අද නදුන් උයනට
සුවිශේෂී දවසක්. ඒ වගේම නදුන්ටත් සුවිශේෂී දවසක්...
ඒකට හේතුව මොකක්ද කියල දන්නවද?
මෙන්න මේක තමයි
හේතුව....
කට්ටිය
හොයාගත්තද හේතුව... ?
හේතුව තමයි මම
හා හා පුරා කියල බ්ලොග් සටහනක් ලියල අද වෙද්දි අවුරුදු 6 ක්.
මේ බ්ලොග් සටහන ඇත්තටම දැක්කහම අද නම්
ලැජ්ජයිත් එක්ක..ලියල තියන වචන
තුන හතරවත් හරියට ලියල නෑ. ව්‍යාකරණ සහ
භාෂා භාවිතයත් වැරදියි. ඒත් එදා වැරදියට හරි ආරම්භකරපු දේ ගැන අද ආඩම්බරයි.
මම මේ සබැඳිය
මීට ටික කාලෙකට ඉස්සෙල්ලත් නදුන් උයනේ දැම්ම.. ඒ මාව සිංහල බ්ලොග් කියවනයෙන් ගලවා
තැබූ කාලයේ. දැන් නැවතත් සිංහල බ්ලොග් කියවනයට නදුන් උයන එක්වෙලා. මගේ බ්ලොග්
කෙරුවාව ගැන විස්තර ටිකක් , ඔය ඉහලින්කියල තියන ලිපියෙත් තියෙනව.
සිංහල බ්ලොග්
අවකාශයේ මහා දැවැන්තයෙක් නොවුනත්, මේ අවුරුදු 6 ටම ලිපි මහා ගොඩක් ලියල නැති උනත් අදටත් මම සංතෝෂ වෙනව
මගේම කියල බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න පුලුවන් වීම ගැන.
මගේ පෙර
ලිපියේ ලියල තියනව වගේම මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ බ්ලොගර් අඩවියෙන් නෙවෙයි. ඒ
කාලේ සමාජ ජාලකරණ අඩවි ප්‍රචලිත වුනු මුල් යුගය. මූණු පොතත් වැඩිය ජනප්‍රිය නෑ. ඒ
කාලේ තිබ්බේ හායි 5 තමයි හැම
තැනම.. ඔය අතරේ මම හා හා පුරා කියල සෙට් උනේ මල්ටිප්ලයි (www.multiply.com) කියන ජාලයට. ඒකෙන් බ්ලොග්
ලියන්න, පොටෝ ඇල්බම්
හදන්න, සින්දු,
වීඩියෝ අප්ලෝඩ් කරන්න
ඔය හැම දේම තිබුන. ඉතින් මම හා හා පුරාම මගේ අඩවියට දාපු නම තමයි "නදුන්
උයන". ඒ දවස් වල සරසවියේ පරිගණක වල සිංහලත් නෑ. සිංහල යුනිකෝඩ් උනත් වැඩිය
ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ. ඒ මේ සියලු කාරණා නිසාවෙන් තමයි මමත් නදුන් උයන සුද්දගේ
බාසාවෙන්ම කොරගෙන ගියේ.
ඔය අතරෙ මම සිංහලෙන් පලකරපු පලවෙනි
ලිපිය තමයි මෙ...
" සටන් විරාමය සමඟ ගිය ගමනක අවසානය ".. මේක ඇවිල්ල ලියුවෙ නම් මම නෙවේ.
" සටන් විරාමය සමඟ ගිය ගමනක අවසානය ".. මේක ඇවිල්ල ලියුවෙ නම් මම නෙවේ.
මම නදුන් උයනට
එක් කරපු පලවෙනි සිංහල ලිපිය තමයි මේ.
සිංහලෙන් යාහූහූහූහූහූහූ !!! ( http://somarathne.multiply.com/journal/item/83/83 )
ඊ මේල් තුලදී
මවු බස භාවිතය ජනප්‍රිය කරවන්න තමයි ඒ ලිපිය ලියුවේ. ඔන්න ඔහොම පටන් ගත්ත නදුන්
උයන බොහෝ හැල හැප්පීම් මැද්දේ මේ ඔයාල කියවන තැන දක්වා ආව.. ඔය අතරේ පහලින්
තියෙන්නේ සිද්ද වෙච්ච දේවල් කීපයක්.
