අද මට මේ
ලිපිය ලියන්න හිතුනේ ඊයේ පෙරේදා ලංකාවේ පත්තර වල තිබ්බ එක් පුවතක් කියෙව්වට පස්සේ.
මම හිතනව මේ ලිපිය කියව ඔබත් මම මේ කියන ප්‍රවෘත්තිය දැනටමත් දන්නව ඇති කියල...
අපේ රටේ කොළඹ ඉඳල තෙල් ගෙනියන නලයක් පසු ගිය දවසක කාන්දු වීමක් පටන් අරගෙන තිබුනා.
ඒක අලුත් වැඩියාකරනකන් අපේ අසල් වැසියො ටිකත් නිකන් ඉඳල නෑ.. තමුන්ට හැකි හැකි පමනට කාන්දු වෙච්ච තෙල් එකතු
කරන්න පටන් ගත්ත කියල තමයි මම ඒ ලිපියේ කියෙව්වේ..
මට ඒ ලිපිය
කියවද්දි ඇත්තටම අපේ රටේ මිනිස්සු ගැන ඇති උනේ පුදුමාකාර දුකක්..මේ ලිපිය කියවගෙන
යද්දි ඔයාලටම තේරෙයි ඒකට හේතුව... ඛණිජ තෙල් නලයක් කාන්දු වෙනව කියල දැනගත්තහම අපි
හැමෝම දුවන්නේ ඒවා එකතු කරන්න.. නමුත් අපි ඔය අහුවෙන අහුවෙන බාජනේට දාගෙන එන
බොරතෙල් වලින් අපිට ගන්න පුලුවන් ප්‍රයෝජනය ඉතා අඩුයි. මොකද ඒවා පිරි පහදු කරල
නැති නිසා.. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ, ඒ නලේ කාන්දු උනේ බොරතෙල් ද, නැත්නම් පිරිපහදු කළ
ඩීසල් හෝඅ පැට්ට්‍රෝල් ද කියල. හරි අපි හිතමු පිරි පහදු කරපු පැට්‍රොල් කියල. ඔන්න
ඉතින් එකතු කරගත්තොත් බඩුම තමා... කියල
අපේ කට්ටියත් යනව එකතු කරන්න...
මම දැන්
එන්නම් මේ ගැන තියන මගේ අත්දැකීම කියන්න... කට්ටියම දන්නවනේ මම මේ දවස්වල ඉන්නේ
කෙන්යාවේ කියල... මම පහූගිය ටිකේම දැම්මේ කෙන්යාවේ ලස්සන ගැන විස්තරනේ.. (කියවපුනැති අය ඉඔන්නවනම් මෙතනින් ඒ ලිපි පෙලම කියවන්න ). මේ කියන්න යන්නේ පසුගිය
සැප්තැම්බරයේ මුලු කෙන්යාවම හඬවපු තිත්ත කතාවක් ගැන.
ඔය මම උඩින්
ලියල තියන විදිහටම කෙන්යාවෙත් ඔය විදිහට තෙල් නලයක කාන්දුවක් සිද්ද උනා... මේ
කාන්දුව සිද්දවෙච්ච තැනට ආසන්නව ඉතා දිළිඳු ගම්මානයක් පිහිටල තිබුන..මේ අයත් ඉතින්
අපේ අය වගේම තමා... කල්ල මරේ කියල ගියා තෙල් එකතු කරන්න.. අහු වෙන අහුවෙන බාජනත්
අරගෙන... පොඩි ලමයි.. ලොකු ලමයි.. ගැහැණු - පිරිමි භේදයක් නැතුව හැමෝම එකතු උනා
තෙල් එකතු කරන්න... ඔය අතරේ මේ දුප්පත් ගම්මනය හරහා ගලන පොඩි ඇළපාරක් තියනව.. මෙහෙ
ඉන්න කෙන්යානුවන්ගේ ටිකිරි මොලේ කියන්නේ කට්ටිය එකතු වෙලා අර කාන්දු වෙන තෙල් පාර,
මේ ඇල පාරට හරව
ගත්තලු.. දැන් ඉතින් තමුන්ගේ ගේ ලඟින්ම තෙල් ටික එකතු කරගන්න පුලුවන්නේ.. කට්ටියම
ඇළ දෙපැත්තේ ඉඳගෙන තෙල් එකතු කරනව...
ඔය අතරේ එක
පාරටම මහා පිපුරුම් හඬක් එක්ක මහා ගිනි ජාලාවක් පැන නැග්ගලු...
