Pages

Saturday, October 22, 2011

පියාඹනකොටත් සුදුපාට නොවූ කොක්කු සහ ....


අධික කාර්ය බහුල බව නිසාම සති කීපයකකින් නදුන් උයනේ සටහනක් තබන්නත් බැරි උනානේ. ඔන්න බොහොම අමාරුවෙන් පොඩි වෙලාවක් දාගත්ත නදුන් උයනේ සටහනක් ලියන්න. 
අදත් ලියන්න යන්නේ අප්‍රිකානුචාරිකාවක් තමයි. අප්‍රිකානු කියුවට කෙන්යා චාරිකාවක්

කෙන්යාවේ චාරිකා සටහන් වල අලුත්ම සටහන් ලියවෙන්නේ "නකුරු ජාතික වනෝද්‍යානය" ගැන. ඇත්තෙන්ම අමුතුම ආකාරයේ අත්දැකීම් රැසක් ලැබිච්ච ගමනක් කියන්න පුලුවන්. 

ඔන්න ඉතින් අපේ චාරිකාවට එකතු උනේ අපේ සගයො දෙන්නයි, ඒ දවස් වල කෙන්යාවේ චාරිකාවක නිරත වුනු අපේ සහෝදර - සමාගමේ සාමාජිකයෝ දෙන්නෙකුයි තමයි. කට්ටිය ඔක්කොම පස් දෙනයි. හදිස්සියෙ ගමන යොදාගත්ත හන්ද ඉතින් ගමන යන්න ඉස්සෙල්ල දවසේ තමයි අපි ඉතින් වාහනයක් සූදානම් කර ගත්තේත්. ඔන්න ඉතින් ඉස්සෙල්ල දවසේ රාත්තිරියේ වාහනයක් එහෙම සෙට් කරගෙන "නකුරු" යන්න අපි සැලසුම් කරගත්තේ උදේ 4 ට විතර පිටත් වෙන්න. ඔන්න ඉතින් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑ කියනව වගේ අපිට ඉතින් ට්‍රිප් එකක් යද්දි ඉතින් කන්න බොන්න හදාගෙන යන විදිහේ වෙනසක් නෑනේ. ඔන්න අපිත් ට්‍රිප් එක යන්න සෙට් කරගත්තේ කඩල තෙම්පරාදුවක්
උදේ පාන්දර 3 ට විතර නැගිටල, කඩල එහෙම ලෑස්ති කරගෙන ඔන්න අපි ගමන යන්න පිටත් උනා. අපි ඉන්න නයිරෝබි නගරයේ ඉඳල කිලෝමීටර 200 කට ආසන්න දුරකින් තමයි මේ "නකුරු" වනෝද්‍යානය  පිහිටල තියෙන්නේ.     
ඔන්න අපි ගමන පිටත් උන වෙලාවේ ගත්ත ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ.උදේ පාන්දර නිසා අපේ ගමනට මීදුමෙනුත් බාධා සිද්ද උනා.ඉද්ද ගැහුව වගේ පාරක තමයි අපි ගියේ.අපේ රියදුරු මහත්තයත් පළමු වතාවට තමයි මේ ගමන යන්නේ.ඉතින් අපිට මග කියන ජී පී එස් පැන්චත් පොඩ්ඩක් විතර අපිට උදව් වුනා ගමනාන්තයට ළඟා වෙන්න. 

අපේ ගමනාන්තයට අපි ළඟාවෙමින් ඉන්නවයි කියන දේ අපිට මුලින්ම දැනුනේ පාරේ සවිකරල තියන මේ විදුලි පහන් වලින්. නකුරු වනෝද්‍යානය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ "ෆ්ලෙමින්ගෝ" කුරුල්ලන්ගේ රජ දහනක් විදිහට. ඉතින් මේ ආසන්නයේ මාර්ග විදුලි බල්බත් සකස් කරල තියෙන්නේ විශාල ෆ්ලෙමින්ගෝ කුරුල්ලන්ගේ හැඩයට.  