1. මගේ සරසවි
ජීවිතයේ විශේෂ සිදුවීම් බොහොමයක් පරන නදුන් උයනේ සටහන්ව තිබීම
2. මයික්රොසොෆ්ට්සමාගම සහ සම්බන්ද වී කරන ලද බොහෝ වැඩකටයුතු පරන නදුන් උයනේ සටහන්ව තිබීම
3. පුහුණුවන්නෙක්ලෙසට රැකියා ආයතනයේ ජීවිතය පිලිබඳ බොහෝ තොරතුරු
4. මාගේ සරසවියේඅවසන් වසර ස්ව අධ්‍යනය උදෙසා ලියන ලද බොහෝ ලිපි. [පරිගනක දේශීයකරණය පිළිබඳව. ] නඳුන්
උයන හරහා ප්‍රසිද්ධ කිරීම.
5. මේ අතරේ පලමුබ්ලොග් මැරතනයට සහභාගී වීමේ අරමුනින් මම බ්ලොගර් හරහා අලුත් නදුන් උයනක් පිහිටවීම.
6. පලමු බ්ලොග්
මැරතනයට සහභාගී වීම
7. ඔය අතරේ
බ්ලොග් අඩවියේ ආර්. එස්. එස්. වල සිදුවූ දෝශයක් නිසා, බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයෙන් ප්‍රසිද්ධ
නොවීම.
8. දෝෂය සදාගන්නට
නොහැකි තැන, බ්ලොග් අඩවියමකා දමා අලුත් බ්ලොග් අඩවියක් ඇරඹීම.
9. ආදර ලෝකේ සැරි
සරන්නට ගොස් බ්ලොග් අඩවියක් තිබුනාදැයිත් අමතක වීම. ඊට දඩුවමක් ලෙස සිංහල බ්ලොග්
කියවනයෙන් නදුන් උයන නෙරපීම.
10. බ්ලොග්
ලියන්නටම සිංහල යතුරු පුවරුවක් මිලට ගැනීම.
11.යලිත් ලියන්නට
පටන් ගත්තත් මාස 6 ක ඉන්දියානු
ජීවිතයේදී එකම බ්ලොග් සටහනක් වත් ලියන්නට නොහැකි වීම.
13.ඉන්දියානු
ජීවිතය ගැන ලිපි කීපයක් හෝ පළකිරීම
14. කෙන්යාවේ සහදකුණු අප්‍රිකාවේ චාරිකා සටහන් විශාල ප්‍රමාණයක් නඳුන් උයනේ බෙදා හදා ගැනීම.
15. අලුත් නඳුන්
උයනේ ලිපි 30 ක් පමණ ලියා
හිට්ස් 5500 ක් සහ,
ලියාපදිංචි කියවන්නන් 50ක් පසුකර යෑම.
මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ දිනපතාම
පාහේ ගියපු බ්ලොග් අඩවියක් තමයි, ඒ කාලේ ප්‍රභාත් සිරිසේන අය්යගේ (අද යෝගානන්ද හිමියන් )
"නිදහස්" බ්ලොග් අඩවිය. ඊට අමතරව වරුණ කණිෂ්ක සොයුරාගේ "නිදහස්අදහස්" බ්ලොග් අඩවියත් ගොඩක් දුරට කියෙව්ව. වරුණ තමයි මට මුලින්ම බ්ලොග්
මැරතන් එක ගැනත් කියුවේ. ඔය අතරේ සුපුන් සුදාරක, ප්‍රවීන් ඉන්ද්‍රනාම,ශාකුන්තල වගේ නම් ඒ
කාලේ බ්ලොග් කරුවන් අතර ජනප්‍රිය වෙලා තිබුනා.
