Pages

Saturday, August 6, 2011

මාලු නටන්නේ මේ වගේ තැන් වලදි තමයි ....

ලියන්න තේමා සොය සොයා හිටපු නදුන්ට ඔන්න දැන් චාරිකා සටහන් ගැනම ලියන්න ඕනේ කියල හිතක් පහල වෙලා.. අදත් ඉතින් චාරිකාවක් ගැනම තමයි..

හැබැයි මෙච්චර කල් ලියුව පිටරට විස්තර නෙවෙයි.

මම අර වන්ඩලූර් සත්තු වත්ත ගැන ලියපු ලිපියේ මම කැළණියේ වෝටර් වර්ල්ඩ් ගැන සටහන් කරල තිබුන නිස අපේ යාලුවෙක් ලියල තිබ්බ එයාත් ඒකට ගිහින් නැහැයි කියල.

ඉතින් අද මම ලියන්න යන්නේ මොකක් ගැනද කියල දැන් හැමෝම දන්නවනේ...

අද මම ලියන්න යන්නේ ඔය කැළණියේ තියන "වෝටර් වර්ල්ඩ්" කියන ලංකාවේ එකම පුද්ගලික මින් මැදුර ගැන තමයි. මම එකම එක වතාවක් ගිහින් තියනව වගේම ගොඩාක් හිතට අල්ලල ගියපු තැනක්.

මෙන්න මෙහෙමයි විස්තරේ...

ගම්පග දිස්ත්‍රික්කයට අයත් කැළණියේ ( ඔන්න කට්ටිය බය වෙන්න එහෙම එපා කැළණියේ කියුවහම ) කැළණි නදී තෙරේ අක්කර 5ක් පුරා පැතිර පවතින "වෝටර් වර්ල්ඩ්" නම් වු මේ සුන්දර මින් මැදුර අපිට දවසක් ගතකරන්න නම් කියාපු තැනක්.

අඳුරු ගුහා ආකරයෙන් සකසා ඇති මින් මැදුර තුල ටැංකි 150 ක් විතර තියෙනව.. (ඔක්කොගෙම මාලු පිරිල හොඳේ ).. මේ ගුහා ඔක්කොගෙම එකතුව මීටර් 800ක් විතර වෙනව කියල තමයි ඔවුන් කියන්නේ.. මේ ටැංකි තුල දේශීය මසුන්, විදේශීය මසුන් , මුහුදු මත්සයින් වගේම විවිද පාරිසරික පද්ධති තුල ජීවත් වන මත්ස්‍ය වර්ගත්, මෝරුන් වගේ භයානක මත්ස්‍ය වර්ගත් ඇතුලුව විශේෂ 10 000 ක් පමන ඉන්නව.


එක ටැංකියක මාලු බලල අනිත් පැත්ත බලද්දි ඊටත් වඩා ලස්සන මාලු රොත්තක් තව ටැංකියක...

ලංකාවේ විශාලතම මාලු ටැංකියත් තියෙන්නේ මෙතන තයි ඕන්. ඒකේ ඉන්නේ නම් ලොකු මාලු තමයි.. ඒක ඇතුලේ මුහුදු පරිසරයක් නිර්මානය කරල තියෙන්නේ මට නම් තේරෙන විදිහට.....

අහ්හ්.. මම නම් පලවෙනි වතාවට මුහුදු අස්සයෙක් දැක්කෙත් මෙහෙදි තමා... තවත් විවිදාකාරයේ ජලජ ජීවීන් මෙහිදී බලාගන්න පුලුවන්.


මේ මින් මැදුරට සමගාමීව මෙතන කුරුලු උයනකුත් තියනව..(එ ගැන විස්තර පස්සේ කියන්නම් කෝ... )

කට්ටිය මෙතනට යනවනම් මෙන්න මෙහෙමයි පාර... කැලණියේ 4 කනුව ලඟින් හැරිල යන පාරේ දිගටම යන්න... මේක තියෙන්නේ තල්වත්ත කියන හරියේ... ගානත් හරිම සාධාරනයි කියලයි මට නම් හිතෙන්නේ.. රුපියල් 200 ක් වගේ ගානක් තමයි ගන්නේ මින් මැදුරටයි, කුරුලු උයනටයි දෙකටම..