දැන් අපි ඉන්නේ වනෝද්‍යානයේ දොරටුවෙන් ඇතුල් වූ ආසන්නයේමයි. නකුරු වන උයනේ එක මායිමක් නකුරු ජලාශය. මේකේ තමයි මම අර මුලින් කියපු ෆ්ලෙමින්ගෝ කුරුල්ලො ඉන්නේ. ඔන්න අපි නකුරු ජලාශය කරා යන ගමනේදී අපිට මුලින්ම හමු වූ යාලුවන් ටික. 


 මෙතන රථයෙන් බිමට බැහැල මේ යාලුවො ටිකත් එක්ක ඡායාරූපයක් ගන්නත් අපිට වාසනාව උදා උනා. මෙයාලට කියන්නේ ඇන්ටිලොප් කියල බව "එන්ඩෝ... සත්තු බලන්න එන්ඩෝ...... " ලිපිය කියවපු අය දන්නවනේ... 
ඔන්න අපි ටිකක් ඉදිරියට යද්දි තව යාලුවො සෙට් එකක් හම්බවුනානේ.
 
  එයාල උදේ පාන්දරම මේ පොලිම් ගැහිල යන්නේ කන්න බොන්න මොනව හරි හොයා ගන්න වෙන්න ඕනේ. මොකද අව්ව තදට පායන්න ඉස්සෙල්ල කට්ටිය දවසට කෑම බීම ටික එහෙම සෙට් කරගන්නව ඇතිනේ.බැබුන් යාලුවො මේ විදිහට පාර හරස් කරගෙන හිටියට මොකෝ අපිට යන්න කිසිම බාධාවක් නොකර දෙපැත්තට උනා. අපිත් ඉතින් ලැබුනු අවසරයෙන් හෙමින් සීරුවෙ එතනින් මාරු උනා. 

ඔන්න තව ටිකක් ඉස්සරහට යද්දි අපිට මුන ගැහුනෙ මෙන්න මෙයාල... මෙයාලව නම් අපේ යාලුවන්ට පොඩ්ඩක් දැකල පුරුදු ඇති නේද?
 
මට හොයගන්න පුලුවන් වුනු විදිහට නම් මූට කියන්නේ " helmeted guinea-fowl". මේ විදිහට නකුරු උද්‍යානය තුල විවිද පක්ෂී විශේෂ 450 ක් පමණ හමුවෙනව.වැඩේ තියෙන්නේ ලස්සන ලස්සන කුරුල්ලො දැක්කට මොකෝ අපි උන්ගේ නම් දන්නේ නෑනේ.. කුරුල්ලගේ ලස්සන බලා ඉඳල එනව(පොටො 2 - 3 කුත් අරගෙනම. ). කට්ටියම එකතු වෙලා අපිට පොඩි රංගනයකුත් පෙන්නල එහෙම කට්ටිය පාරෙන් අයින් උනේ අපිට ඉඩදෙන්න... නිකන් හරියට ඔයාලට තියන ෂෝ එක ඉවරයි කියන්න වගේ.  මෙයාල ළඟත් විනාඩි 10 ක් විතර බලන් ඉඳල අපි ඉදිරියටම ගියා.   

අපිට මීළඟට නෙත ගැටුනේ මහ වනයේ අහිංසක යාලුවො දෙන්නෙක්. 

