Pages

Sunday, July 12, 2009

විස්ටා - ඔෆිස් 2007 දැන් සිංහලෙන් ....

මීට වසර ගණනාවකට ඉහතදී පරිගණකය හැඳින්වූයේ සමාජයේ ඉහල පෙලේ පුද්ගලයින් භාවිත කරන සුඛෝපභෝගී - ඉහල පැලැන්තියේ තාක්ෂණික මෙවලමක් ලෙසයි. නමුත් අද වන විට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පරිගණකය සාමාන්යල ජනතාව අතරට ගිහින් අවසානයි. තවත් නොබෝ කලකින්ම සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට පරිගණකය සඳහන් වීම අපි කාටත් වැලැක්විය නොහැකියි. පරිගණකයේ උපත ඇමෙරිකාවේදී සිදු වුවත් මුළු ලෝකයේම විද්‍යාඥයින්, තාක්ෂණිකඥයින් , උගතුන් පරිගණක තාක්ෂණයේ දියුණුවට කර ඇති මෙහෙය අති විශාලයි. මුල් කාලයේදී පරිගණකය හැසිරවූයේත්, අපගේ අවශ්‍යතා ඉටු කරගත්තේත් ඊටම ආවේණික භාෂා වලින්. පසුකාලයේදී පරිගණකය හැසිරවීම මෙන්ම අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අප එදිනෙදා භාවිත කරන භාෂාවන් යොදා ගැනීම ඇරඹුණා. නමුත් මුල්වරට බොහෝ පරිගණක පරිශීලකයන් අතර ජනප්‍රිය වූයේ ඉංග්‍රීසි බසයි.

ඒ සියල්ල පරිගණකය හා බැඳුණු අතීත කතා. අද වන විට පරිගණක තාක්ෂණය මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී අවසානයි. ඒ කෙසේ වෙතත් ලෝකය පුරා පරිගණකය හා තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත වෙද්දී යම් යම් ගැට‍ළු ද පැණ නැගුණා. ඉන් එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ මුළු ලෝකයේ ජනගහණයෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ වැඩ කිරීම‍ට නොහැකි වීම. ඒ නිසාවෙන්ම පරිගණක භාවිතය අත හරින්නට තරම් ජනතාව පසුබට වූයේ නෑ. ඒ වෙනුවෙන් විසඳුම් සොයා ගියා. “ දේශීය කරණය” නම් වූ සංකල්පය පරිගණකය වෙතටත් ළඟාවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටයි.

මෙසේ තාක්ෂණය ඉදිරියට යද්දී අපේ රටේ අපේ බස - සිංහල භාෂාවත් මග නැවතුනේ නෑ. විවිධ ක්‍රම හරහා සිංහල බසින් පරිගණකය මගින් වැඩ කරගැනීම ඇරඹුණා. තමුන්ගෙ මවු භාෂාවෙන් තමුන්ගෙ වැඩ කරගන්නව කියන්නෙ සැබැවින්ම වාසනාවක්. මෙහිදී සිංහල යුනිකේත ක්‍රමයේ හඳුන්වා දීම ඉතා වැදගත් සංධිස්ථානයක් කියලයි මට හිතෙන්නේ. ඊට පසු විවිධ මෘදුකාංග සිංහලෙන් දේශීයකරණය වෙලා එළියට ආවා. ෆයර්ෆොක්ස් මෙන්ම තන්ඩබර්ඩ් මෘදුකාංග 2 සිංහල බසින් පැමිණීම මෙම සිංහල-දේශීයකරණයේ මීළඟ සංධිස්ථානයයි.

අද වන විට මෙම මාවතේ යෝධ පියවරක් තබන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකිවෙලා තියනවා. ඒ විස්ටා මෙහෙයුම් පද්ධතියත්, ඔෆිස් මෘදුකාංගයත් සඳහා භාෂා අතුරු මුහුණත් හෙවත් Langauge Interface Pack (LIP)හඳුන්වා දීමත් සමඟ. සිංහල බසින් පරිගණක භාවිත කරන්නන් වෙනුවෙන් එළි දැක්වුණු මෙම විස්ටා - ඔෆිස් සිංහල භාෂා අතුරු මුහුණත සැබැවින් ම අපව මවිත කරවනවා කිව්වොත් නිවැරදියි.


“භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් (Language Interface Pack -LIP) යනු, වින්ඩෝස් විස්ටා වැනි යම් මෙහෙයුම් පද්ධතියක හෝ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි පරිගණක වැඩසටහනක මුහුණත, භාවිත කරන්නාගේ දේශීය භාෂාවෙන් හැඩ කිරීමට සමත්වන මෘදුකාංගයකි. යම් මූලික භාෂාවක් (සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බස) පදනම් කරගෙන පරිගණකය තුල මෙහෙයුම් පද්ධතියක් හෝ පරිගණක වැඩසටහනක් ස්ථාපනය කළ පසු ඒ මත මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමෙන් මුල් මෙහෙයුම් පද්ධතියේ හෝ පරිගණක වැඩසටහනේ වදන් සහ හැඩතල සැලකිය යුතු ලෙස අදාල දේශීය භාෂා‍ව වෙත පරිවර්තනය වීම සිදුවේ. මේ වන විට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලය සඳහා සිංහල භාෂාව වෙනුවෙන් වූ මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් හඳුන්වා දී තිබේ. මෙය ස්ථාපනය කළ විට ඔබේ පරිගණකයේ සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ මූලික මෙනු, බොත්තම්, උපදෙස් සහ විස්තර සැලකිය යුතු ලෙස සිංහල මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී සිදුවනුයේ මෙම මෘදුකාංග වලදී භාවිත වූ ඉංග්‍රීසි වචන සඳහා සිංහල වදන් පෙලක් මුසු කිරීමයි.” (උපුටනය: මයික්‍රොසොෆ්ට් මූලික හඳුන්වා දීමේ ගොනුවෙනි)"

පළමු වරට මෙවැනි අත්දැකීමක් ලද විට මා පුදුමයට පත්වූයේ මෙහෙයුම් පද්ධතියේ බොහෝ ස්ථාන වල සිංහල වදන් පමණක් ම දුටු නිසාවෙන්. මේ අත්දැකීම කිහිපයක් ඔබත් සමඟ බෙදා ගන්න කැමතියි. මෙන්න විස්ටා පාලක පුවරුව හෙවත් control panel එක:සැබැවින්ම පුදුමාකාරයි නේද?. මෙහිදී මූලික මෙහෙයුම් පද්ධතිය පමණක් නොව ඒ සමඟ සබැඳි මෘදුකාංග සඳහා ද අදාළ පරිවර්තනය සක්‍රීයයි. උදාහරණයක් ලෙස අපිට හුරුපුරුදු Media Player එක දැන් හැඳින්වෙන්නේ “මාධ්‍ය ධාවකය” යන නමින්. Calendar එක දින දසුන වෙලා. Movie Maker සළරූ නිමැවුම් කරු වෙළා. මෙම මෘදුකාංග අභ්‍යන්තරයේදීද මෙනු, බොත්තම්, විස්තර, උපදෙස් බොහෝ දුරට සිංහල බසින් පෙන්නුම් කරනවා.




හැබැයි ඉතින් මෙහි අඩුපාඩු බොහෝ ඇති. නමුත් අඩුපාඩු ගැන කතා කරනවාට වඩා කරල තියන මහා කාර්යය ගැන කතා කරන එක වටිනවා කියල හිතෙන හින්ද මම අඩුපාඩු ගැන මෙතන කතා කරන්න යන්නෙ නෑ. මේ යෝධ කාර්යයට මයික්‍රොසොෆ්ට් සමඟ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ දේශීය භාෂා විශාරදයින් එකතු වෙලා ලබා දීල තියෙන්නේ හොඳ සහයෝගයක්. (අනේ තව කවුරු හරි මීට අමතරව උදව් කළා නම් ඒ අයටත් ස්තුතියි. නැත්නම් ෆයර්ෆොක්ස් පිටවුණු වෙලාවෙ වගේ දැන් මගේ දිහාවට අවි අමෝරාගෙන එයි, මමයි මේක කළේ කියලා.) මේ හැමෝටම ස්තූතියි.

ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම ගැන මීළඟ සටහනේ ලියන්නම්.

මේ අත්දැකීම වියදමකින් තොරවම ලබන්න. මෙන්න සබැඳුම:

වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx

මයික්රොwසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

පරිගණකයට ස්ථාපනය කරල බලල අදහසකුත් දක්වන්නකෝ....


16 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Thusitha Hettige said...

පොඩි ප්‍රශ්නයක්!

"සහාය දක්වන සංස්කරණ: LIP Windows Vistaහි බිටු 32 සංස්කරණය සමග පමණක් ක්‍රියා කරන අතර Windowsහි පෙර සංස්කරණයක හෝ Windows Vistaහි බිටු 64 සංස්කරණයක ස්ථාපනය කළ නොහැකිය." :(

Narada said...

විස්ටා වල අඩුපාඩු නිසාම දැන් අලුත් එකක් එන්න ඔන්න මෙන්න තියෙද්දී අන්තිම කාල මොහොතකදී සිංහල දෙනවා! වින්ඩෝස් 7 වලදී ඕක ආවේ නැත්තං වැඩක් නෑ.

කෙසේ වෙනත් ෆ්ඩෝරා වල යම් දුරට සිංහල පැකේජයක් දීලා ඉන්නේ විස්ටාට කලිං!

නදුන් උයන said...

@Thusitha Hettige:
ඒකනම් ප්‍රශ්නයක් තමයි! දැනට ඉතින් ලද දෙයින් සතුටු වෙමු.

@-බිன்ku- :
අපි බලමු වින්ඩෝස් 7 වලදි මොකද වෙන්නෙ කියල.දුන්නොත් හොඳයි.දුන්නෙ නැතොත් නරකයි.ඊට එහා දෙයක් කියන්න අපිට බෑ නොවැ.
ෆෙඩෝරා භාවිත කරන්නෙ ලංකාවෙ කීයෙන් කී දෙනාද?විශේෂයෙන්ම රජයේ කාර්යාල වැනි සිංහල බස ප්‍රායෝගිකව යොදා ගන්නා තැන් වල? මට මතකයි 2004 අවුරුද්දෙදි නොපික්ස් සිංහල මුහුණතක් ආවා.නමුත් ඒව සාමාන්‍ය පරිහරණය දක්වා ආවෙ නැත්තෙ ඇයි කියන එක ගැටළුවක් !!!
- අපි හැමෝම මෙහිදී මේ දේ කළේ මයික්‍රොසොෆ්ට් ද නැත්නම් ඕපන් සෝස් ද කියල හොයනවට වඩා මේ හැම දෙයකම ඇති සිංහල හැකියාවන් ගැන සිංහලෙන් වැඩකරන සාමාන්‍ය ජනතාව අතරට මේ පණිවිඩය අරගෙන යාමයි කළයුත්තේ.... මට නම් හිතෙන්නේ එහෙමයි....

Anu said...

වැඩේ නං හොඳයි.. පුරුදුවෙන්න කල්යයි.

änthräX said...

"අපි හැමෝම මෙහිදී මේ දේ කළේ...."
මේ කතාවට මම විරුද්දයි. දෑනටමත් අපි කීයෙන් කී දෙනාද windows හොද copy එකක් පාවිච්චි කරන්නෙ? අනික ලිපියෙ මුලින් ඔබතුමා සදහන් කරපු විදියට පරිගනකය හෑමෝටම නෑතිවම බෑරි භාන්ඩයක් වෙමින් පවතිනවා. හිතන්නකො අපේ මිනිස්සු ඔක සින්හලෙන් පාවිච්චි කරන්න තදින් හුරු උනාට පස්සෙ copyright law එක තදින් ක්‍රියාත්මක කරන්න ගත්තොත් මොකද වෙන්නෙ? මේක open source වෑඩ්ක් නම් කරපු කට්ටියට සුබපෑතුම්. නමුත් අපරාදෙ ඔයාලගෙ මහන්සිය. microsoft වෑඩක් නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.( ඔය මනුස්සය ලෝකෙ ලොකුම ස්ල්ලිකාරයා උනේ win98 හදුන්වාදෙන presentation එකේදී crash වෙනවා පෙනි පෙනී නෙ ) අමතක කරන්න හොද නෑ එයා ලෝකෙ හොදම businessමොල වලින් එකක් කියන කතාව සහ අපි කලාපයේ ඉහලම software හොරුන්ගෙ ගොන්නේ ඉන්න බවත්.