මෑත කාලයේ නම් මගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර
ගනනින් මම ඉහලට ගිහින් තිබුනා. වෙනදට
එක්කෙනෙක්, දෙන්නෙක් එන
ලිපි වලට ප්‍රතිචාර 10 - 20 ක් වැටෙනකොට
ඇත්තටම සතුටු හිතුනා.(ඉස්සර මට හිට් 250 ක් එකතු කරගන්න දවස් 250ක් ගියා මුල්ම කාලෙදි ) මෑත කාලයේදී ගොඩක් ප්‍රතිචාර දක්වපු අය අතරේ
මදුරංග , හිස් අහසේ
සඳරු, නදී , නිසූපා, පිනිබිඳු, රත්තරන් මාලුවා සහ තවත් බොහෝ අය හිටියා. ඔය
අතරේ චාන්දි අක්ක මගේ කෙන්යා සටහන් වලට ඇගේ ප්‍රතිචාර හරහා ලොකු වටිනාකමක් ලබා
දුන්නා. නම් ගම් අමතක වෙච්ච අය ඉන්නව නම් සමා වෙන්න හොන්දේ.
ඔය අතරේ සමහරු
මූනු පොතේ හෝ මග තොටදි හමු උනහමත් "අපි උඹේ නදුන් උයන කියවනව.. ලඟදි මුකුත්
ලියුවෙ නෑ නේද?" කියලත් අහන්න
පටන් ගත්ත. ඇත්තටම හරිම සන්තෝසයි එහෙම දෙයක් ඇහෙද්දි. ඉතින් මේ හැමෝටම බොහොමත්ම ස්තූති කරන්න මේක
තමයි හොඳම වෙලාව.. මට උදවු කරපු, මගේ ලිපි කියවාපු, ඒවායින් කිසියම්ම හෝ වින්දනයක් ලබපු හෝ
දැනුමක් එකතු කරගත් සියලු දෙනාටම ස්තූතියි. පසුගිය වසර 6 පුරාවටම නඳුන් උයනේ හිටපු හැමෝටම මම ආරාධනා
කරනව, මගෙත් එක්ක
ඉදිරියටත් ඉන්න කියල..
මම නිතරම ලිපි
ලියන්නෙක් නොවීම මගේ ලොකු අඩු පාඩුවක්. නමුත් අධික කාර්ය බහුලත්වය නිසා සතියකට එක
ලිපියක් ලියනව කියන එකත් ලොකු අභියෝගයක් මට නම්. මම විවේකීව ඉන්න වෙලාවට බ්ලොග්
අඩවි බොහොමයක් කියෙව්වත් කොමෙන්ටුවක් දමන්නේ නැතුව යනව ගොඩක් වෙලාවට. ඒකත් මගෙන්
බ්ලොග් සමාජයට වෙන වැරැද්දක්. සමහර විට ඒ හන්දම වෙන්න ඇති මගේ ලිපි වලටත් කොමෙන්ටු
අඩු වෙනව ඇත්තේ. නමුත් කොමෙන්ටු දැම්මේ නැති උනාට ඒ බ්ලොග් අඩවි වලින් ලබා ගන්නා
දැනුම මෙන්ම ආශ්වාදයත් ඉහලයි. ඒ නිසා සියලු සිංහල බ්ලොග් කරුවන්ට ඒ වෙනුවෙන්
ස්තූති කරන්නත් මේක අවස්තාවක් කරගන්න කැමතියි.
ඔය හැම දෙනා අතරෙම, නඳුන් උයනට හොරෙන්
හොරෙන් එන මාල ගිරවියෙකුත්, මට ලොකු සහයක්
දෙනව මේ බ්ලොග් කෙරුවාව කොරගෙන යන්න.ඒ මාල ගිරවි බ්ලොග් ලියන්නේ නැති උනාට මට දෙන
සහයෝගය නම් කියන්නම ඕනේ.
ඉතින් එහෙනම්
ස්තූතියි හැම දෙනාටම . .....!!!
44 දෙනෙක් ප්‍රතිචාර දක්වල:
අවුරුදු 6ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්.. සුභ පැතුම් හදවතින්ම..
මගෙනුත් සුබ පැතුම් !
අවුරුදු හයක් ! ලොකු කාලයක්. මගේ සුබ පැතුම්! සෙනෙහසින්ම . ස්තූතියි නඳුන් මල්ලී. ඉතාම පුංචි කාලයකදී හඳුනා ගත් මාවත් මෙහෙම මතකයට නැගීම ඇත්තටම නෙතට කඳුලක් එක්කලා. ඉදිරියටත් හැමදාම ඉන්නවා ඔයාගෙ සටහන් කියවන්නට. ඔයාගෙ ඉදිරි ජීවිතය ඉතාම වාසනාවන්ත වේවා කියල සෙනෙහසින් , ආදරෙන් පතනවා.