 බලන්න දෙන්නම එකම බිම බෙදා හදාගෙන ඉන්න හැටි යාලුවො දෙන්නෙක් වගේ. දෙන්නම කන්නෙත් තණකොළ , ඒ උනාට දෙන්න එකම ප්‍රමාණයේ නම් නෙවේ... මුන් දෙන්න දිහා බලා හිටපුවහම ස්වභාව ධර්මයේ නිර්මාණ ගැන කොච්චර දේවල් නම් හිතෙනවද? "කුඩු මුවා" පොඩි උනාට ඌට ආරක්ශාව දෙන්න හොඳ කැරකිච්ච අන් දෙකක් තියනව. සීබ්‍රා ට ශරීරය විශාලව පිහිටල තියනව... බලන්නකෝ හැම සතාටම මොකක් හරි විශේෂයක් සහිතව මැවිල තියන හැටි.
 ඔන්න අපි ආවේ අපි බලා පොරොත්තුවෙන්ම හිටපු ප්‍රදේශයට... මේ තියෙන්නේ නකුරු ජලාශය. ජලාශය පුරාවටම ඉන්නේ විවිධ වර්ගයේ පක්ශීන්. කොක්කු ජාතිම තමයි. බලන්නකො මේ ඡායා රූපයේ ඉන්න කොක්කු වර්ග ටික... ලොකු කොක්කු - පොඩි කොක්කු  - රෝස පාට කොක්කු - කලු සුදු කොක්කු. අවාසනාවට මුන්ගේ නම් නම් මම තවමවත් දන්නේ නෑ. මෙතන ඉන්න ලොකුම කොක්කුන්ට තමයි ලු ෆ්ලෙමින්ගෝ කියල කියන්නේ. කවුරු හරි මුන්ගේ නම් දන්නවනම් පහලින් ලියල යන්නත් අමතක කරනන් එපා.

මේ බලන්නකෝ මෙයාල ටික. මුන්ගේ විශේෂත්වය තමයි හොටයි, බෙල්ලයි යා කරල තියෙන කහ පාට තීරුව. ඒක හරියට පේන්නේ මුන් ඔලුව උඩ අතට හැරෙව්වහම තමයි.


මෙන්න බලන්න පුන්චියට අපි දකින කුරුල්ලෙක් පියාඹන කොට උගේ ප්‍රමාණය.. ඒ වගේම පියාඹනකොට පේන අත් තටු වල වර්ණයයි , වතුරේ ඉන්නකොට වර්ණයයි අතරත් පොඩි වෙනසක් තියනව. කට්ටිය අහල තියනවනේ "කණ කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙනකොටයි " කියල. මට මුන් ටික පියාඹනකොටත් මතක් උනේ අන්න ඒ කියමන. 

කට්ටියම උදේ පාන්දර රැස්වීමක් වගේ. 

 මේ ඈතට පේන්නෙත් ලක්ෂ ගනන්ක් පක්ශීන්ම තමයි. ඇත්තෙන්ම මේ වගේ දර්ශනයක් සියැසින් දකින්න වාසනාව තිබුන නේද කියලත් හිතෙනව. 

 පහල තියන පින්තූර ටිකත් කුරුලු පාරදීසයේදී ගත්ත මගේ සිත ගත්ත ඡායාරූප ටිකක්... වචන ඕනේ නෑනේ එවයේ සුන්දරත්වය විස්තර කරන්න....  



මෙන්න බලන්නකො මෙයාලගේ කෙරුවාව. එකම වරිගේ වෙලත් ගහ මරා ගන්නවනේ... මෙයාලගේ ගෝරියට හේතුව නම් අපි දන්නේ නෑ..

 
ඒත් ඉතින් මේ ඡායාරූපයේ පේනව වගේ මේ ගෝරිය බලන් හිටපු අය අතරේ පහලින් ඉන්න පුන්චි කුරුල්ලත්, ඈතින් ඉන්න ගෝනටත් අමතරව, අපිත් හිටියා.. 
මේ කාලේ අපේ කට්ටියත් එකම වරිගේ අය ගේ ගෝරි මතක් උනේ මේ පොටෝ එක දකිද්දි. පුන්චි කුරුල්ල ළඟටම වෙලා ගැටුව දිහා බලන් ඉන්නේ දෙන්නව සමත කරන්න තමුන්ට කරන්න දෙයක් නැති හන්ද. ලොකු ලොකු කට්ටිය රණ්ඩුවට පැටලෙනකොට පුන්චි මිනිස්සුන්ට කියල මොනව නම් කොරන්නද? අර ඈත ඉඳන් හොරෙන් බලා ඉන්න එක්කෙනා බලන් ඉන්නේ හරියට "මුන් ඔක්කොම ගෝරි දාගත්තහම අපිට නිදහසේ ඉන්න පුලුවන්" කියල හිතල වගේ. අපේ සමහරුත් එහෙමනේ ඉතින්. අහක හිටපු අපිත් කිසිම සද්දයක් නොකර රණ්ඩුව බලන් හිටියේ අපේ රටේ මාධ්‍යවේදීන් වගේ තමා. කට්ටිය ඇවිලෙන හැටි ලස්සනට පොටෝ ගහල ප්‍රසිද්ධ කළහම මාධ්‍ය කරුවාටනේ ඒකෙත් වාසිය... 