මේක කියවන
හැමෝම දන්නවනේ ඛණිජ තෙල් කියන්නේ වහා ගිනි ඇවිලෙන සුලු දෙයක් කියල... ඉතා පුංචි
හේතුවක් / අත පසු වීමක් ඇති ඛනි ජ තෙල් වලට ගිනි ගන්න...එක පාරටම කොතනකින් හරි
පටන් ගත්ත ගින්න මොහොතකින් අර ඇල පාර දිගේ හැම තැනටම පැතිරුනා... තෙල් එකතු කර කර
හිටපු අයට හිතා ගන්නවත් බැරි උනා...ඔවුන් හැමෝම මොහොතකින් අඟුරු බවට පත් උනා..අර
ගම්මානෙම මොහොතකින් ගිනි ගත්ත... මෑත ඉතිහාසයේ කෙන්යාවේ අඳුරුම දවස විදිහට මේ දවස
ඉතිහාසයට එක් උනා. පසු දින පුවත් පත්වල තිබුනු විදිහට මියගිය ගනන 120 ඉක්මවල තිබුන... තවත්
විශාල පිරිසක් පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත වෙලා තිබුනා..
තෙල් එකතු කරන්න ගිහින් තමුන්ගේ මරණය තමුන් විසින්ම ළඟා කරගතු පිරිසක්.. මේ මරණවලට ඇත්තටම වග කියන්න ඕනේ කවුද කියන එක මටනම් තවමත් ප්‍රෙහෙලිකාවක්...
මොහොතකින් අඟුරු වූ මිනිස් ජීවිත.... |
මොහොතකින් අඟුරු වූ මිනිස් ජීවිත.... |
තෙල් එකතු කරන්න ගිහින් තමුන්ගේ මරණය තමුන් විසින්ම ළඟා කරගතු පිරිසක්.. මේ මරණවලට ඇත්තටම වග කියන්න ඕනේ කවුද කියන එක මටනම් තවමත් ප්‍රෙහෙලිකාවක්...
දැන්
හැරෙන්නම් අපේ රටේ සිද්ධියට... අපේ රටේ උනත් මේ වගේ මොහොතකදි අපේ මිනිස්සු වැඩ කරන
හැටියි, කෙන්යාවේ
මිනිස්සු එදා වැඩ කරපු හැටියි අතර වෙනසක් නෑ වගේ නේද?
මම මේ ලිපිය ලියුවේ අපේ රටේ මිනිස්සු අතර පුංචි හරි දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් කියන අරමුණින්... තෙල් කාන්දුවක් වෙනව නම් තෙල් එකතු කිරීම පැත්තක තියල ඒ පැත්තෙවත් ඉන්නෙ නැතුව ආරක්ශිත තැනකට යන එක තමයි හොඳම විසඳුම... අපිට කෙන්යාවේ ඛේදවාචකයෙන් ඉගෙනගන්න පුලුවන් ලොකුම පාඩම ඒකයි...!!!
මේ ඛේදවාචකයේ
අතුරු කතාවක්:
[මේ වගේ
සිද්දියක් උනහම , අපි ගැන
අවධානයෙන් ඉන්නේ කවුද කියන එකත් හරියටම දැනගන්න පුලුවන්... මේ පුවත දැනගෙන අපෙන්
විස්තර අහල, සුව දුක්
විමසපු හැමෝටම ස්තූති කරන්නත් මේ ලිපිය අවස්තාවක් කරගන්න කැමතියි... ඒ වගේම අපි
ගැන හොයල බලයි කියල බලාපොරොත්තු වෙච්ච අය මේ ගැන වචනයක් වත් කතා නොකරපු වෙලාවේ
පොඩි දුකකුත් ඇති උනා.. ]
28 දෙනෙක් ප්‍රතිචාර දක්වල:
ඒ මිනිස්සුන්ගෙ නොදන්නා කම තමයි....... පව්.......
මෙව්වා හොඳ පාඩං ...
නිකං හම්බුවෙනවනම් හෙම්බිරිස්සාව හරි කමක් නෑනේ ලංකාවේ අයට...!!! කොයිතරම් කිව්වත් ඒ පුරුද්දනම් තව කාලයක් යනකම් අතෑරෙන්නේ නෑ,...
පව් නේද අර මිනිස්සු.
හොඳ උපදෙස් ටිකක් මචන්.පොඩි පොඩි ලාබ බලාගෙන කරන ගොඩක් අවදානම් වැඩ කෙලවර වෙන්නේ මේ වගේ දේවල් වලින් තමා,
හොඳ ලිපියක් මචං ..
අර මිනිස්සු පවු.
ලංකාවේ නල වල නම් ගියේ ඩීසල් කියලා ආරංචි උනා ප්රවෘත්ති වලින්. පෙට්‍රල් තරම් ඉක්මනටම ඩීසල් ගිනි ගන්නේ නැති නිසා හොදයි.