සුභ පැතුම් අයියා!
අවුරුදු 6ක් පුරා කරපු සේවය වෙනුවෙන්...
ප්‍රභාත් අයියා කියන්නෙ සුමින්ද සිරිසේන මහත්මයාගේ පුතා නේද?
තව බොහෝකල් නඳුන් උයන කරගෙන යන්න ලැබේවා!.
ප.ලි.: අෆ්රිකානු සංචාර විස්තරවලට තමා මම ගොඩක් කැමති...
අතරින් පතර ලිපි කිහිපයක් කියවලා තියෙනවා වගේ මතකයක් තියෙනවා. ඒ හැරුනකොට බොහෝ දුරට මට මඟ ඇරුන අඩවියක් වගේ කියලා හිතෙනවා..කොහොම උනත් දිගු ගමනක නියැලෙන ඔබට මගේත් අවංක සුභ පැතුම්..!
ඉදිරියේදී වැඩි වැඩියෙන් කියවන්නට අදහස් කරමි..පොඩි අවුලකට තියෙන්නේ ඔය නඳුන් කියන කෑල්ල එක්ක මේ බ්ලොග් අවකාශයේ තියෙන පුංචි ගැටළුවක්.මං හිතන්නේ මට මේක අතෑරෙන්නත් හේතුව ඒක වෙන්න ඇති. මම නොකිව්වට දන්නවා ඇතිනේ.. ඒත් අදින් පස්සේ බලමු දිගටම...
සුභ පතනවා !!!! තවත් 60ක් ලියන්න....
සුභ පැතුම් අයියේ.
අම්මෝ..... අවුරුදු හයක්.... සෑහෙන කාලයක් නෙ.
අවුරුදු හයට තව අවුරුදු හැටක්ම ලියන්න ලැබේවා.සුභ පැතුම් අයියා.බිසීනම් මොනවා කරන්නද නේද?මටත් මේ දවස් වල ඔය සෙතේමයි.
මගෙනුත් සුබ පැතුම්!
අප්පේ අවුරුදු 6ක් කියන්නෙ සෑහෙන කාලයක් නේ.සුබ පැතුම් අපෙනුත් දිගටම ලියන්න!!!
සංචාර විස්තර වලට නම් අපි ගොඩක් කැමතියි.පින්තූරත් එක්ක දාන විස්තර නියමයි.එහෙම දැම්මම ආස හිතෙනව කියවන්න.
ස්ථූතියි..බොහොම අත්දැකීම්ටිකක් ගත්ත බ්ලොගින් ගැන...
සෑහෙන ලොකු කාලයක් බ්ලොග් කරනයේ යෙදුනු ඔබට තව චිරාත් කාලයක් අපූරු ලිපි මඟින් බ්ලොග් ලෝකය සරසවන්න හැකියාව ලැබේවා . .සුභ පැතුම් . . .
සුභ පැතුම් නඳුන් උයනට...
අවුරුදු 6ක් කියන්නේ කොයි තරම් නම් ලොකු කාලයක්නේ. සුභ පතනවා හදවතින්ම. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!
සුබ පැතුම් අයියා !!!
බලාගෙන ගියහම අයියා තමා පරණම බ්ලොග් ලියන්නා !!!
හපොයි... ඒ කාලෙ අපි බ්ලොග් කෙරුවාව ගැන අහල වත් නෑ.. ඒත් මං බ්ලොග් බලන්න ගත්ත මුල් කාලෙම වගේ ආපු තැනක් කියලා මතකයි.. ඒත් මීට අවුරුදු දෙකකට විතර කලිං..කොහොම වුණත් ආයෙ බ්ලොග් එක අමතක කරණවා එහෙම නෙවේ..
මගේ සුබ පැතුමුත් පිළිගන්න..
නදුන් උයනේ ලිපිවලට වඩා මට ඔබව මතකයි.මගෙන් සුභ පැතුම්.තවත් දිගටම ලියන්න සහෝදරයා.