බලපුවහම එක අතකින් කැලේ සමාජයයි - අපේ සමාජයයි දෙකම එක වගේද කියලත් හිතෙනව....

නකුරු චාරිකාවේ තව රසබර විස්තර ගොඩක් තියනව... සිංහයෝ දැකපු හැටි, ළඟට ගිය හැටි.... ඒ විස්තරත් අරගෙන එන්නම් තවත් සටහනකින්... [මේ ඡායාරූප ගත්ත අපේ ගමන් සගයින් වුනු සයන්තන් සහ සමීරටත් විශේෂ ස්තූතියක්  ස්තූතියක් හිමි වෙන්න ඕනේ... ]

22 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

පන්සල් හංදිය said...

ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ ගහ ලොවෙත් නැහැ, උඹට බලන්න ලැබිලා තියන දේවල් ටික නං ........

Unknown said...

මාර trip එකක්නේ. අපිට නම් අනුරාදපුර, පොලොන්නරු පැත්තේ පාරේ යනකොට අලි බැලුව හැකි.

Unknown said...

අර කොක්කු ටිකගෙ මීටිම නම් මරු...

කස්ස said...

පට්ට පික් ටික ඉරිසියාවෙ බෑ

ඔබ නොදු‍ටු ලොවක්..... said...

එළ ට්‍රිප් එකක් වගේ ....

Anonymous said...

අයියේ නියමයි උපරිමයි අයියේ.... ඉක්මනට අනිත් පෝටෝ ටිකත් එක්ක ලස්සන කතාවක් බලාපොරොත්තු වෙනවා...

සංකල්ප said...

මාරම ලස්සන ෆොටෝ ටිකක් !!! මේ වනාන්තරේ සදාහරිත නිවර්තන වනාන්තරයක්ද ? මොකද ගොඩක් අප්‍රිකානු වනාන්තර ශුශ්ක වනාන්තර නේ. අයියා සත්තු බලන්න ගිය කාලේ එහාට්ට වහින කාලෙද

Gayan Rupasinghe said...

පින්තුර ටික නම අනර්ගයි..

ජය,,

Chandi said...

හරිම ලස්සනයි නඳුන්, මටත් ආයෙ අප්‍රිකාවෙ ගියාවගේ හිතුනා. ෆ්ලෙමින්ගොස් ල ටික හරිම සුන්දරයි. මෙහෙම රංචු පිටින් තමයි හැම වෙලාවෙම ඉන්නෙ. කෙන්යාවෙ ජෝමෝ කීනියාටා කුලුනෙ තාම කැරකෙන අවන්හල තියෙනවාද? මම අවුරුදු 12දී ගියා එතනට. ඔයාලට දකින්න පුලුවන් උනාද? නකූරු යන්න බැරිඋනා අපිට. ස්තූතියි කදිම විස්තරයට.

Anonymous said...

ශා මරු නේ.
ප්ලේන් ටිකට් එකේ ගාන අතඇරියම, කීයක් විතර ඕන වෙයිද ඔහේ සුමාන දෙකක විතර රවුමක් දාන්න?

නදී said...

ඇයි ඒකට නකුරු කියන්නෙ මොකද්ද ඒකේ තේරුම?


ඇන්ටිලොප් ලා නම් දෙහිවල සූ එකේ හිටිය මට මතකයි.අර කොක්කුත් ලස්සනයි නේද.උන්ගෙ පාට...මුන් කොච්චර නිදහසේ ඉන්නවද.පින්තූර ටික නම් හරිම ලස්සනයි.මටනම් ඊරිසියාවෙ බෑ,ඔහොම සත්තු බලන්න යන්න අපිට චාන්ස් එකක් නෑනේ.