අපෝ බලන්න හරිම දුක හිතෙන දර්ශනයක්...
පව් මිනිස්සු ටික.....අර ඇල පාරට හරවන්න අයිඩියා එක දුන්නේ මොන මෝඩයාද දන්නේ නෑ.......
අපරා දේ වටින ජීවිත..........
හොද ලිපියක් අයියේ.දැනුවත් කලාට ස්තූතියි.
අනේ ඒ මනුස්ස ජීවිත අපරාදේ.
loke ko rateth me wage minissu innawa. podi wasiya gana vitharai hithanne.. lankawe oya wage deyak nounata deviyanta sthuthi karamu....
ස්තූතියි මල්ලි මේ දැනුවත් කිරීමට. මිනිස්සු දුකක් කරදරයක් උනාම සොයා බලනව නම් කොච්චර හොඳද? ඒ උනාට මට සමහර වෙලාවට හිතෙනවා ඇප්රිකන් අය අපේ අයට වඩා මනුස්සකම් අතින් ගොඩාක් ඉහලින් ඉන්නවා කියලත්. අපේ අය බොහෝ වෙලාවට වැඩකරන්නෙ වාසියට. කරදරයකදී මගහැර යනවා. දුකයි පිළිස්සුන අය දැක්කම. එයාලට හොඳ ජීවිතයක් පතනවා එන ආත්මේ.
ඔව්ව මොනාද බං, අපේ උන් ගෙවල් හදන් ඉන්නෙත් ඔය තෙල් නල උඩනෙ.
මම ඔන්න ඕක මූනු පොතේ share කරා කාටත් ඉගන ගන්න දෙයක් තියනවා
@විසිතුරු | visituru:
නොදන්නා කමද, එහෙමත් නැතිනම් නොසැලකිලිමත් කමද, දුප්පත් කමද කියල කියන්න හරියටම බෑ..
@ඔබ නොදුටු ලොවක්.....:
මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මේවා පාඩමකට ගන්නේ නැති එකනේ වැඩේ....
@prasanna86k:
මහා වටිනාකමක් තියන නිසානේ කට්ටියම මෙහෙම එකතු කරන්න යන්නේ....
@නදී:
පවු නම් තමයි... අපි වග බලාගන්න ඕනේ ඔය වගේ දෙයක් අපේ රටේ නොවෙන්න...
@කස්ස :
සහතික ඇත්ත...
@හිස් අහස:
ස්තූතියි..
@මධුරංග :
ලංකාවේ සම්පූර්ණ නල පද්ධතියම දිරල කියල තමයි ආරංචිය... පැට්රල් ගියත් ඔය ටිකම තමයි .. :)
@ගලයා :
මෙහේ විතරක් නෙවේ.. අපේ රටෙත් ඇල පාරවල් දිගේ තෙල් ගියාලු... මේ බලන්නකෝ අපේ අය්ය කෙනෙක් කොරන වැඩක්....
http://www.lankadeepa.lk/index.php/articles/15329
@නිසුපා:
දැනුවත් කිරීම් වලින්නම් පොඩ්ඩක් වත් සෙතක් වෙලා නෑ ...
නැත්නම් ඔය ඉහලින් දාල තියන ලින්ක් එකේ වගේ පොටෝ ලංකාවේදීත් ගන්න වෙන්නේ නෑනේ...
@Anonymous:
දෙවියන්ට ස්තූති කොරල වැඩක් නෑ.. අපේ අය මේව හිතට ගන්න තමයි ඕනේ....
@චාන්දි:
මම මෙතන අතුරු කතාවේ ලියල තියෙන්නේ මෙහේ ඉන්න අය ගැන නෙවෙයි අක්කේ.. අපේ රටේ ඉන්න අය ගැන... සමහර අය ඕනෙකමින්ම මේ වගේ සිද්දි ගැන කතාකිරීමෙන් වැලකිලා ඉන්නේ... මේ සිද්දියට පසුවත් කෙන්යාවේ යුද තත්වයක් ඇතිවෙන්න ගිය වෙලාවෙත් හිතාමතාම අපිව අමතක කරපු අයත් හිටිය... ඒකට හේතුවත් අපිට නොතේරෙනව නෙවෙයි...
@ඉන්දික උපශාන්ත:
ඒක ඇත්ත...
@punsara:
ස්තූතියි.... අපේ රටේ මිනිසුන් වෙනුවෙන්...
වජිර අයියේ මොකෝ කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නැත්තෙ.
අදයි මේ ලිපිය කියෙව්වෙ..
මේවා ලංකාවෙ මිනිස්සුන්ට හොඳ පාඩම්..
Post a Comment
මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...