ඔන්න බලන්නකො තවත් ඡායා රූප ටිකක්. (මේව ඉතින් මගේ දුප්පත් පෝන් එකෙන් ගත්ත ඒව තමයි. )




පවුලේ හැමෝමත් එක්කම දවසක් ගත කරන්නනම් කියාපු තැන. ඕන නම් ආපසු යන ගමනේ කැළණි පන්සලටත් ගිහින් පිනක් දහමක් කරගෙන එන්නත් පුලුවන්... (උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කියලත් කියනවනේ... )

12 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Anonymous said...

meka tiyana tana address eka dammoth watinawa..kalaniye kiwata hariyatama tanak sadahan karala nati nisa

සංකල්ප said...

මම නම් කැලණියේ වෝටර් වර්ල්ඩ් එකට ගිහින් නෑ. යන විදිහ කියලා දුන්නා නම් ගොඩක් වටිනවා. මොකෝ ඉතින් පේරාදෙණි ඉදලා එන්න එපැයි.

නදී said...

මමත් ගිහින් නෑ:( දවසක යන්න ඕනේ.මමත් ගොඩක් ආසයි මාලුන්ට.

චතුර.... said...

මම ගියේ ගොඩ කාලෙකට කලින්.. එතකොට වැඩ ඉවරකරලා තිබුනෙත් නෑ..

හිස් අහස said...

පෝස්ට් එක දැක්කම මෙතනට ගිහිං බලන්න ආසයි ..දෙහිවල සූ එකේ මින් මැදුරටනම් එක පාරක් ගිහිං තියනවා .

බලමු .. මම නම් මාලුන්ට ආසා කලේ පොඩි කාලේ . මට මාලු ඇතිකරන පුරුද්ද ගියේ දවසක් මාලු ටැංකියට බේත් වගයක් වැටිලා මගේ මාලු සේරමලා මිය ගියාට පස්සේ . එදයින් පස්සේ මම මාලු ටැංකිය එලියට දැම්මා . ආයේ කවදාවත් මාලු ගෙදෙට්ට ගෙනාවේ නෑ .

මේක දැක්කම ආයේ මාලු බලන්න ආසාවක් ආවා ..

නදුන් උයන said...

@Anonymous:
මෙන්න ලිපිනය: 95, බියගම පාර, තල්වත්ත, කැළණිය..
ලිපියේ අඩුපාඩුවක් පෙන්නල දුන්නට ස්තූතියි...

නදුන් උයන said...

@මධුරංග.
නුවර ඉඳල එද්දි කැළණියේ 4 කනුව ලගින් බහින්න...ඊට පස්සේ බියගම පාරේ යන බස් එකක නැගල මෙතනට යන්න පුලුවන්... අපිත් පාර නොදැන තමයි මුලින්ම ගියේ..පාර හොයාගනන් එච්චර අමාරු උනේ නෑ..

නදුන් උයන said...

@නදී: යන්න වටින තැනක්...

@චතුර....: ඒ කොයි කාලේ වගේද? ඇත්තටම මමත් ගියේ දැනට අවුරුදු දෙකකට කලින්...

නදුන් උයන said...

@හිස් අහස:

බ්ලොග් අවකාශයේ මගේ ප්‍රියතම ලේඛකයාව නදුන් උයනට සාදරයෙන් පිලිගන්නව... (අනිත් අය තරහ වෙන එකක් නැ මෙයෙ හිතේ )

ඇත්තමයි උඹටත් වෙන්නේ මාරම වැඩ තමයි... මමත් පොඩි කාලේ මාලු ඇතිකලාට පස්සේ ආසාව අඩු වුනා..මගේ පොකුනේ හිටපු මාලුවන් ට මොකක්දෝ ලෙඩක් හැදිල දවස ගානේ මාලු මැරෙන්න ගත්ත.. ඊට පස්සේ පොකුනුත් නෑ..මාලුත් නෑ.. මාලු ටැංකියක් පවත්වගෙන යන්න නම් මාරම කැපවීමක් තියෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නේ...