මුලින්ම සුභ පැතුම් සය වැනි අවුරුද්දට.
මම ආපු මුල්ම වතාව මේ.
ඉදිරියටත් දිගටම රැදෙන්න බලාපොරොත්තු වෙමි.
ජය වේවා
අදමයි ආවේ අවුරුදු 6ක් බ්ලොග් ලියනවා කියන්නේ අත්දැකීම් ගොඩක් සුබ පතනවා හදවතින්ම.මම නම් මේ බ්ලොග් ලෝකෙට ඉපදිලා හරියටම මාසයයි ..
සමාවෙන්න අද දැක්කේ , සුභම සුභ උපන් දිනයක් . සැහෙන පරණ බ්ලොග් කාරයෙක්ය කියල දැනගත්තේ අද නේ
නදුන්ගේ පලමු වන බ්ලොග් සටහනට ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් විදියට මටත් හරි ආඩම්බරයි. :D
@Dinesh:
ස්තූතියි සුබ පැතුමට... මට නම් ඉතින් අවුරුදු 6 ක් ගියාද කියල දැනුනෙවත් නෑ... !!!
@විසිතුරු:
ස්තූතියි.. නිතරම මේ පැත්තේ එනවට/.....
@Chandi
ස්තූතියි..සුභ පැතුම් වලට...
අක්කගේ ප්‍රතිචාර වලින් මගේ කෙන්යාවේ ලිපි වලට අලුත්ම වටිනාකමක් එක් උනා.. ඒ හන්දා අමතක වෙන්න නම් විදිහක් ඇත්තේම නෑ..
ඉදිරියටත් එන්න ...
@හරී:
ස්තූතියි... ඇත්තෙන්ම මම සේවයක් නම් කොරල නෑ.. ඒත් විනෝදාංශයක් විදිහට මේක කොරන් යනවා...
ඔව් මල්ලි, එයා තමයි.. ඔබ හරී...
ඔබේ "හරීගේ හීනලන්තය" ටත් ලොකු වටිනාකමක් තියනව...
මේ පිලිවෙල බලන්නකෝ... නිදහස්.කොම් (2) > නඳුන් උයන(4) > නිදහස් අදහස් (5) > පිණිබිඳු (6) > .... ඊළඟට "හරීගේ හීනලන්තය" .....(7) මේ ලිස්ට් එකේ තව අය ගොඩක් ඇති... මට මතක් වෙච්ච විදිහට ලියුවේ..
ඒ නිසා ඔබේ අඩවියටත් සුභ පතනවා.....
@මාරයාගේ හෝරාව:
සාදරයෙන් පිලිගන්නවා මාරයාවත්... !!! ස්තූතියි සුභ පැතුම් වලට...
ඔය නඳුන් කෑල්ලේ ප්‍රශ්න මට ඉස්සර පොඩ්ඩක් වගේ මතකයි.. ඒත් ඔය අනිත් නඳුන්ල ගැන මම වැඩිය හොයන්න ගියේ නෑ, කොහොම උනත් මගේ අඩවියේ නම වෙනස් කරන්න කල්පනාවකුත් නැති නිසා..
නැවතත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න...
@ඔබ නොදුටු ලොවක්:
සම්පූර්ණ උත්සාහයක් දරන්නම්... ඒත් ඉතින් තව ටික කාලෙකින් කෙන්යාවෙන් ආවට පස්සේ ලියන්න දේවල් හොයා ගන්නත් වෙනවනේ...
@පිණිබිඳු... :
බොහොම ස්තූතියි..
ඔයාගේ පිණිබිඳු අඩවිය ගැන ලියන්න තියෙන්නෙත් , අර "හරී" ට ලියපු ටික තමයි.. ඒත් ඒ ලිස්ට් එකේ බ්ලොග් වලින් හොඳම බ්ලොග් එක නංගිගේ කියල ඕනේ කෙනෙක් පිලිගන්නවා...
@නිසුපා:
මැරෙනකන් ලියන්න පුලුවන් උනොත් එකත් ලොකු ජයක් ... ස්තූතියි මේ පැත්තේ නිතරම එනවට...
@ලහිරු:
ස්තූතියි ,,, ගොඩාක්...