Tharaka Devinda said...

බිට් 32 තමා අවුල! මමත් 64 වැඩ කරන්නෙ! හැබැයි මා ගාව 32 එකක් තියනවා! පොඩි තැටියට ඒක දාල බලන්නම්.

anthraX:
ඔයා කියන කතාවත් හරි!

ශාකුන්තල | Shaakunthala said...

anthraX කියන කතාව හරි. නමුත් සමස්තයක් විධියට මම මේ වැඩේ හොඳක් දකිනවා ඒක සිංහල භාෂාවට කෙරෙන සෙතක් නිසා.

මම සිංහල Gnome අතුරුමුහුණත පාවිච්චි කරද්දි Cut/ Paste වචන වලට තිබුණ කපන්න/ අලවන්න වචන දැකල ඒවට හිනා වෙච්ච අය හිටියා. ඒත් මේකෙත් තියෙන්නෙ ඒවම නෙව! කී දෙනෙක් හිනා වෙයිද දැන්... :D

නදුන් උයන said...

@Anu :
හැමදෙයක්ම එහෙමනේ ඉතින්.

@ශාකුන්තල :
ඒක ඇත්ත.ඉස් ඉස්සරෝම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මහාචාර්ය ගිහාන් ඩයස් මහත්මා එහෙම එකතුවෙලා තන්ඩබර්ඩ්,ෆයර්ෆොක්ස් සිංහලෙන් හඳුන්වා දීපු වෙලාවෙ අපි හැමෝටම හිනා ගියා ඒ වචන දැකල.නමුත් දැන් ඒව සිංහල බසට එකතුවෙලා ඉවරයි.මෙය පරිගණක ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි.හැමතැනටම පොදුයි.නෝ බෝල් වෙනුවට නිපන්දුව එක් වුනේ අපට මතක ඇත් කාලෙදිනේ. ඉස්සර කවදහරි liver වෙනුවට අක්මාව කියන වචනෙත් එන්න ඇති (හෝ අක්මාවට liver එක කියල කියන්න ඇති). භාෂාවක විකාශණය කියන්නේ ඒකනේද?

@anthraX:
අන්තිමට කියල තියන ටිකට තදින්ම එකඟයි.
ඒත් ඕපන් සෝස් කළා නම් හොඳයි.නැත්නම් හොඳ නෑ කියන එකට එකඟවෙන්න අමාරුයි. මොකද හොඳ වැඩක් කලොත් කවුරු කළත් හොඳයි.නරක වැඩක් කලොත් කවුරු කළත් නරකයි.මට හිතෙන්නෙ එහෙම.

@හැමෝටම: මට මෙතනදි අවශ්‍ය උනේ මයික්‍රොසොෆ්ට් - ඕපන් සෝස් සංවාදයක් අරඹනවාට වඩා සිංහලකරණය ගැන පළදායී සාකච්ඡාවක් ගොඩ නගන්න.

änthräX said...

ඕපන් සෝස් කළා නම් හොඳයි.නැත්නම් හොඳ නෑ කියලා නෙමෙයි මම අදහස් කලේ. ඕපන් සෝස් වෑඩක් නම් කරන කට්ටිය ලාබ ප්‍රයෝයන නෑතුව කෑපවීමෙන් කරන්න ඔනා නිසයි "කරපු කට්ටියට සුබපෑතුම්. නමුත් අපරාදෙ ඔයාලගෙ මහන්සිය" කිව්වෙ. අනික සින්හල කරනය ගෑන පලදායීව කතා කරන්නෙ කොහොමද මෙක වෙළද ගෑටයක් නම්? අපේ මිනිස්සුන්ටත් යුරෝපෙ ගනන් ගෙවන්නෙ නෑතුව දරන්නපුලුවන් ගානකට windows products දෙනවනම් ඉතින්....

Anonymous said...