හරී - පිණිපළස said...

ගිය අවුරුද්දෙ මම දුවව මෙතනට ගෙනිච්චා. හොඳයි තමා. ඒත් එදා නං මාළු ටැංකි හරියට පිරිසිඳු කරලත් තිබුණෙ නෑ. ඊට වඩා හොඳයි කියලා හිතුනා දෙහිවල සත්තු වත්ත. මට වෙනස හොඳින්ම දැනුණේ මම මේ දෙතැනටම ගියෙ එකම දවසක නිසා

sanjaya සිතුවිලි said...

මේකට යන පාර එහෙමදැම්ම නම් තවත් වටිනවා ,, දැන් නිවාඩු කාලේ නෑ ඉස්කොලේ .. අපිට යන්න පුළුවන් ..

Anonymous said...

මම ඕකට මුලින්ම ගියේ මීට අවුරුදු 4කට විතර කලින්. ඒ වෙන කොට වැඩ ඉවරකරල තිබුනෙ නෑ. දූවිලි විමානයක්! මම ආපහු ආවෙ අයෙත් නම් යන්නෙ නෑ කියල හිතාගෙන. හැබැයි දැන් අවු.4ක් වෙන නිසාත් T.V එකේ ඇඩ් එහෙමත් දාන නිසාත් දැන් හොඳට හදල ඇති කියල හිතල පෙරේදා මම ගියා. (2012 september 22). එකම වත්තෙ ගේට්‍ටු දෙකක් දාල තිබුනා. කුරුල්ලොයි, මාලුයි බලන්න වෙන වෙනම ටිකට් ගන්න වුනා. එකක් බලන්න ටිකක් එක 150/-. දෙකම බලන්න නම් ටිකට් එක රු. 220/- ක්. මුලින්ම ගියේ මාලු බලන්න. අවු 4. ක් ගත වෙලත් තාම වැඩ ඉවර වෙල තිබුනෙ නෑ. මාලු ටැංකිවල දියසෙවල බැඳල මාලු හරියට පේන්නෙත් නෑ. දූවිලි විමානයක්! ඊලඟට එහා පැත්තෙ තියෙන කුරුල්ලො බලන්න ගියා. වැඩිහරියක් ඉන්නෙ මැකෝ ගිරව්. පාත්තයො දෙන්නෙකුත් හිටිය. දූවිල්ල නම්, මාලු කොටසට වඩා අඩුයි. හැබැයි ඒකත් තාම හදල ඉවර නෑ. විශාල දැල් අරගත්තු සේවකයො අපේ ඇඟේ වැදි වැදි එහා මෙහා යනවා. කුරුලු කූඩු මාස ගනනකින් පිරිසිදු කරල නෑ වගේ. පොඩි පොන්ඩ් එකක් තිබුනා. ඒ පොන්ඩ් එක කුණු ඇලක් වගේ. එකෙ බෝට්‍ටුවකින් රව්මක් යන්න රු.50/-ක් අයකරනවලු. ඒ පොඩි පොන්ඩ් එකේ රු.50/-ක් දීල බෝට්‍ටු පදින්න හිතෙන්න නම් ඉතින් මානසික රෝගයක් තියෙන්න ඕන.

සැ. යු. - මම ඇනෝ කමෙන්ට් එකක් දාන්නෙ බහුතරයක් හොඳ කියන එකක අඩුපාඩු පෙන්නල බැනුම් අහන්න තියෙන අකමැත්ත නිසා. මේ මගේ අදහස. මට අවශ්‍ය මේ ආයතනය වසාදමන්න නෙවෙයි. මේක පිරිසිදුව ලස්සනට පවත්ව ගන්න. අයකරන මුදලට සරිලන සේවාවක් ලබාදෙන්න.

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...