@නදී :
නිතරම නඳුන් උයනේ සැරි සරනවට සහ සුභ පැතුම් වලට ගොඩක් ස්තූතියි... මම නැවත බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස්වල අක්කගේ කොමෙන්ට් මාව ගොඩක් දිරිමත් කලා. ඒ වෙනුවෙන් ගොඩක් ස්තූතියි...
[දැන් නම් අක්ක කෙනෙක් කියලත් දන්නව ඕන්.. :) ]
@අමිල චතුරන්ග:
ස්තූතියි, පැමිනියාට සහ සටහනට...
@දුකා :
ලස්සන ප්‍රාර්ථනාවන් වෙනුවෙන් බොහොම ස්තුතියි. බ්ලොග් අවකාෂයේ දැවැන්තයෙක්ගෙන් සුභ පැතුම් ලැබෙන එකත් සතුටට හේතුවක්...
@prasanna86k :
බොහොම ස්තූතියි ගෝල්ඩ් ෆිශ්... මට තාම මතකයි මාව කියවනයෙන් ගැලවිලා තිබ්බ එක ගැන දාපු පෝස්ට් එකට ඔබ කියල තිබ්බ "කියවන වල තිබ්බෙ නැතත් අපි එනව කියවන්න... " කියල... ඒ වගේම ඔබ ඇවිත් තිබුනා...
ස්තූතියි මේ හැම දේටම....
@බට්ටි:
ස්තූතියි බට්ටියෝ... ස්තුති වන්ත වෙනව මමත් හදවතින්ම... :)
යෙහෙන් වැජඹුනේ නැතත් යන්නතම් පෝස්ට් ටිකක් ලියන්න පුලුවන් උනොත් ... ඒ මදැයි .. ;)
@මධුරංග:
බොහොම ස්තූතියි...
මම හිතන්නේ නෑ මල්ලි, මම සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගන්න කාලේ වෙද්දි තව බොහෝ පිරිසක් හිටියා. එයාලගේ නම් කීපයක් උඩින් දාලත් තියනව... මම පටන් ගත්ත කාලේ ඉඳල ඉංග්‍රීසි බසින් බ්ලොග් ලියන අය නම් අති විශාලයි..හැබැයි ඒ බ්ලොග් ගොඩක් ඒව තාක්ෂණික බ්ලොග්..
@චතුර විජේකෝන්:
ස්තූතියි සුභ පැතුමට,
ඒ කාලේ ආව වගේ නැවතත් එන්න කියල සාදරයෙන් ආරාධනා කරනවා..
@නිකමා:
ස්තූතියි සුභ පැතුමට,
කවුද බොලේ මේ නිකමා... මාව ඔච්චර මතක මගෙන් මුකුත් වැරැද්දක් වත් වෙලා තියනවද? හඳුන්වා දෙන්න කැමතිනම් උඩින් තියන මූනු පෝතේ ලින්ක් එකෙන් පුද්ගලික පණිවිඩයක් එවන්න...
මෙහි ආවට ස්තූතියි...
@වර්ණා :
ස්තූතියි සුභ පැතුමට..
ඉදිරියටත් රැඳෙයි කියල බලාපොරොත්තු වෙනව වගේම, ආරාධනා කරනවා..
@පුංචි කුමාරිහාමි:
බොහොම ස්තූතියි සුභ් පැතුම් වලට.. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා... නදුන් උයනට වගේම සිංහල බ්ලොග් අවකාශයටත්...
@බුවාගේ සිතුවිලි :
බොහොම ස්තූතියි සුභ පැතුමන් වලට සහ මෙහි පැමිණීමට..
@ Prasad Sampath Wickramasinghe:
මේ මුලු අවුරුදු 6 පුරාවටම මගේ බ්ලොග් රසිකයෙක් වීම ගැන ප්‍රසාද්ට ස්තූතියි....
මුල ඉදන් අගට සියල්ලම කියෙවුවෙමි.....ඇත්තටම තුති ඔබට මෙවැනි දේ ලිවුවට...
සුබ පැතුම් නදුන් සහෝ....අද තමා මම නම් මේ පැත්තට ගොඩබැස්සේ....දිගටම එන්නම්කෝ
Post a Comment
මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...