මොනවා උණත් මෙක හොද වැඩක් කවුරු කලත්.
ඕපන් සෝස්?අනේ එවා ගැන නම් කියලා වැඩක්නැ එවාට උගුර කැඩෙනකන් කතාකරන සමහර පුද්ගලයනුත් xp /vista/7 දාගන ඉන්නවා

නදුන් උයන said...

@änthräX කියපු දේ නොතේරීම ගැන මට සමා වන්න. නමුත් ලාභ ලැබීමේ අරමුණකින් තොරව කර්මාන්තයක් පවතිනවා කියන්නේ ප්‍රායෝගික නැති දෙයක්නෙ.
සිංහල කරනය වෙළඳ ගැටයක්ද නැද්ද යන්න මට තේරෙන්නේ නෑ.සමහර විට ඇත්ත වෙන්න පුළුවන්.මතකද විස්ටා එලි දැක්වීමේ ලංකාවෙ උත්සවයේ තේමාව... ඒකෙදිත් අපේ කම කියන දේට ඉහල Marketing Value එකක් දීල තිබුණ.ටී ෂට් එකෙත් හිටියෙ කුකුලෙක් ! සිංහල අකුරුත් එක්ක....
හැබැයි මෙහෙම ගැටළුවක් එනව... එතකොට මයික්‍රොසොෆ්ට් ට කලින් සිංහලකරණය වූ මෘදුකාංග ඒව සිංහලකරණය කළේ වෙළඳ අවශ්‍යතාවයකටද? සිංහලෙන් වැඩ කරන ජනතාවගේ අවශ්‍යතාවයටද?
අනේ මංද... මට නම් මේව තේරෙන්නේ නෑ හරියට....

"දරන්නපුලුවන් ගානකට windows products" ගැන කියල තියන නිසා පොඩි දෙයක් ලියන්නම්.මේක වැරදියට තේරුම්ගන්න එපා,මම මයික්‍රොසොෆ්ට් මාකට් කරනව කියල.ලංකාව ඇතුළු රටවල් කීපයකට විස්ටා අඩුමිල සංස්කරණයක් හඳුන්වා දීල තියනවා. විස්ටා ස්ටාටර් කියල. මේක මම දන්න තරමින් 5500 ත් 6000 ත් අතර මිලක් තමයි වෙන්නේ.හැබැයි විස්ටා අල්ටිමේට් වගේ වැඩ ගොඩක් බෑ.ගාන තවත් අඩුවෙනව නම් අපි කැමතියි. ඔෆිස් 2007 ටත් ඔය වගේ සංස්කරණයක් තියනව කියල ආරංචියි.

@දිසා : :-)

änthräX said...

"කලින් සිංහලකරණය වූ මෘදුකාංග ඒව සිංහලකරණය කළේ.."
ඔව්, foss වල සම්පූර්ණකතාව ඕකනෙ. වෙලාව සහ දෑනුම තියන අය තමන්ගෙ දෑනුමෙන්/වෙලාවෙන් අනිත් අයට වෑඩක් කරනවා.

අඩුමිල සංස්කරණය ගෑන මම නම් ඈත්තටම සතුටු වෙනවා. änthräX පණ යනකන් type කරකර මේ උත්සහ කරන්නෙ අපේ මිනිස්සුන්ට windows වෙනුවට linux පාවිච්චි කරන්න කියලා නෙමෙයි. පුලුවන් කට්ටිය සල්ලි දීලා ගන්න. සල්ලි වියදම් කරන්න බෑරි එත් වෙන software නිසා windows හොරට හරි පාවිච්චි කරන්න ඕනම කට්ටියත් එහෙම කරන්න. änthräX උත්සහ කරන්නෙ එහෙම නෑතුව කරන්නන්වාලෙ හොරට windows පාවිච්චි කරන කට්ටියව foss වලට පොළඹවන්න. මොකද අපි අතරෙ අම්බානක් ඉන්නවා linux ගොනිබිල්ලට දාලා මිනිස්සුන්ව windowsභාවිතයට ඈදගන්න ඈයො. අපේ foss බාවිතා කරන කට්ටියත් ඉතින් පුලුවන් තරම් උත්සහ කරන්නෙ ඈග බේරගන්න. (änthräX එයාලට වරදක් කියනව නෙමයි. එයාලට කියලත් වෑඩි යමක් කරන්න අමාරුයි නෙ ඔලුව බේරගන)

