ලියල යන්න හැමෝටම ආරාධනා කරනවා...
Subscribe to:
Post Comments (Atom)
5 දෙනෙක් ප්‍රතිචාර දක්වල:
ඇත්තෙනම කියනවානම් මට මේ ගීතයට ආසා හිතුනේ නම් නෑ . . . ඒ බැතිගීයක් නම් සික්ස් එයිට් බීට් එකට නොතිබිය යුතුයි කියන මගේ පූර්ව නිගමනය නිසා වෙන්න ඇති . . .
ලස්සන ගීතයක්.
@දුකා:
බැති ගීථයක්ම නෙවෙයි. බුද්ධ චරිතයේ විස්තර වෙන මාර දූවරුන් දමනය කිරීමේ සිද්ධිය ගැන කියවෙන සිංදුවක්.
සහෝදරයා, මේ විඩියෝ එකේ තියෙන්නේ "Little Buddha" චිත්‍රපටියේ දර්ර්සන. "The Matrix" චිත්‍රපටි වල ඉන්න "Keanu Reeves" තමයි මේකෙත් ඉන්නේ.
@Thilina Madhusanka : ස්තූතියි විස්තර වලට ...
මේ ගීතය බැති ගීයක් නෙවෙයි. එය ජයග්‍රහණය පිළිබද ගීයක්. මාර දූවරුන් හා මාර සේනා පැරදවූ සිදුවීමයි ඒ.
Post a Comment
මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...