නදුන් උයන said...

@පන්සල් හංදිය:
මමත් එතනට යනකන් හිතාගෙන හිටියේ නෑ මෙච්චර ලස්සන ඇති කියල, කොක්කු.. !!!

නදුන් උයන said...

@මනෝජ් ප්‍රියංකර :
ලංකාවෙත් ඉතින් මේ වගේ දර්ශන නැතුවමත් නොවෙයි... !!!

නදුන් උයන said...

@නිසුපා:
ඔය කොක්කු වගේ තමයි , මෙහෙ මිනිස්සුත්.... වැඩක් නොකලට මීටින්ග් නම් තියනවා ඕනෙ තරම්... !!!

නදුන් උයන said...

@කස්සා:
පින්තූර නම් ගත්තේ මම නෙවෙයි, එස් දෙකෙන්ම සත්තු බලන්න ඕනේ හන්ද එදා මම කැමරාව ගෙඩර තියල ගියේ.. අපිත් එක්ක ගිය සගයො දෙන්නෙක් තමයි මේ ටික ගත්තේ...

නදුන් උයන said...

@ඔබ නොදු‍ටු ලොවක්...
මටත් අමතක නොවෙන ට්‍රිප් එකක්...

නදුන් උයන said...

@මධුරංග:
මේ පැත්තේ නම් ශුෂ්ක ගතියක් නෑ. කොල පාට ගස් තියනව ගොඩක්.හැබැයි ඉතින් අපි ගිය දවසට ඉස්සෙල්ල දවසේ මහ වැස්සක් වැහැල ගස් කොලන් වලට අමුතු පනක් ඇවිල්ලත් තිබුන....

නදුන් උයන said...

@ප්‍රසන්න86ක්/ මාලු මල්ලි....
ඉතුරු ටික ඊලඟ සටහනේ දාන්නම්... ලියන්න ඉතින් වෙලාවක් නැති එක තමයි ගැටලුව... :(

නදුන් උයන said...

@Gayan Rupasinghe:
ස්තූතියි.

නදුන් උයන said...

@චාන්දි:
ස්තූතියි අදත් මේ පැත්තේ ඇවිල්ල සටහනක් තිබ්බට.. අක්කගේ සාක්ෂි සටහන ලැබුනහම මේ අප්‍රිකාණු කතා වලට අමුතු පනක් එනව...
"ජෝමෝ කීනියාටා කුලුනෙ තාම කැරකෙන අවන්හල " ට නම් තාම යන්න බැරි උනා...

නදුන් උයන said...

@ඇනො:
වියදම නම් කියන්න ටිකක් අමාරුයි.මොකද හෝටල් එහෙම විවිද මට්ටමේ ඒව තියනවනේ..ඒ වගේම තමයි ඉතින් ප්‍රවාහන වියදමත්. ලක්ශ 1 1/2 ක් වගේ තියනව නම් හැබැයි සුමාන 2 ක වගේ සවාරියක් යන්න පුලුවන්.. :) (ගුවන් වියදම හැර.. ) මේ නකුරු උද්‍යානයේ ටිකට් පතත් $75ක්. ඒ කියන්නේ රුපියල් 8000 ක් විතර වෙනව.. :)

නදුන් උයන said...

@නදී:
නකුරු කියන්නේ ඒ ප්‍රදේශයේ නම..
ලංකාවෙත් ලස්සන සත්තු බලන්න පුලුවන් තැන් කීපයක් ම තියනව... ඔයාලගේ පැත්තේත් හවසට වැවක් ලඟට ගියහම කොච්චර ලස්සන දර්ශනයක් මැවෙනවද?
අපිට අර එකම සත්තු දැකල හන්ද ඒකේ විශේෂයක් දැනෙන්නේ නැති එක තමයි වෙලා තියෙන්නේ. [ඔයාලගේ පැත්තේ චාරිකාවක් අවහම අපිටත් හිතෙන්නේ ලොකු ඊරිසියාවක් තමයි.. :) ]

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...