änthräX දෑකලා තියනවා අපේ කට්ටිය foss පාවිච්චිය ගෑන අපූරුවට පෑහෑදිලි කරලා ලිපි ලියලා තියනවා. windowsයි linuxයි සසදලා තියනවා. ප්‍රශ්නෙ ඕවා බලන්නෙ උවමනා මිනිස්සු විතරයි. එ වගේ නෙයි නෙ වලි යනකොට... අර සින්දුවක තියනවත් වගේ යුධ්ධ කතා බලන්නමලු නෙ වෑඩි දෙනා කෑමති. ඉතින් änthräX හිතුවා අලුත් strategy එකක් දෙන්නම් කියලා පුලුවාන් තරම් වලි වලට පෑටලෙන්න. ඈත්ත ලෝකෙ වගේ තමයි, ගහගන්න අයට support කරන්නයි බේරන්නයි ඉන්නෙ කීපදෙනා උනාට බලන්න ඉන්නවා අම්බානක්. ඔය බලන්න එන අයගෙන් එකෙක් හරි මෙව බලන් ඉදලා කරාටි පන්ති යන්න(linux ඉගනගන්න ) පටන් ගත්තොත් ඔය රන්ඩු වෙලා තුවාල වෙච්ච එව්වා, හිත් රිදවගත්තුව මහ දේවල් නෙමේ änthräXට.

නදුන් උයන said...

@anthraX: අනේ anthraX, ඔයා වලි වලට වෙන කාව හරි හොයා ගන්න.මම නැවත කියන්නේ මම මේ ලිපිය ලියුවේ windows - linux ගැන කතා කරන්න නෙමෙයි. සිංහලකරණය ගැන කතා කරන්න.
එදා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් තන්ඩබර්ඩ්-ෆයර්ෆොක්ස් ඇරඹි ගමන අද සුවිශේෂී ස්ථානයකට ඇවිල්ල.අන්න ඒව ගැන කතා කරන්නයි මට ඕන උනේ. උදාහරණයක් විදිහට Fire Fox වල "පූර්ණ තිරය" Internet Explorer වලට එද්දි "පුන් තිර" වීම ගැන වගේ දේවල් ගැන කතිකාවක් තමා මම මෙහිදී බලා පොරොත්තු වුණේ.
කවදාවත් මම නම් linux ගොනිබිල්ලට දාන්නෙ නෑ.නැවතත් කියන්නේ 2004දි සිංහල නොපික්ස් සීඩී එකක් අමාරුවෙන් හරි හොයාගෙන දාල බැලුවෙ සිංහලකරණය පිළිබඳ තියන ආසාව නිසා.
මින් ඉදිරියට මේ සංවාදයේදී සිංහලකරණය පිළිබඳ අදහස්දැක්වීම් වලට පමණක් මාගේ ප්‍රතිචාර ලැබෙනු ඇත.

änthräX said...

visitors welcome කියා තිබූ පුවරුවක ඊතලය වෑරදියට කියවා private party එකක gaycrasher කෙනෙකු වීම සම්බන්ධයෙන් අතිශය ලෑජ්ජාවට පත්වෙන අතරම අපහසුතාවයට පත්වූ party organizerතුමාගෙන් ගෙන් දනගසා සමාව අයදිමි. ඔබතුමාගේ නිවස ඉදිරිපිට වලි දමාගෑනීමෙන් වෑලකී සිටීමට උපරිමයෙන් උත්සාහ ගන්නා බවටද මෙයින් පොරොන්දු වෙමි...

නදුන් උයන said...

@änthräX: අනේ එහෙම අවුලක් නෑ.සමාව ගන්න දේකුත් මෙතන නෑනේ... එන්න..නදුන් උයනේ සැරිසරන්නට.... මින් ඉදිරියටත්... මගේ party එකට හැමදාමත් visitors welcome!!!

දොඩන් said...

දැන් Windows 7 සඳහාත් සිංහල අනුවාදය තිබෙනවා

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...